කිසි තැනෙක ලියැවේද, කුරුල්ලෙකු පිළිබඳව, ගුවන් කරණම් අතර ඇදවැටුණු?

Share post:

හුරු පුරුදු පෙරහැරකි
බොහෝ දුර අතීතෙක සිට පැමිණි
ලෙයින් යකඩින් තැනූ
මළබැඳුණු සමරු සටහන් පමණි

අභිමාන පෙරදැරිව
දෙපස ඇහිරී පිරුණු හිතවතුනි,
දුටුවෙහිද කිසි දෙයක්
මෙයින් පෙර
මෙ’පෙරහැර තුළ නොදිටි?

හිරුරැසින් බබළමින්
පදක්කම්, වීරයන් වෙත පිදුණු
සිනාසෙන හඬ ඇසේ මග දිගට,
දෑස් ගිනිකන වැටුණු

කිසි තැනෙක ලියැවේද
කුරුල්ලෙකු පිළිබඳව
ගුවන් කරණම් අතර ඇදවැටුණු?

සන්නාහ සන්නද්ධ මතක
එකිනෙක ගැටී
නැගී එන හිස බමන කිරිකිරිය
වෙර සිඳී ගිය හදින්
කල්පයක් දරා ඉහිලිය හැකිද?

බොහෝ ඉපැරණි මතක
මගහැරුණ සිහින කඩතොලු අතර
නිදහසය කියන්නේ
පෙළපාළි – ආචාර වෙඩිමුර ද?

සෞම්‍ය සඳරුවන් ලියනගේ

© Photo by Wendy Wei from Pexels

Related articles

අඳුරු රාජ්‍යයේ කළු ජනවාරිය !

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ඊට අදාළ විමර්ශන සහ ලසන්ත නම් මාධ්‍යවේදියා කවරෙක්ද යන කරුණු විග්‍රහ කරමින් මාධ්‍යවේදී සනත් බාලසූරිය...

ආදර්ශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ආරම්භය හෙට BMICH හිදී – අගමැති හරිනි සහ හිටපු ජනපතිවරුන් ආරාධිතයන් අතර !

ආදර්ශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වන සංවාද කතිකාවක් හෙට (03) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත ය. ආණ්ඩු පක්ෂ...

අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකු ඝාතනය – සමාජය හා සාමයික කේන්ද්‍රයෙන් තොරතුරු කොමිසමට විශේෂ ඉල්ලීමක් !

කොටහේන පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකු කාක දූපතේදී පොලිස් වෙඩිපහරින් මරණයට පත්වීමේ සිද්ධියට අදාළ ව ශ්‍රී ලංකා පොලිසියෙන්...

ආපදා සහන සේවාවේ සිට පද්ධති වෙනස දක්වා !

රටේ සෑම ප්‍රදේශයකටම දිට්වා සුළි කුණාටුව එක හා සමානව බලපෑවේ නැත. මධ්‍ය කඳුකර ප්‍රදේශ අනෙකුත් ප්‍රදේශවලට වඩා අධික...