70 දශකයේ කැලණිය විශ්වවිද්‍යාලය, හේවුඩය සහ “කලාවේ තේරුම කුමක්ද” කෘතියේ නොනිමි පෙරවදන.
මීට වසර පනහකට හැටකට පමණ පෙර ඔබ පාසලේ ෙජ්්‍යෂ්ඨ විභාගය සඳහා චිත්‍ර කලා විෂයට පෙනී සිටියේ නම් ඒ ප්‍රශ්න පත්‍රයෙන් අසන ලැබූ මාතෘකා කිහිපයක් සිතට එනු නිසැකය. වැසි දිනයක්, වෙළෙදාම් පොළ සහ පෙරහර උත්සවය වැනි එවැනි මාතෘකා ඔබට තවම මතක ඇතැයි සිතමි. මටද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමේදී එදා එවැනි මාතෘකා කිහිපයක් චිත්‍රයට නැගීම පිණිස ලැබී තිබුණෙන් මා තෝරා ගත්තේ ‘වැසි දිනයක්’ නමැති මාතෘකාව සිතුවමට නැ
ගීම බව මට හොඳින් මතකය. වැස්ස සතුට මෙන්ම පීඩාවද ගෙන දෙන්නකි. වැස්සෙන් පීඩාවට පත් කිහිප දෙනෙක් හබරල කොළ ඉහළාගෙන ගමන් කරන අයුරුත් ඔවුන්ගේ ඇඳුම් තෙත බරිතව ඇති අයුරුත් ඔවුන්ගේ සෙවණැලි කඩින් කඩ බිම වූ දිය කඩිති මතට වැටී ඇති අයුරුත් මම එදා දිය සායමින් පින්තාරු කළෙමි. විභාග ප්‍රතිඵල ලැඛෙන විට මට චිත්‍ර කලාව විෂයට ඉහළම සාමර්ථයක් ලැබී තිබිණ.
වේයන්ගොඩ මහ විදුහලේ චිත්‍ර කලා භාර ගුරුතුමිය වූ කුසුම් රණසිංහ මහත්මිය අපේ සමත්කම් ගැන සතුටට පැමිණියාය. එක් දිනක් ගුරුතුමිය මට පුවත්පත් දැන්වීමක් ගෙනවිත් දුන්නාය. එහි වූයේ රජයේ කලා හා ශිල්ප විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේ ඉල්ලම් පත්‍රයකි. මේ කාලය වන විට මගේ ඥාති සොහොයුරකු වූ ඩබ්ලිව්. ගුණසිරි මහතා වෙත, නිවාඩු අවස්ථාවල ගොස් සිතුවම් ඇඳීමට ඉගෙන ගැනීමත් ඔහුගේ නිර්මාණ කටයුතු වෙනුවෙන් සහය ලබාදීමත් මම විටින් විට සිදුකළෙමි. ඔහු එකල රැකියාව කළේ් සිලෝන් තියටර්ස් සමාගමට අයත් ලංකා චිත්‍රාගාරයේ චිත්‍ර හා මූර්ති අංශයේ ප්‍රධානියා ලෙසනි. ඔහුද හේවුඩ් හෙවත් රජයේ කලා හා ශිල්ප විද්‍යාලයෙන් කලාව හැදෑරුවෙකි.
මා රජෙයේ කලා හා ශිල්ප විද්‍යාලයට ඇතුළත්වීම සඳහා තෝරා ගෙන ඇති බව එහි විදුහල්පතිවරයා වූ තිස්ස රණසිංහ මහතා වෙතින් ලිපියක් ලැඛෙන විට මම උසස් පෙළ හදාරමින් සිටියෙමි. අප විදුහලේ විදුහල්පතිවරයා ද හේවුඩ්හි චිත්‍ර හා මූර්ති කලාව හැදෑරූ කෙනෙකු වූ හෙයින් මා ඒ තෝරාගැනීමේ ලිපිය ගෙනගොස් එතුමාට පෙන්වූයේ මහත් සතුටකින් යුතුවය. කොළඹට ගොස් චිත්‍රකලාව හැදෑරීමේ අදහස ගැන එතුමාගෙන් උපදෙස් විමසූ විට ඔහු ගත් කටටම පැවසුවේ තමුන් හේවුඩ් යනව නම් විදුහලෙන් අස්ව යායුතු බවය. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට ඉඩ දිය නොහැකි බවය.
