පරිසරය හිලව් කොට ණය ගැනීමේ ගිවිසුමකට හෙට අත්සන් තබයි : රටට අරමුදල් ලබාගැනීම අපේ අරමුණයි – පරිසර අමාත්‍යංශ ලේකම්

Share post:

පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අරමුදල් සැපයීම (Debt for Nature) ඇතුළු වැඩසටහන් රැසක් සම්බන්ධයෙන් වූ විශේෂ ගිවිසුමක් හෙට (07) ශ්‍රී ලංකාව සහ ගෝලීය හරිත සංවර්ධන ආයතනය (Global Green Growth Institute – GGGI) අතර අත්සන් කිරීමට නියමිත ය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිත අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් සහ වර්තමානයේ ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ සභාපති බෑන් කි-මූන් (Ban Ki-Moon) අද (06) උදෑසන ලංකාවට පැමිණියේ ද මේ අවස්ථාවට සහභාගි වීම ඇතුළු සාකච්ඡා කිහිපයක් සඳහා ය.

‘හෙට අත්සන් කරනවා’

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී පරිසර අමාත්‍යංශයේ ලේකම් මෙන්ම ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ උප සභාපතිවරයෙකු වන වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ අදාළ ගිවිසුමට හෙට දිනයේදී ලංකාව පාර්ශ්වයෙන් තමන් සහ ගෝලීය හරිත සංවර්ධන ආයතනය පාර්ශවයෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් ෆ්‍රෑන්ක් රිජ්ස්බර්මන් (Frank Rijsberman) අත්සන් කරන බවයි. මෙම ගිවිසුම මගින් පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ අරමුදල් ලබාගැනීම, විකල්ප බලශක්ති ප්‍රවර්ධනය සහ නව තාක්ෂණික ක්‍රම මගින් සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සඳහා සහාය ලබාගැනීම ඇතුළු අරමුණු රැසක් ඉටුකරගැනීමට අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් අප කළ විමසීමේදී අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

සිදුවන්නේ කුමක්ද ?

මෙසේ පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අරමුදල් ලබාගැනීමේ මුවාවෙන් මෙරට පරිසර පද්ධති පාලනය විදෙස් රටවලට ලබාදීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව පරිසරවේදීහු දිගින්-දිගටම අනාවරණය කළහ. ඒ සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් මාසයේදී අප කළ විමසීමේදී පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා එවැනි සාකච්ඡාවක් පවතින බව තහවුරු කළේය. එහෙත් එය මුදල් අමාත්‍යංශය ඇතුළු වෙනත් රජයේ ආයතනවල කඹ ඇදීම් නිසා ප්‍රමාදවෙමින් තිබෙන බව ද එහිදී ඔහු පෙන්වා දුන්නේය.

03දා නොකී දේ

පසුගිය 03දා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමාජවාදී තරුණ සංගමයේ ක්‍රියාකාරීන් පිරිසක් සහ පරිසරවේදීන් පිරිසක් අමාත්‍යංශ ලේකම් අනිල් ජාසිංහ මුණගැසුණු අතර, එහිදී ද ඔහු මෙවැනි සාකච්ඡාවක් පවතින බව පමණක් සඳහන් කර තිබිණි.

කොහොමහරි ණය ?

කෙසේ වෙතත් ලෝක බැංකුවේ Ecosystem Conservation and Management Project – ESCAMP ව්‍යාපෘතිය මගින් සිදු කළ සිංහරාජ වනාන්තර සංවර්ධන ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති මගින් සිදු වූ වනාන්තර විනාශය පිළිබඳව පෙන්වා දෙන පරිසරවේදීහු, ලෝකයේ මෙවැනි ව්‍යාපෘති මගින් සිදු කළ වනාන්තර විනාශයන් සහ ජෛව මංකොල්ල පිළිබඳව කිසිදු අවධානයක් නොමැතිව මෙවැනි ගිවිසුම් මගින් ණය මුදල් ලබාගැනීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව ද අවධාරණය කරති.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...