උ.පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව : මණ්ඩලයෙන් ප්‍රතිඥාවක් : හදිසියි, කල්දාන්න බෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

Share post:

හෙට (පෙබරවාරි 03) දින දක්වා විදුලි කප්පාදුවක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබේ.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන බවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව ලබාදුන් එකඟතාව කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පසුගිය ජනවාරි 30 වැනිදා නඩුවක් ගොනු කළේය.

අදාළ නඩුව අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විදුලිබල මණ්ඩලය මෙම ප්‍රතිඥාව ලබා දී ඇත.

එහිදී මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් තම සේවාදායකයන්ගේ මත විමසීම සඳහා කාලය අවශ්‍ය බවත් එබැවින් එම නඩුව හෙට දින කැඳවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවා තිබුණු අතර, එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ පෙන්වා දී ඇත්තේ මෙය හදිසි කටයුත්තක් බැවින් කල්දැමීම සුදුසු නොවන බවයි.

ඒ අනුව අදාළ නඩුව යළි හෙට කැඳවීමට නියමිතය.

මීට අදාළ ව ලංකා ගුරු සංගමය මගින් ද ඊයේ (01) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකෙරිණි.

සබැඳි පුවත්

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...