එකල අපේ උසස් පෙළ පන්තිභාර ගුරුවරයා වශයෙන් පැමිණ සිටියේ ප්‍රකට කවියෙකි. වාමංශික අදහස් දැරූ ඔහු දක්ෂ ගුරුවරයෙකි. නම ඩැනී කේ. තාඹුගලය. ඔහු මට රහසේ උපදෙසක් ලබාදෙමින් චිත්‍ර කලාව හැදෑරීමට යාම පිණිස මට දිරි දුන්නේය. එතුමාගේ උපදෙස් අනුව මම උදෙන්ම පාසලට පැමිණ වටයක් දෙකක් පාසලේ කැරකී හිඳ විදුහල්පතිතුමන්ට නොදැනෙන්ට හත හමාරේ කෝච්චියේ නැගී කොළඹ ගියෙමි. කෙසේ හෝ මගේ පැමිණීමේ අඩුපාඩු මඟහරවා මට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාවක් ලබාදීමට තාඹුගල සර්ට හැකි විය.
රජයේ කලා හා ශිල්ප විද්‍යාල පරිශ්‍රය එකල මට විස්තර කළ නොහැකි අන්දමේ අපූර්ව අත්දැකීම් රාශියක් ලබා දුන් සොඳුරු ස්ථානයක් විය. විදුහල පිහිටා තිබුණේ කොළඹ හොර්ටන් පෙදෙසේ පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිල්ලකය. ගොඩනැගිල්ල අවට භූමිය මෙන්ම දෙවැනි මහලේ පිහිටි විසල් ශාලාව තුළ ද නොයෙකුත් මූර්ති නිර්මාණ හා සිතුවම් රැසක් දකින්නට ලැබුණෙය. බොහොමයක් ඒවා ග්‍රීක සම්භාව්‍ය මූර්ති නිර්මාණවල සුවිශාල අනු රූය. බොහොමයක් නිරුවත් රූප වූ හෙයින් ගම්වලින් කොළඹ ගිය අප තුළ ඒවා දැකීමෙන් එදා යම් කිසි චකිතයක් ඇතිවූ බව සඳහන් කළ යුතුය.
ගුරුවරුන් වශයෙන් එදා එහි සිටි සියලූ දෙනාම රටේ ප්‍රකට කලාකරුවෝය. චිත්‍ර අංශය, මූර්ති අංශය හා අනෙකුත්් කලාශිල්ප උගන්වන අංශයන් වෙන් වශයෙන් එහි දක්නට තිබුණේය. මූර්ති අංශය භාරව තිබුණේ විජෙසේකර මහතා හා රාජපක්ෂ මහතා යන සූර මූර්ති කලාකරුවන් දෙදෙනා හටය. ලෝහ කැටයම් අංශයයේ ප්‍රධානියා සූරේන්ද්‍ර මහතාය. තවත් රෙදි පිළි වර්ණ ගැන්වීම, සම් කැටයම් හා මැටි බඳුන් නිර්මාණ අංශයන්ද දක්නා ලැබිණ. සිතුවම් කලාව ඉගැන්වීමේදී සම්ප්‍රදායික දේශිය සිතුවම් කලාව ගැන එස්. පී චාල්ස් මහතා සමග වනිගතුංග මහතාද සිසුන්හට ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබාදීමට සමත් වූහ. සජීව රූප ඇඳිීම ඉගැන්වූයේ එච්. බී පෙරේරා සහ විජේරත්න යන මහත්වරුන්ය. පොදුවේ ඇඳීම හා පින්තාරු කිරීම ඉගැන්වූයේ ආරියසේන, ඇල්බට් ධර්මසිරි, කරුණාරත්න, සල්දින්, මැල් යන මහත්වරුන් හා හංවැල්ල සහ පොල්පිටිය වැනි ගුරුතුමියන් බව මතකය. එහි විදුහල්පතිවරයා වූ තිස්ස රණසිංහ මහතා බොහෝ විට සිසුන් සජීව චිත්‍ර අඳින අයුරු, පසෙක හිඳිමින් නිරීක්ෂණය කළ සැටිද මට මතකය. සජීව චිත්‍ර ඇඳීමේදී මොඩල ලෙසින් පිරිමි අය පෙනී සිටියහ. එකල මගේ ෙජ්්‍යෂ්ඨ මිතුරකු වූ රත්නසේන කොඩිකාර වරක් පැවසුවේ ඔවුන් එහි ඉගෙන ගත් මුල් වසරවල දී ජේෂ්ඨ සිසුන් වෙනුවෙන් නිරූවත් රූප සඳහා මොඩල ලෙසින් කාන්තාවන් ද පෙනී සිටි බවය. මුල් කාලයේ තමන්ද දොර වසා තිබුණු, සජීව රූප ඇඳීමේ කාමරයට යතුරු සිදුරෙන් එබී බැලු බවය. “ඒකේ ඒ තරම් දෙයක් නැහැ මචං…ඒත් අපේ අවාසනාවට ඒ හිටපු ගැනු කෙනාට ඒ කාලේ බඛෙක් හම්බවෙන්ඩ හිටිය නිසා අපේ පන්තියේ අයට සජීවී ස්ත්‍රි රූප ඇඳිමේ අවස්ථාව අහිමි වුණා” යනුවෙන් ඔහු පැවසුවේ මහත් කනගාටුවෙනි.
