ඉතාලිය පකිස්තානු පූජකයා පන්නා දැමුවේ ඇයි? ලෞකික නීතියට හරස් වන ආගමික නීති හා සම්ප්‍රදායන් ඉවසිය යුතුද?

Share post:

දැන් දැන් ඉතා ප්‍රබලව දකින්නට පුළුවන් කාරණයක් තමයි ලෝකේ තියෙන සියලුම ආගම් විවේචනයට, සංවාදයට, විචාරයට ලක්වීම.
ලෝකයේ පවතින සෑම ආගමක්ම කල් ඉකුත් වී ගිය ඒවා. නූතන ලෞකික සමාජයට ඒවායින් ගත හැකි දේ වල් සීමිතයි. සෑම ආගමක්ම පුරවැසියන්ගේ විචාරයට, විවේචනයට, තාර්කික සංවාදයට ලක්වන්නේ මේ දුර්වලතාවන් නිසා. නමුත් මේ ආගම්වාදීන් බොහෝ මයක් කල්පනා කරන දෙයක් තමයි තම තමන්ගේ ආගම්වලට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණ, අන්‍ය ආගමික කුමන්ත්‍රණ ඇතැයි සිතීම.

පසුගිය සති දෙක තුළ අපට ලංකාවේ දී වඩාත්ම විචාරයට, සංවාදයට, විවේචනයට ලක් කරන්නට සිදුවූයේ බෞද්ධ භික්ෂූන් කිහිප දෙනෙකුගේ නීති විරෝධී සහ අපරාධමය කරුණු කිහිපයක්.

ඒ වගේම ඉතාමත් දැවැන්ත විදිහට බටහිර ශිෂ්ඨාචාරයේ ජීවත්වෙන ලෞකික මිනිසුන් ඉස්ලාමයේ එන ඇතැම් නීති- රීති සහ සම්ප්‍රදායන් ප්‍රශ්න කරමින් සිටිනවා. ඉස්ලාමය කියන්නේ ආගමක් පමණක් නෙවෙයි දේශපාලන ක්‍රමයක්ද වෙනවා. ඉස්ලාමයේ එන මේ නීති- රීති ශරියා නීතිය ලෙස හැඳින්වෙනවා. මෙන්න මේ ෂරියා නීතිය තමයි ලෝකයේ දියුණු රටවල ලෞකික මිනිසුන් ඉතාමත් දියුණු සහ තියුණු විදිහට ප්‍රශ්න කරමින් ඉන්නේ. බටහිර රටවල සංක්‍රමණිකයන්ට එරෙහිව දක්ෂිණාංශික කොටස් වර්ධනය වීමටත් ඇතැම් ඉස්ලාම්වාදීන් ඒ රටවල ෂරියා නීතිය ක්‍රියාත්මක කරන්නයි ඉල්ලා සිටීමත් බලපානවා. දැන් අලුත්ම සිද්ධිය මොකක්ද?

ඉතාලිය කියන්නේ තුන්වන ලෝකයේ සෑම රටකින්ම විවිධ ජාතීන් නීත්‍යානුකූලව සහ නීත්‍යානුකූල නොවන ලෙස සංක්‍රමණය වන රටක්. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, ආර්ථික සමෘද්ධිය ආදී කරුණු නිසා ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල ජනයා ඉතාලියට සංක්‍රමණය වෙනවා. නමුත් මේ විදිහට විදිහට සංක්‍රමණය වෙන අයගෙන් ඇතැම් දෙනා දැන් දැන් දියුණු ලෞකික රාජ්‍යයන් වල ලෞකික වටිනාකම් වලට එරෙහිව යන, ඒ රටවල දියුණු නීති රීති වලට එරෙහිව යන විවිධ ආගමික අන්තවාදයන් කරා යොමු වන ආකාරය දකින්නට ලැබෙනවා. මෙහිදී සඟවන්නට කිසි දෙයක් නෑ ඇතැම් අන්තවාදී ඉස්ලාමීය පූජකවරු තමන්ගේ ආගමික සම්ප්‍රදායන් වලට අනුව යමින් නූතන දියුණු බටහිර ශිෂ්ඨාචාරයේ වටිනාකම් සහ නීති රීතිවලට එරෙහිව ශරියා නීතිය හෝ වෙනත් ඉස්ලාමීය සම්ප්‍රදායන් අනුගමනය කරන්නට යනවා. අන්න එතැනදී තමයි ප්‍රශ්නය හටගන්නේ.

