මත්තල ම ප්‍රශ්නයක් : ආදායමට වඩා 21 ගුණයකින් වියදම වැඩියි – ජාතික විගණන කාර්යාලය : ලෝකයේ අසාර්ථක ගුවන් තොටුපොළ අතර ඉදිරියට ම !

Share post:

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් පිරිවැය එහි ආදායමට වඩා 21 ගුණයකින් වැඩි බව  ජාතික විගණන කාර්යාලය අවධාරණය කරයි.

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ 2021 වාර්ෂික වාර්තාවේ සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් එම කාර්යාලය මේ බව පෙන්වා දී ඇත. අදාළ වාර්තාවට අනුව 2017 වසරේ සිට 2021 වසර දක්වා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 20.59කි.

මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාව මිලියනයකි. එහෙත් පසුගිය වසර 5ක කාලය තුළ එහි පැමිණ ඇත්තේ ගුවන් මගීන් 91,747ක් පමණක් බව ද එම වාර්තාවේ සඳහන් ය. මෙම හේතු මත මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා භාවිත කළ මුදල ඵලදායී ලෙස භාවිත කර නැතැයි තහවුරු වන්නේ යැයි ජාතික විගණන කාර්යාලය සඳහන් කර සිටී.

ලෝකයේ අසාර්ථක ගුවන් තොටුපොළ – බ්‍රිතාන්‍යය

අති විශාල මුදලක් වැය කොට ඉදිකළද, බලාපොරොත්තු වූ ආර්ථික ප්‍රතිලාභ නොලද අසාර්ථක ගුවන් තොටුපොළ ව්‍යාපෘති පිළිබඳ ලෝකයේ ඇතැම් රටවලින් වාර්තා වේ.

බ්‍රිතාන්‍යය යටතේ පවතින සෙන්ට් හෙලේනා දූපතේ ඉදිකරන ලද ගුවන් තොටුපොළ බ්‍රිතාන්‍යය මාධ්‍ය මගින් හඳුන්වනු ලැබුවේ ‘ලොව ප්‍රයෝජනයක් නොමැති ම ගුවන් තොටුපොළ’ ලෙස ය.

ඇමරිකානු ඩොලර් මිලියන 380ක වියදමින් ඉදිකරන ලද මෙම ගුවන් තොටුපොළ සඳහා ප්‍රතිපාදන ලබා දී ඇත්තේ එක්සත් රාජධානියේ විදේශ සංවර්ධන දෙපාර්තමේන්තුව මගිනි.

ස්පාඤ්ඤය

මේ අතර බංකොලොත් වීම හේතුවෙන් වෙන්දේසි කළ ගුවන් තොටුපොළක් පිළිබඳ 2015 වසරේදී ස්පාඤ්ඤයෙන් වාර්තා විය. මධ්‍යම ස්පාඤ්ඤයේ පිහිටි එම ගුවන් තොටුපොළ සඳහා ලැබී තිබුණු වැඩිම ලංසුව යුරෝ 10,000කි.

එය, ඒ සඳහා වැය කළ මුදල මෙන් ලක්ෂ ගුණයකින් අඩු අගයක් ලෙස මාධ්‍ය වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකාව

චීන ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ ඉදි කළ දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ද ප්‍රයෝජනයට ගනු ලබන්නේ ඉතාමත් අඩු වශයෙන් වන අතර මෙරට විගණන වාර්තා මගින් ද අවස්ථා ගණනාවකදී තහවුරු කර ඇත්තේ එය විශාල ලෙස පාඩු ලබන බවයි.

2013 වසරේ විවෘත කරන ලද මෙම ගුවන් තොටුපොළ සඳහා වැය කරන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 240කි.

2016 වසරේදී වී ගබඩා කිරීම සඳහා ද මත්තල ගුවන් තොටුපොළට අයත් ගොඩනැගිලි යොදාගැනිණි. එසේ ම මත්තල ගුවන්තොටුපොළ දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.

Related articles

පුටින්ගේ රුසියානු – යුක්රේණ යුද්ධය, නෙතන්යාහුගේ ඉරාණ-ඊශ්‍රායල යුද්ධය!ජාත්‍යන්තර නීතිය කඩ කර ඇත්තේ කවු ද?

ඊශ්‍රායල-ඇමරිකා සහ ඉරාණය අතර යුද්ධය ලෝකයේම නව දේශපාලනික කතිකාවතක් නිර්මාණය කෙරෙමින් පවතී. එක් අතකින් නූතන ගෝලීය ලෝකයේ අපගේ...

අධිරාජ්‍යවාදයේ දඩ බල්ලෝ…

ස්ත්‍රීන් සහ දරුවන් මරාදමමින්, පාසල් සහ රෝහල් වලට බෝම්බ දමමින්, ජනාකීර්ණ නගර සමතලා කරමින්, බෝම්බවලට ගොදුරුවූවන් සමඟ සෙල්ලම්...

මානව සංහතියේ අන්තය සමගින් එළැඹෙන AI යුගය කෙබඳුද ? (Human Edge in the AI Age )

2025 දෙසැම්බර් මස අතිශයින්ම වැදගත් පොතක් එංගලන්තයේ ලංඩන් නුවර පිහිටි පෙන්ගුයින් රැන්ඩම් නිවස ( Penguin Random House )...

අපර්ණා තම පරිණතභාවය පෙන්නුම් කළ චිත්‍රපටයක් Yugant (1995)

Yugant (1995)අපර්ණා සෙන් යනු තම නිර්මාණ දිවිය තුල විවිද වූ අත්හදා බැලීම් සිදු කළ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ බහුතරයක් චිත්‍රපට...