විදුලි කප්පාදුව : ලංකා ගුරු සේවා සංගමය ගොනු කළ පෙත්සම සලකා බැලීමට දින නියම කරයි

Share post:

ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනුකළ මුලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 14 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

ඒ එම පෙත්සම අද (06) සලකා බැලීම සඳහා ප්‍රියන්ත ජයවර්ධන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ ලැබූ අවස්ථාවේදීය.

එහි වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුළු පිරිසක් නම් කර ඇත.

අදාල පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින විභාග කොමසාරිස් ජනරාල්වරයාට යළි නොතීසි නිකුත් කරන ලෙස ද අධිකරණය විසින් නියම කර තිබේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් විසින් එම පෙත්සම ගොනුකර තිබුණු අතර පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීමක් නොකරන බවට ලංකා විදුලි බල මණ්ඩලය සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ප්‍රතිඥාවක් ලබා දුන් බවය.

එම ප්‍රතිඥාව කඩකරමින් වගඋත්තරකරුවන් විදුලි බලය කප්පාදු කිරීම නිසා උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට දැඩි අසාධාරණයක් සිදු වී ඇති අතර ඒ තුළින් ඔවුන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් අදාල පෙත්සමෙන් පෙන්වාදෙයි.

මේ අතර අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදුකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම (PUCSL) ගොනුකළ පෙත්සම සලකාබැලීම සඳහා මේ මස 8 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඒ අදාල පෙත්සම අද (06) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

සබැඳි පුවත්

උ.පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව : මණ්ඩලයෙන් ප්‍රතිඥාවක් : හදිසියි, කල්දාන්න බෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

උ. පෙළ සිසුන් වෙනුවෙන් HRCSL ශ්‍රේෂ්ඨාධිකරණයට

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...