පසුගියදා ඉතාලි රාජය ඉස්ලාමීය පූජකයෙක් නැවත පකිස්ථානයට පන්නා දැමුවා. ඒ ඇයි? ඒ ඔහු ට ඉතාලි ලෞකික නීතියට එරෙහිව යමින් ගැහැණු ළමයකු වැඩිවියට පත් වූ විගස විවාහයට සුදුසු යයි කියා සිටීමයි. ඉතාලි නීතියට අනුව වයස අවුරුදු නවය දහය අතර ළමයකු විවාහ කර ගැනීම නීති විරෝධීයි. අලි කාශිප් – Ali Kashif නම් පාකිස්තාන ඉමාම්වරයා කියා සිටියේ දැරියක් වැඩිවියට පත් වූ පසු ඒ කියන්නේ වයස අවුරුදු 09-10 අතර දී විවාහයට සුදුසු බවයි. අවසානයේ ඉතාලි රජයට සිදුවුණා ඉතාලියේ එන නීති රීති සම්ප්‍රදායන් වලට එරෙහි ව දේශනා පවත්වන මේ ඉස්ලාමීය පූජකවරයා පිටුවහල් කරන්න. අවසානයේ ඉතා හොඳ දියුණු , නිදහස්, ආර්ථිකමය වශයෙන් සමෘද්ධිමත් රටක ජීවත් වූ පූජකයා පාකිස්ථානයේ අර අන්ත පසුගාමී තත්ත්වයට නැවතත් වැටෙන්න ඇති.

ඉතින් අප කියන්නේ කුමක්ද? ඉස්ලාමය පමණක් නොවේ අනෙකුත් ආගම් වල පවා බොහෝ දේවල් දේවල් නූතන දියුණු ලෝකයට ගැලපෙන්නෙ නෑ කියන එක. අන්තවාදී ලෙස ආගම්වල ඇලී ගැලී සිටින, ඒවායේ දේශනාවලින් මෝහයට පත් වී , මොළ සෝදාගෙන සිටින අය හැර අනෙක් මධ්‍යස්ථ ආගම් අදහන සියලු දෙනා ම මේ සමාජ යථාර්ථය පිළිගන්නවා. ඒ සියල්ලන්ම නිදහසේ අදහස් ප්‍රකාශ කොට මේ ලෝකය වඩාත් යහපත් තැනකට පත් කළ යුතුයි.

Athula Disanayaka

02.05. 2026

Related articles

“අපි හැමෝම තේ කොළ වගේ ඈන්මරී. උණුවතුරෙ පැහෙනකං තේ කොළ දන්නේ නෑ තමන්ට තියෙන හැකියාව.”

උක්ත උපුටනය විරාජිනී තෙන්නකෝන් නම් ලියන්නිය විසින් වැවූ කැමෙලියා දල්ලකින් කඩා ගත්තකි. උණූවතුරේ පැසෙන්නා වූ තේ කොළ මේ...

“ඔව්, මං සරාගිකයි. රාගික සිතුවිලි වැඩියි.” ‘ප්‍රේමයේ මහඇදුරු’ පටන් ගන්නෙ එහෙම

"මනෝවිද්‍යාත්මකව ගැහැනිය ඒක පුරුෂ නැහැ. බහු පුරුෂයි. පිරිමියා ඒක භාර්යා නැහැ. බහු භාර්යායි. කිසිම පිරිමියෙක් කවමදාක්වත් එක ගැහැනියකගෙන්...

පාස්කු ප්‍රහාරය ‘සිදු කර‘ – ‘මරා දැමූ‘ සාරාගේ කතාව !

2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කෙරිණි. තවදුරටත් එය සිදු විය කියන්නට නොහැකිය. එය සැලසුම් සහගත...

ගිනිගන්නා ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ හමුවේ මෝදිගේ අනාගතය !

අසල්වැසි ඉන්දියාවේ ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38-40 ඉක්මවා ඇති බව වාර්තා වේ. ඒ නිසා ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ජනතාව පසුවන්නේ අධික...