නොරටුන්ට ණය වෙලා, කොතෙක් කල් උන්නා ද

Share post:

ගාලු මුවදොර අහසෙ
ගුවන් කරණම් ඇතේ
වෙඩිමුර ම මහ ගොඩක්
ගිගුම් දෙයි හිතුමතේ
උත්සවාකාරයෙන් සමරන්නෙ
මගෙ හිතේ
සිංහයා පන අදින
එක වෙන්න ඇති පුතේ

නොරටුන්ට ණය වෙලා
කොතෙක් කල් උන්නා ද
මුතු ඇටේ අමුතු දේ
විඳ දරා ගත්තා ද
අන්තිමේ දරු පැටවු
හාමතෙන් මිය යාද
ඉස්සුවම කොඩිය
අභිමානයක් දැනුනා ද

සුද්දටත් වඩා
මේ රටට වින කළ එවුන්
එක්ව පලවාහරිමු ,
ඒක කළයුතු බැවින්
වහල් බැමි ලිහන්නට
බැරිව තවමත් සොවින්
සැවොම දැන් අවදිවව් !
ඉන්න බොරුවට නිදන්

විශාකා අබේරත්න

Related articles

ජෙයරාජ් ඝාතනයට අත්අඩංගුවේ සිටි පොලිස් අධිකාරි වහාම සේවයේ පිහිටුවන්න : පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියෙන් නියෝගයක්

හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට...

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...