රනිල්ගේ ඉල්ලීමට පවත්වන ජනරජ පෙරහැර අද : සෘජු වියදම කෝටි 10 පනී : thetime.lk කර්තෘ මණ්ඩල මතය කුමක්ද ?

Share post:

රුපියල් කෝටි 10කට අධික සෘජු වියදමක් දරමින් පවත්වන විශේෂ ජනරජ පෙරහැර අද (19) පස්වරු 6.30 සිට මහනුවරදී වීදි සංචාරය කිරීමට නියමිත ය. මෙම වියදමට අමතරව රජයේ නිල වාහන ඇතුළු වෙනත් වියදම් සඳහා ද විශාල මුදලක් වැය කෙරේ.

දළදා මාලිගාවේ සිට මෙම පෙරහැර වීදි සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර, එය දළදා වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කෙරේ. මෙම පෙරහැර පැවැත්වෙන්නේ ජනාධිපති රනිල් විකරමසිංහගේ විශේෂ ඉල්ලීමක් මත ය.

දළදා මාලිගාවේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම පෙරහැර සඳහා අලි – ඇතුන් 45ත් – 50ත් අතර සංඛ්‍යාවක් සහභාගි වනු ඇති බවයි. වාර්ෂිකව පවත්වන ඇසළ පෙරහර මංගල්‍යයේ අවසාන රන්දෝලි පෙරහැර ආකාරයට ම මෙම පෙරහැර විචිත්‍රවත් ව වීදි සංචාරය කරන බව ද අදාළ ප්‍රකාශකයා පැවසීය.

මේ සඳහා ඇමතිවරුන්, තානාපතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිත ය. මහනුවර අවට සංචාරක හෝටල් රැසක මෙම පිරිස ඊයේ (18) සිට නවාතැන් ගෙන සිටී.

thetime.lk කර්තෘ මණ්ඩල මතය :

රට තුළ ඇති වී තිබෙන බරපතළ මූල්‍ය අර්බුදය හේතුවෙන් මේ වන විට රෝහල්වල ඖෂධ නොමැති වීම ඇතුළු ගැටළු රැසකට ජනතාව මුහුණ දෙමින් සිටී. එවැනි අවස්ථාවක මෙවැනි වියදමක් දරමින් විශේෂ පෙරහරක් පැවැත්වීම ගැටළු සහගත ය.

උසස් පෙළ සිසුන්ට විදුලිය ලබාදීම දුෂ්කර බව පවසමින් අඛණ්ඩව විදුලිය ලබානොදුන් වර්තමාන ආණ්ඩුව, විදුලි බිල වැඩි කිරීමෙන් පසු අඛණ්ඩව විදුලිය සපයමින් සිටී. ඒ අතර මෙම පෙරහැර විචිත්‍රවත් කිරීම සඳහා දැවැන්ත විදුලි ධාරිතාවක් වැය කිරීමට අපේක්ෂිත ය.

පෙරහැර සංස්කෘතික අංගය මෙරට ඇති විචිත්‍රවත් අංගයකි. එහෙත් ජනතාව මහත් දුෂ්කරතා හමුවේ, ජීවත් වීම සඳහා බරපතළ අරගලයක යෙදී සිටින තත්ත්වයක, එවැනි විචිත්‍රවත් සංස්කෘතිකාංගයක් විඳගැනීමට ජනතාවට හැකි ද යන්න බරපතළ ගැටළුවකි.

එසේ ම වියදම් කළ යුතු මූලිකත්වය අනුව ගත් විට, මෙවැනි වියදමක් මේ මොහොතේ අනවශ්‍ය වියදමක් බව පැහැදිලි ව අවධාරණය කළ යුතුය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...