රනිල් තෛපොංගල් සංචාරයේ : උතුරේ විරෝධතා මර්දනයට තර්ජන සහ ජල ප්‍රහාර !

Share post:

උතුරේ සංචාරයක් සඳහා අද (15) සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහට විරෝධය පළකිරීමට දැවැන්ත පිරිසක් එක්ව සිටියහ.

අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්, යාපනය විශ්වවිද්‍යාලයේ සිසු-සිසුවියන් ඇතුළු විශාල පිරිසක් මෙසේ ආණ්ඩුවේ මර්දනය, බලහත්කාරයෙන් ආරක්ෂක අංශ මගින් ලබාගෙන ඇති ඉඩම් නිදහස් නොකිරීම, ජීවන වියදම් ගැටලුවලට විසඳුම් ලබානොදීම ඇතුළු ගැටළු රැසකට විසඳුම් ඉල්ලා මෙසේ විරෝධතාවල යෙදුණහ.

අද (15)ට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා උතුරේ විශේෂ සංචාරයක නිරත විය. මෙහිදී උතුරේ ආගමික නියෝජිතයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු පිරිසක් මුණගැසීමට ද  ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි.

කෙසේ වෙතත් ජනතාවගේ මෙම විරෝධතා මර්දනයට ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය කටයුතු කළේය. එසේ ම පොලිසියේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ හමුදාවේ විශාල පිරිසක් විරෝධතා මර්දනය සඳහා යොදවා තිබූ අතර, ඔවුන් විරෝධතාකරුවන් රැගත් බස් රථ නවත්වමින් අදහස් ප්‍රකාශනයේ නිදහස ඇහිරීමට අද දිනය පුරා කටයුතු කළ බව උතුරු පළාතේ සක්‍රීය මාධ්‍යවේදියෙකු වන කේ. කුමනන් thetime.lk වෙත පැවසීය.

ඔවුන් දිගින් දිගටම විරෝධතාකරුවන් ආපසු හරවා යැවීම සඳහා තර්ජනය කරමින් කටයුතු කර තිබේ.

උතුරු – නැගෙනහිර අතුරුදන්වූවන්ගේ මව්පියන් විසින් පවත්වනු ලබන අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 2,156කි. එහෙත් එම මව්පියන් හෝ පවුල්වල සාමාජිකයන් මුණගැසීමට ජනාධිපතිවරයා කටයුතු නොකළ අතර, ආරක්ෂක අංශ සාමාජිකයන් දැවැන්ත පිරිසක් වටකරගෙන සිය ආරක්ෂාව තහවුරු කරගැනීමට ජනාධිපතිවරයා ඇතුළු එහි ගිය ඇමතිවරුන් කටයුතු කිරීම කැපීපෙනිණි.

  • ඡායාරූප අනුග්‍රහය : කේ. කුමනන් / ප්‍රභාකරන් දිලක්ෂන්

Related articles

ගල් අඟුරු ටෙන්ඩරයේදී ස්වභාවික යුක්ති මූලධර්ම උල්ලංඝනය කරලා – නලින්ද පාර්ලිමේන්තුවේ කියපු 2016 නඩු තීන්දුව මෙන්න !

අධිකරණයේ හෘදය සාක්ෂිය කම්පනයට පත්කරන මට්ටමේ ගනුදෙනුවක් ගල් අඟුරු සම්බන්ධයෙන් සිදු වී ඇති බව 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය...

ගල් අඟුරු වංචාවලට පූර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් : නඩු දාන්නත් සූදානම් : අපි ලෑස්තියි සියල්ල අනාවරණය කරන්න – ඇමැති නලින්ද ජයතිස්ස

මෙතෙක් කාලයක් ගල් අගුරු ගෙන ආ සියලු නැව් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පුර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් පත් කරන බව...

ජෙයරාජ් ඝාතනයට සැක පිට අත්අඩංගුවේ සිටි පොලිස් අධිකාරි වහාම සේවයේ පිහිටුවන්න : පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියෙන් නියෝගයක්

හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට...

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...