කුඩා දැරියක් අපහරණය කිරීමේ සිද්ධිය සම්භන්ධව මේ දිනවල චෝදනා එල්ලවෙනවා ප්‍රසිද්ධ භික්ශුවකට.
මේ ආකාරයෙන් කුඩා දරු දැරියන් අපහරණය කිරීම ගැන ක්‍රිස්තියානි.. ඉස්ලාම් .. බෞද්ධ වැනි විවිධ ආගම්වල පූජකයන්ට චෝදනා එල්ලවෙනවා ඉතිහාසය පුරාවටම. අතවරකිරීම දෙමව්පියන්ගේ අනුදැනුම මත සිදුවීම තරම් අවාසනාවන්ත අප්‍රසන්න තත්වයක් තවත් නැහැ.
වයස අවුරුදු 9- 10 වැනි කුඩා වයසක දැරියන් වයෝවෘද්ධ පුද්ගලයන්ට විවාහකරදීම මේ වගේම කතාබහට ලක්විය යුතු අඳුරු මාතෘකාවක්.
ඉතාලියේ බ්‍රෙසීයා කියන කුඩා නගරයෙන් මේ වගේ සිද්ධියක් වාර්ථාවෙනවා පහුගිය අප්‍රේල් මාසයේදී. ලොම්බාර්දි පලාතට අයත් බ්‍රෙසීයා පිහිටන්නෙ මිලාන් හා වෙරෝනා නගර දෙක අතරතුර. අලි කශීෆ් පාකිස්තානයෙන් ඉතාලියට සංක්‍රමණය වුනු ඉස්ලාම් ඉමම් වරයෙක්. (Pakistani imam, Ali Kashif). බ්‍රෙසියා නගරයේ හා ඒ අවට ඉස්ලාම් පල්ලි තුල දේශණ පවත්වන කශීෆ් ගැන ප්‍රාදේශීය බලධාරීන්ට විවිධ පැමිණිලි අහන්න ලැබෙනවා. විශේෂයෙන්ම කුඩා දැරියන් විවාහකරදීම නීත්‍යානුකූල විය යුතු බවත් එය ඉස්ලාම් ආගමේ අයිතියක් බවත් මේ පුද්ගලයා තමන්ගෙ අනුගාමිකයන්ට ප්‍රසිද්ධියේම දේශනා කරනවා.
රීට් 4 (Rete 4) කියන රූපවාහීනී නාලිකාවේ මාධ්‍යවේදීන් දෙදෙනෙක් මේ ඉමම්වරයාගෙන් මේ පිලිබඳ ප්‍රශ්ණ කරනවා. ඔහු පැහැදිලිවම කියනවා වයස අවුරුදු 9ක දැරියක් වැඩිවියට පත්වෙලා නම් ඇය විවාහයටත් ලිංගික සබඳතා පැවැත්වීමටත් සුදුසුයි. එවැනි කෙනෙක් විවාහ කරගැනීම තමන්ගෙ ආගමට අනුව නිවැරදියි. ඒ සඳහා ඉතාලි රජය අවසර දිය යුතුයි යනුවෙන්.
මේ ප්‍රකාශය ර්‍ර්ට් 4 නාලිකාවේ ප්‍රචාරයවනවා.
මේ වැඩසටහන නරඹන ඉතාලි අගමැති ජෝර්ජියා මෙලනි (Giorgia Meloni) තමන්ගෙ නිළධාරීන්ට දැනුම් දෙනවා මේ සිද්ධියේ සත්‍යතාවය සොයා බලන්නත් පැය 24ක් ඇතුලත අදාල පුද්ගලයා පාකිස්තානයට පිටුවහල් කරන්නත්.
ඒ නියෝගකල ආකාරයටම මිලානෝ මල්පෙන්සා ගුවන්තොටුපලෙන් අලී කශීෆ්ව පාකිස්තානයට පිටුවහල් කරනවා.
මේ ආකාරයට අපි දැක්කා පහුගිය වසරේ පිටුවහල් කරපු සුල්ෆිකාර් ඛාන් සිද්ධිය. (Pakistani Imam Zulfikar Khan). හමාස් සංවිධානයට පක්ශපාතීව ඉතාලියේ නීතිය විවේචනය කරපු ඛාන්වත් මේ ආකාරයටම පිටුවහල් කරනු ලැබුවා.
රටක එක නීතියක් තිබීමේ වැදගත්කම අන්න ඒකයි.
ජෝර්ජියා මෙලනි සැලකෙන්නේ දැඩි තීරණ ගන්නා කාන්තාවක් ලෙසයි. නමුත් මහන්සිවෙලා වැඩකරන.. නීතියට අනුව ජීවත්වන සංක්‍රමණිකයන්ට මෙලනි පාලනයෙන් තර්ජනයක් එල්ලවන්නේ නැහැ.
ඉතාලියට සංක්‍රමණිකයන් අත්‍යාවශ්‍යයි.
විවිධ ආගම් තමන්ගේ වාසියට විවිධ නීති රීති හදාගන්නවා. මේ නීති අදාල රටේ හැමටම පොදු නීති පද්ධතියට අනුකූල විය යුතුයි. ඇෆ්ඝනිස්තානයේ ශරීයා නීතිය අනුව බිරිඳට තුවාල සිදුවෙනතෙක් පහරදීම නීත්‍යානුකූලයි. අස්ථි බිඳීමක් සිදුවුනේ නැතිනම් සැමියාගේ වරදක් නෑ.
හැබැයි මේ නීතිය ඉතාලියට හෝ ඉන්දියාවට අදාල නැහැ. මේ ගැන අවධානයෙන් නොසිටියහොත් සිදුවන්නේ ශරීයා නීති පිලිපදින අනෙකුත් සමාජවලටත් මේ නීති රීති හෙමින් සීරුවේ ඇතුලත්වීම.
බංග්ලාදේශයේ රොහින්ජා අනාථ කඳවුර තුල අද සිදුවන සිද්ධීන් මීට හොඳම උදාහරණයක්. රොහින්ගා කඳවුර තුල තරම් ළමා අපචාර සිදුවන තවත් තැනක් අපි ජීවත්වන ලෝකයේ නැහැ.
කුඩා දැරියන් විකිණීම.. තාවකාලිවකව විවාහ තුලට ඇතුලත් කිරීම හෙවත් නිශ්චිත කාලසීමාවකට විකිණීම කිසිවෙකුගේ අවධානයට යොමුවන මාතෘකා නෙවෙයි.
ආගම කුමක් වූවත් දරු දැරියන්ට තමාගේ ළමාකාලය අහිමි කිරීම සිදු නොවිය යුත්තක්. වයස අවුරුදු 9-10 දැරියක්ට පුළුවන්ද වැඩි මහළු පිරිමියෙකුගේ බිරිඳක් බවට පත්වන්න?
කුමන තරාතිරමක පූජකයෙක් වූවත්.. භික්ශූවක් වූවත්.. පාදිලි කෙනෙක් වූවත් ළමා අපයෝජනයට සම්භන්ධනම් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
ආන්දෝලනයට තුඩු දුන්නත් ඉතාලි රජය ගත් තීරණය කදිම උදාහරණයක් සපයනවා එක නීතියක් තිබීමේ වැදගත්කම පිලිබඳව.

