“වනාන්තර, හා පාරිසරික විනාශ රැසක් සිදුවූයේ ආණ්ඩුවේ මැදිහත් වීමෙන්”

Share post:

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් 04.01.2023 දින කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පවත්වන ලදි.

2021 වසර මෙන්ම 2022 වසරේත් ලංකාව පුරා දැවැන්ත පරිසර විනාශයක් සිදුවිය. ජනපති හා ඇමති මණ්ඩලය මාරු වුවද පරිසර විනාශයේ වෙනසක් නොවූ අතර, එලෙස සිදු වූ මහා පරිමාණ පරිසර විනාශයන්ගෙන් සිදු වූ වනාන්තර විනාශය ප්‍රබලතම පාරිසරික හානිය ලෙස හැඳින්විය හැකිය. 1882 වසරේ 83% තිබූ වනාන්තර ප්‍රතිශතය මේ වන විට 16 % දක්වා අඩු වී ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී පූජ්‍ය කාරියමඩිත්තේ ඥානාරාම හිමි පවසා සිටියේය.
එම මාධ්‍ය හමුවට සහභාගි වූ පරිසරවේදී දිමුතු සඳරුවන් ප්‍රකාශ කර සිටි පරිදි මෙරට එක් දිනකට එක් අලියකු හෝ ඇතෙකු මියයෑම බරපතල ගැටලුවක් බවට පරිවර්තනය වීමත් සමග 2022 වසරේදී අලි මරණ 395 කට වැඩි ප්‍රමාණයක් සිදු වී ඇති බවත්, අලි මිනිස් ගැටුම අවම කිරීමට රජය කිසිදු පියවරක් නොගන්නා බවත් ඔහු පවසා සිටියේය.

මාධ්‍ය හමුව හමුව අමතමින් රංගන ශිල්පී චමින්ද ජයසූරිය ප්‍රකාශ කර සිටියේ පාරිසරික ප්‍රශ්නය සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍ය බවත්, පසුගිය වසර 74 මුළුල්ලේ මෙරට පාලන බලය හෙබවූ කිසිදු ආණ්ඩුවක් පරිසර ප්‍රශ්නය දෙස සැලකිය යුතු අවධානයක් යොමු නොකළ බවත්ය.

නීතිඥ ප්‍රබෝධ රත්නායක මාධ්‍යයට අදහස් දක්වමින් වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත, ජාතික පාරිසරික පනත වැනි නීති හා අණපනත් උල්ලංඝනය කරන්නේ මහජනතාවටත් වඩා ආණ්ඩුව බව එහිදී ප්‍රකාශ කර සිටි අතර පසුගිය කාලය පුරා සිදු වූ අලි මරණ, වනාන්තර විනාශය, හා වෙනත් පාරිසරික හානි රැසක් සිදුවූයේ ආණ්ඩුවේ මැදිහත් වීමෙන් බව පෙනෙන්නට තිබෙන අතර පාරිසරික යුක්තිය පසිඳලීම උදෙසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති එකඟතාවයන් ද පසෙකට විසිකර දමා පැමිණෙන සියලුම ආණ්ඩු තමන්ට රිසි ලෙස පරිසර විනාශය සිදු කරන බව ඒ මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටි අතර මේ සියලු බාධක හමුවේ පාරිසරික ප්‍රශ්නය ජයගැනීම උදෙසා අප සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව සඳහන් කළේය.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...