නේක සුන්දර හීන තිබුණත් – තව තවත් සිතිජය දුරයි

Share post:

සයුර හමුවන තැනක ගංදිය
බොහෝ රිදවුම් මුදා ලයි
දෑල හිරකර දරාගෙන හිටි
හිත් තැවුල් සළු උනා ලයි
මෙතෙක් දුර දැරු රැලිති රිද්මය
සයුරු රළටම දිය කරයි
පයක් පස්සට පවා අරගෙන
මුහුදු රැල්ලට ඉඩ හදයි

රිදෙන මුත් උස් රළ වදින විට
හද සියුම් කිතියක් නැගෙයි
උරුමයද ඒ නැතොත් සෙනෙහෙද
හිතන්නටවත් බය හිතෙයි
මුහුද අහසට එකතු වෙන බව
කී කතන්දර හිත පුරයි
නේක සුන්දර හීන තිබුණත්
තව තවත් සිතිජය දුරයි

දිගු දුරක් දුටු සොඳුරු නොසොඳුරු
දේ බෙදා ගන්නනට හිතෙයි
ඒත් මුහුදක රළ ගොසක හඬ
අතර ඒ හඬ මිළින වෙයි
කමක් නෑ ඒ නොවැදගත් දේ
මගේ හිත ඇතුළෙම රැඳෙයි
සිතා නැවතත් කරදියට
මිරිදියෙහි සිහිලස මුහු කරයි

දරාගෙන ආ මහා දිය කඳ
මොන තරම් සුළු දැයි සිතයි
ඒ දියත් ලුණු රසට එක්වන
අයුරු බලමින් නිහඬ වෙයි
ආදරේ නම් කැප කිරීමයි
ආයෙ ආයෙත් මතක් වෙයි
ගඟක හදවත වුනත් එතකොට
හීනියට ඉරි තලා යයි

සිතුමිණි රත්නමලල

Related articles

පාස්කු ප්‍රහාරය ‘සිදු කර‘ – ‘මරා දැමූ‘ සාරාගේ කතාව !

2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කෙරිණි. තවදුරටත් එය සිදු විය කියන්නට නොහැකිය. එය සැලසුම් සහගත...

ගිනිගන්නා ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ හමුවේ මෝදිගේ අනාගතය !

අසල්වැසි ඉන්දියාවේ ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38-40 ඉක්මවා ඇති බව වාර්තා වේ. ඒ නිසා ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ජනතාව පසුවන්නේ අධික...

සාම පාගමන සහ සංහිඳියාවේ පොරොන්දුව !

ජාත්‍යන්තර බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාවේ සාම පාගමනක් පැවැත්වූ අතර, එය රටේ බොහෝදෙනකු ස්පර්ශ කර ඇත. වියට්නාම...

ඉතාලිය පකිස්තානු පූජකයා පන්නා දැමුවේ ඇයි? ලෞකික නීතියට හරස් වන ආගමික නීති හා සම්ප්‍රදායන් ඉවසිය යුතුද?

දැන් දැන් ඉතා ප්‍රබලව දකින්නට පුළුවන් කාරණයක් තමයි ලෝකේ තියෙන සියලුම ආගම් විවේචනයට, සංවාදයට, විචාරයට ලක්වීම.ලෝකයේ පවතින සෑම...