පේරාදෙණි පෙම්වතියක්

Share post:

ගමේ හිටියට මාත් දැන් පවුලක් වෙලා
උඹේ කටහඬ ඇවිත් හිත අවුලක් කළා
මහත්තයටත් හොරෙන් උඹ ගැන සිහිකළා
රහත් විය යුතු හිතක් උඹ මට පුදකළා

එදා සරසවි බිමේ ගිනි සිළුවක් වෙලා
ඇවිලි ඇවිලී උඹ ගියා පෙරමුණ බලා
හැඬූ මොහොතක් දුටුවෙ නැතුවට තනිවෙලා
කොයි වෙලාවෙත් උඹේ ඇස් දෙක රතුවෙලා

ගමේ ගිය විට උඹට මා සිහිපත් වෙලා
හම්බෙගමුවෙන් ගෙනා බත්මුල දිගු කළා
රාමනාදන් පියස උඩ තරුවක් වෙලා
උඹ මගේ හද එදා රඟමඬලක් කළා

දිනක් මහ රෑ නුවරදී උඹ කොටුවෙලා
වරක් බෝගම්බරත් සතුටින් ගත කළා
යළිත් නිදහස් වෙලා ඇවිදින් පියඹලා
මහත් සතුටින් කෑව ගුටි ගැන සිහිකළා

පරිප්පුව කන දනන්ගේ දහ දුක බලා
වෙඩිල්ලක් සේ ගියා උඹෙ හිත උණුවෙලා
දෑස් හැර ගත් මළ මිනී යට ගුලිවෙලා
උඹත් ඉන්නැති ටයර් සෑයක අළුවෙලා

එදා ගෙම්බා කැන්ටිමේ දී හමුවෙලා
නගෝ එන්නම් කීවෙ නුඹ වෙනතක බලා
ඈත පේරාදෙණියෙ අහස ම ගොළුවෙලා
මෙදා බැලුවත් නුඹේ ඇස් දෙක දැල්විලා

උඹේ උණුසුම් හුස්ම ඇති අවතැන් වෙලා
සොහොන් කොත් නැති සුසානෙක සුවඳක් වෙලා
බඩේ පිළිසිඳ වැඩුණු දරුවන් ලොකු වෙලා
මගේ දරුවන් අතර උඹ දරුවෙක් වෙලා

ගමේ හිටියට මාත් දැන් පවුලක් වෙලා
උඹේ කටහඬ ඇවිත් හිත අවුලක් කළා
මහත්තයටත් හොරෙන් උඹ ගැන සිහිකළා
රහත් විය යුතු හිතක් උඹ මට පුදකළා

කුමාර හෙට්ටිආරච්චි

Related articles

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...