Since my adolescence I have written poems ,and have never ceased writing them.My ambition was to be a poet and nothing but a poet In my books in prose it was my intention to serve poetry ,to justify and defined it,to explain it to others and to myself.
_Octavio Paz
එසේ වුවද කලාව සහ දර්ශනය යන ව්‍යායාම අතර වෙනස්කම් සහ පස මිතුරුතා යන දෙකෙහිදීම ඒ ව්‍යායාම දෙක ම එකිනෙකට සමාන ද එකිනෙකට සම්බන්ධ ද වේ. එනම් කලාව සහ දර්ශනය එකිනෙකට සමාන වන අවස්ථා ද ,එකක් අනෙක වෙත සම්බන්ධ වන අවස්ථා ද ඇත. කලාකරුවා හුදෙක් කලාවෙහි ප්‍රතිභා ශක්තිය ඇත්තෙකු හෝ ශිල්පීයකුසලතාවය ඇත්තෙකු සේ පමණක් නොසිට තේමා තෝරා ගැනීමේ දී ද ,අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දී ද ,සිය කලාවේ සමස්ත ඵලාප්තියේ දී ද ජීවිතය සහ පැවැත්ම පිළිබඳ විවරණ සපයන්නකු බවට පත් වේ නම් ඔහු දාර්ශනිකයෙකි .
කලාව සහ මිනිසා ලියනගේ අමරකීති
(අර්වින් එඩ්මන් ගේ කෘතියක පරිවර්තනය)
ලක්ශාන්ත ලෝකයේ දැවැන්ත කවියකුගේ කවි හැටක පරිවර්තනයක් සහිතව අප වෙතට එන්නේ ඒ කවියා සහ කවි ගැන ඉතා සිත්ගන්නා සුළු හැඳින්වීමක් ද කරමිනි .මීට පෙර ලක්ශාන්ත කළ සිපුම් සීරුම් කොනිත්තුම් සහ ආදර කවි විස්සක් සහ සුන් පැතුම් ගීතාවක් යන පරිවර්තන කෘති දෙකටත් වඩා ගැඹුරු සම්ප්‍රදානයක් මේ කෘතිය ඔස්සේ කරන බව පෙනේ. කවියා යනු කෙතරම් සංකීර්ණතා පෙන්විය හැකි මිනිසෙක් ද ඔහුගේ මුල් කෙතරම් මහ පොළොව ගැඹුරට විහිදෙන්නේ ද අතු ඉති අනන්ත අහස වෙත යොමු වන්නේ ද යන්න ලක්ශාන්ත ඉඟි කරන්නේ ව්‍යාජ පණ්ඩිතමානී බවකින් තොරව ය .
මිනිස් ජීවිතයේ සංකීර්ණතා ,මිනිස් සබඳතා, ලෝක විෂය වෙත හෙළන මුනිවර බැල්ම වැනි ලක්ෂණ පාස්ගේ කවියේ ඉතා සියුම් ලෙස දක්නට ලැබෙයි .පාස් කවිය බහුවිධ ස්වරූපවලින් පැවතිය හැකි දෙයක් බව පසක් කරගත් කෙනෙකු බව ලක්ශාන්ත කරනු ලබන පරිවර්තන ඇසුරෙන් වුව ද වටහා ගත හැකි ය .ලක්ශාන්ත ඉඟිය යන හිසින් යුතුව සිංහල බසට කරනු ලබන පරිවර්තනය මිනිස් ජීවිතයේ සංකීර්ණතාවය ඉතා සියුම් ලෙස ස්පර්ශ කරනු ලබනවා.කවියේ බහුශාබ්දික බව පෙන්නුම් කරන කවියක් ලෙසත් ඒ කවිය ගැඹුරු සාකච්ඡාවකට ගන්න පුළුවන් .ලක්ශාන්ත ඒ කවිය උපුටා දක්වා මෙබඳු අදහස් දැක්වීමක් ද කරනු ලබනවා.
