රනිල් තෛපොංගල් සංචාරයේ : උතුරේ විරෝධතා මර්දනයට තර්ජන සහ ජල ප්‍රහාර !

Share post:

උතුරේ සංචාරයක් සඳහා අද (15) සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහට විරෝධය පළකිරීමට දැවැන්ත පිරිසක් එක්ව සිටියහ.

අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්, යාපනය විශ්වවිද්‍යාලයේ සිසු-සිසුවියන් ඇතුළු විශාල පිරිසක් මෙසේ ආණ්ඩුවේ මර්දනය, බලහත්කාරයෙන් ආරක්ෂක අංශ මගින් ලබාගෙන ඇති ඉඩම් නිදහස් නොකිරීම, ජීවන වියදම් ගැටලුවලට විසඳුම් ලබානොදීම ඇතුළු ගැටළු රැසකට විසඳුම් ඉල්ලා මෙසේ විරෝධතාවල යෙදුණහ.

අද (15)ට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා උතුරේ විශේෂ සංචාරයක නිරත විය. මෙහිදී උතුරේ ආගමික නියෝජිතයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු පිරිසක් මුණගැසීමට ද  ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි.

කෙසේ වෙතත් ජනතාවගේ මෙම විරෝධතා මර්දනයට ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය කටයුතු කළේය. එසේ ම පොලිසියේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ හමුදාවේ විශාල පිරිසක් විරෝධතා මර්දනය සඳහා යොදවා තිබූ අතර, ඔවුන් විරෝධතාකරුවන් රැගත් බස් රථ නවත්වමින් අදහස් ප්‍රකාශනයේ නිදහස ඇහිරීමට අද දිනය පුරා කටයුතු කළ බව උතුරු පළාතේ සක්‍රීය මාධ්‍යවේදියෙකු වන කේ. කුමනන් thetime.lk වෙත පැවසීය.

ඔවුන් දිගින් දිගටම විරෝධතාකරුවන් ආපසු හරවා යැවීම සඳහා තර්ජනය කරමින් කටයුතු කර තිබේ.

උතුරු – නැගෙනහිර අතුරුදන්වූවන්ගේ මව්පියන් විසින් පවත්වනු ලබන අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 2,156කි. එහෙත් එම මව්පියන් හෝ පවුල්වල සාමාජිකයන් මුණගැසීමට ජනාධිපතිවරයා කටයුතු නොකළ අතර, ආරක්ෂක අංශ සාමාජිකයන් දැවැන්ත පිරිසක් වටකරගෙන සිය ආරක්ෂාව තහවුරු කරගැනීමට ජනාධිපතිවරයා ඇතුළු එහි ගිය ඇමතිවරුන් කටයුතු කිරීම කැපීපෙනිණි.

  • ඡායාරූප අනුග්‍රහය : කේ. කුමනන් / ප්‍රභාකරන් දිලක්ෂන්

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...