උ.පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව : මණ්ඩලයෙන් ප්‍රතිඥාවක් : හදිසියි, කල්දාන්න බෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

Share post:

හෙට (පෙබරවාරි 03) දින දක්වා විදුලි කප්පාදුවක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබේ.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන බවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව ලබාදුන් එකඟතාව කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පසුගිය ජනවාරි 30 වැනිදා නඩුවක් ගොනු කළේය.

අදාළ නඩුව අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විදුලිබල මණ්ඩලය මෙම ප්‍රතිඥාව ලබා දී ඇත.

එහිදී මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් තම සේවාදායකයන්ගේ මත විමසීම සඳහා කාලය අවශ්‍ය බවත් එබැවින් එම නඩුව හෙට දින කැඳවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවා තිබුණු අතර, එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ පෙන්වා දී ඇත්තේ මෙය හදිසි කටයුත්තක් බැවින් කල්දැමීම සුදුසු නොවන බවයි.

ඒ අනුව අදාළ නඩුව යළි හෙට කැඳවීමට නියමිතය.

මීට අදාළ ව ලංකා ගුරු සංගමය මගින් ද ඊයේ (01) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකෙරිණි.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...