“මේ කවිය යමකුගෙ ස්වභාවයකට දක්වන ප්‍රතිවිරුද්ධ චලනයක් ගැනයි කියන්නෙ.එක් ආකාරයකින් ජීවිතයේ තියන ප්‍රතිවිරෝධතා පිළිබඳ ගැඹුරු අදහසක් මෙහි ගැබ්ව ඇති බව දැනෙනවා.පුද්ගලයින්,සමාජය,මතවාද…මේ සෑම දෙයක ම දෙපැත්තක් තිබෙනවා. කවියා කියන්නෙ මේ දෙපැති ස්වභාවය ගැන ද? “
මේ සමාජය තුළ මිනිසාගේ ජීවිතය ගෙවෙන ආකාරය ගැඹුරින් ස්පර්ශ කිරීම සදහා පාස් රූපකය යොදා ගන්නා අයුරු ලක්ශාන්ත” වීදිය ” නමින් පරිවර්තනය කරනු ලබන කවිය ඇසුරෙන් සියුම් ලෙස විග්‍රහ කරනු ලබනවා.
වීදිය
වීදියක් එය දිගු නිහඬ
ඇවිද යනවා අඳුරේ මම
වැටෙනවා පා පැකිලී,නැගිටිනවා නැවත
ඇවිද යනවා අඳ ලෙස
තෙරපෙනවා මා දෙපයට,
වියළි පත් සහ නිහඬ සෙල් කැට
කවුරුන් හෝ එනවා මා පසු පස
තෙරපමින් පත් සහ සෙල් කැට
නවතිනවා ඔහුත් මා නවතින විට
දිව්වොත් මා දුවන්නට ගන්නවා ඔහු ද
හැරී බලනවා මම:
නෑ,කවුරුත් නෑ
කළුයි සැම දෙය නෑ පිටවුම් විවර
මේ මුළු අතර මං කැරකෙනවා හැරෙනවා නැවත
කිසිවකුත් බලා නොසිටින,හඹා නොඑන
වීදිය වෙත ම විහිදෙන තැනක
මම සොයනවා ඔහු ,පැකිලෙන නැවත නැගිටින
මා දුටු විට කතා කරන:
ඒත් නෑ.කවුරුවත් නෑ.
පසුගිය සමයේ අප අතරට පැමිණි සුනිල් විජේසිරිවර්ධනගේ ගිම්හානේ යන්න ගිහින් නම් කෘතිය මගින් ද රුසියානු කවියන් එකිනෙකා වෙත ආමන්ත්‍රණය කරමින් ලියූ කවි ගැන සාකච්ඡා කරනු ලැබුවා. ඔක්ටාවියෝ පාස් ද එබඳු භවීතයක යෙදුණුබව ලක්ශාන්ත තරමක් දිගු පෙරවදනේ දි අපේ අවධානයට ලක්කරනවා.
පළඟැටියකුගෙ නාදයකින් පවා අචින්ත්‍ය විශ්වයේ ස්වරමාලාවන්ට සවන් දීමට මේ විශිෂ්ට කවියාට තිබුණු හැකියාව ලක්ශාන්ත ඉතා සිත් ගන්නා ලෙස මේ කෘතියෙදී සාකච්ඡා කරනවා .පහත දැක්වෙන්නෙ එබඳු උද්ධෘතයක් .
“පළඟැටියකු නගන ලොහමය ශබ්දය මට ඇසුණා.රාත්‍රි අහසේ දෝංකාරය සහ කුඩා කෘමියාගේ සංගීතය අතර අමුතු සන්නිවේදනයක් එහි සිදු වුණා. මං මගෙ පේළි ටික ලිව්වා.
අහස හරි විශාලයි
එහි ඉහළට ලෝකය විසිරී යනවා
මෙතරම් රාතියකිනුත් නොසැලී
පළඟැටියා, කුරුමිණියා, තරු,කඳු ,වලාකුළු
ගස්, කුරුල්ලන්, කිකිළියන්, මිනිසුන්
පවතිනවා. “
සිංහල කවියට දැඩි සත්කාරයක් අවශ්‍යවන බව පරාක්‍රම කොඩිතුවක්කු කවියා වරක් පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කියා තිබුණා .ලක්ශාන්ත ඒ දැඩි සත්කාරය ලබා දිය හැකි ආකාර නොයෙක් ආකාරයෙන් සොයා බලන පර්‍යේෂණකාමී කවියෙක් . ඔහුගේ මේ ගැඹුරු ප්‍රයත්නය අපේ වැඩිහිටි කවියන්ගේ අවධානයට ලක්වේවා!