මියන්මාර හමුදාවට යුද අපරාධ චෝදනා : තවත් අපරාධ නඩුවක් !

Share post:

මානව හිමිකම් කණ්ඩායමක් සහ මියන්මාරයේ පුද්ගලයින් 16 දෙනෙකු මියන්මාර හමුදාවට එරෙහිව ජන සංහාර, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා කරමින් අපරාධ පැමිණිල්ලක් ගොනු කර තිබේ.
මියන්මාර හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති මෙම පැමිණිලිකරුවන් විශ්වීය අධිකරණ බලය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ඇත. ඔවුන් මෙම නඩුව ජර්මනියේ ෆෙඩරල් රජයේ ප්‍රොසිකියුටර් ජනරාල් වෙත ගොනු කර ඇත.

විශ්වීය අධිකරණ බලය යටතේ ජර්මනියේ ෆෙඩරල් රජයේ අභිචෝදක ජනරාල් වෙත මෙම නඩුව ගොනු කර ඇති අතර, අපරාධය සිදු කළ ස්ථානය ලෝකයේ කුමක් කොතැනක වුවත් බරපතල අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීමට එය ඉඩ සලසයි.
“මියන්මාරයේ හමුදාව සහ එහි නායකයින් විසින් සිදු කරන ලද ජන සංහාරය, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර යුක්තිය පතා අපි ජර්මනිය කෙරෙහි විශ්වාසය තබමු” යනුවෙන් Fortify Rights හි මණ්ඩලයේ සාමාජික නිකී ඩයමන්ඩ් පැවසීය.

මියන්මාර හමුදාව ” මිනිසුන් ක්‍රමානුකූලව මරාදැමීම, දූෂණය කිරීම, වධහිංසා පැමිණවීම, සිරගත කිරීම, අතුරුදහන් කිරීම, පීඩා කිරීම සහ ජන සංහාරය, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ වැනි වෙනත් ක්‍රියා සිදු කළ බව” එම ලිපියේ පැමිණිලිකරුවන් චෝදනා කර ඇත, Fortify Rights නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මියන්මාර ජෙනරාල්වරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැනටමත් ජාත්‍යන්තර අධිකරණයේ පරීක්ෂණයක් පැවැත්වෙන අතර සමූල ඝාතන නඩුවක් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පවතී. ක්‍රියාකාරීන් ආර්ජන්ටිනාවේ සහ තුර්කියේ ජාතික අධිකරණවල ද නඩු පවරා ඇත.

උපාලි ජයසිංහ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...