පොලිසිය වෙන ම පාරක : අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් හමුවීම වළක්වයි – පහරදීම්වලට ලක්වූවන්ට – ක්ලාන්ත වූ අයට ප්‍රතිකාරත් නෑ !

Share post:

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට නීතිඥ සහාය ලබාදීම පොලිසිය මගින් දිගින් දිගටම අවහිර කිරීම බරපතළ තත්ත්වයක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥවරු අවධාරණය කරති.

කොමිසමත් නොසලකා හරී !

ඊයේ (03) රාත්‍රී සහ අද (04) උදෑසන මෙසේ නීතිඥවරුන්ට සිය සේවාදායකයන් වෙත ප්‍රවේශ වීම මෙසේ පොලිසිය මගින් අවහිර කර තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් මීට මැදිහත් වුවද, කොමිෂන් සභාවේ උපදෙස් ද පොලිසිය පිළිපැද නැත. විරෝධතාකරුවන් සිව්දෙනෙකු වරාය පොලිසියේ මෙසේ රඳවාගෙන සිටී.

මොරින් නූර්, පියත් නිකේෂල, සහන් කෞෂණ පෙරේරා, සුගත් අර්ජුන් පෙරේරා මෙසේ රඳවාගෙන සිටින විරෝධතාකරුවන් වේ.

‘පහරදීම් – ප්‍රතිකාර නොකිරීම්’

මෙම පිරිස මුණගැසීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළ නීතිඥ ස්වස්තිකා අරුලිංගම්ගෙන් thetime.lk කළ විමසීමේදී ඇය පැවසුවේ අද දහවල් අදාළ පිරිස මුණගැසීමට හැකි වූ බවයි. ඒ අතරින් සුගත් අර්ජුන් පෙරේරා පහරදීම් නිසා බරපතළ තත්ත්වයෙන් අවස්ථා කිහියකදී ක්ලාන්ත වී තිබුණද, පොලිසිය ඔහුව කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් සඳහා යොමුකර නැති බව ද නීතිඥවරිය සඳහන් කළාය. මොරින් නූර්ට ද පහරදී ඇති බවත්, අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් සියල්ල පහරදීම්වලට ලක්වී ඇති බවත් පැවසූ ඇය, අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු වෙත තමන්ව යොමුකිරීමට අදාළ කටයුතු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටි බව ද අප කළ විමසීමේදී පැවසීය.

නිහඬ පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලිසියේ මෙම අත්තනෝමතික හැසිරීම සම්බන්ධයෙන් විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සම්බන්ධ කර ගැනීමට thetime.lk අවස්ථා ගණනාවකදී උත්සාහ කළ ද, ඔහු දිගින්-දිගටම දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

නීතියේ ආධිපත්‍යය ?

මේ අතර ජ්‍යෙෂ්ඨ නීතිඥ විරාන් කොරයා පෙන්වා දෙන්නේ 2018 අංක 5 දරන බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් ආරක්ෂා වීමේ අන්තර්ජාතික සම්මුති පනතේ 15(2) වගන්තියට අනුව අත්අඩංගුවට ගැනීමකින් පසු සෑම පුද්ගලයෙකුටම නීතිඥ සහාය ලබාගැනීමේ සහ ඥාතීන් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව සැලසීම අනිවාර්යෙන් කළ යුතු බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ද අවධාරණය කළේ මෙම අයිතිය අහිමි කිරීම බරපතළ තත්ත්වයක් බවයි.

විරෝධතාකරුවන් අත්අඩංගුවේ…
මොරින් නූර් අත්අඩංගුවේ…

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...