සමහර සිසු සිසුවියන් මෙන්ම ආදි සිසුන් ලෙසින් විටින් විට පැමිණෙන දක්ෂයන් ද අඳින කටු රූප සටහන්වල කොටස් අපට නිතර ඇස ගැසෙන්නේ කැන්ටිමේ ඇල්මේනියන් තහඩු ලෑලි සහිත මේස මතය. බී 5 පැන්සලෙන් සරුවට අඳිනු ලබන එවැනි රූප ඛණ්ඩ, කැන්ටිමේ අයිතිකරු පැමිණ තෙත රෙදි කැබැල්ලකින් පිසදා දමන තෙක් එසේම රැඳී පවතියි. කැන්ටිමේ බිත්ති මතද එවැනි රූප සටහන් බොහෝය. බල්ලන්ගේ විවිධ ඉරියව් හා ක්‍රියාකාරකම් සරල රේඛා මගින් සිතුවම් කිරීමට සමත් දක්ෂ චිත්‍ර ශිල්පියකු වූ රත්නායක සිසුන් අතර වඩාත් ප්‍රකටය. ඔහුට හිතවත් සිසුන් ඔහු හැඳින්වූයේ බලූපූට්ටු රත්නායක යන අන්වර්ථ නාමයෙනි. එකල මෙරටට පැමිණ සිටි මානී නමැති ශ්‍රේෂ්ඨ ඉන්දියානු මූර්ති ශීල්පියාගේද සිසුවෙකු ලෙසින් මූර්ති කලාවට සම්බන්ධව සිටි රත්නායක සූර මූර්ති ශිල්පියෙක් විය. මහනුවර කැප්පෙටිපොළ ප්‍රතිමාව ඔහුගේ විශිෂ්ට නිර්මාණයකි.
හැට නමය වසරේ මා රජයේ කලා හා ශිල්ප (හේවුඩ්) විද්‍යාලයට ඇතුළුවීමෙන් අනතුරුව මම උසස් පෙළ විභාගයද සමත්ව සිටියෙන් 1970 වර්ෂයේ අධ්‍යයන කටයුතු සඳහා කැලණිිය විශ්වවිද්‍යාලයටද මා තෝරාගනු ලැබ තිබිණ. ඒ අනුව මම විශ්වවිද්‍යාලය හා කලාශිල්ප විද්‍යාලය යන දෙකෙහිම ඉගැනීම ලබමින් සිටියෙමි. එකල කැලණිය විශ්වවිද්‍යාලයේ මට මුණ ගැසුණ ශ්‍ර්ෂ්ඨතම සිසුවා හා ශිෂ්‍ය සංගම් නායකයා වූයේ විමල් වසන්තය. ඔහු චිත්‍ර ශිල්පියෙක්ද විය. අවාසනාවකට මෙන් ඔහු 71 අරගලයේදී මිය ගියේය.
එකල විශ්වවිද්‍යාල සිසුන්ගේ නිර්මාණ අවශ්‍යතාවන් වෙනුවෙන් චිත්‍ර ආදිය ඇඳ දෙනු ලැබුවේ ෙජ්්‍යෂ්ඨ සිසුවන් වූ ගීතසේන කටුපොත වැන්නන් විසිනි. ඔවුන්ගෙන් පසුව ඒ කාර්ය නිරන්තරයෙන් මා වෙත ද පැවැරිණ. එදා අප සමග සිටි සිසුන් කිහිප දෙනෙකුගේ කවි හා කෙටිකතා පොත්වලට පිටකවර මම නිර්මාණය කර දුනිමි. නාට්‍ය කලා අධ්‍යක්ෂණයට හා වේදිකා සැරසිලිවලට ද මම සහය ලබා දුනිමි. රංජිත් ධර්මකීර්ති මහතාගේ ‘හස්තිරාජ මහත්තයා’ නමැති විකාර රූපී නාටකය එකල විශ්වවිද්‍යාලයේ ප්‍රද්ර්ශනය සඳහා අඩු මුදලකට මහා ශිෂ්‍ය සංගමයට ලැබී තිබුණේ එය එදා ප්‍රේක්ෂකයා අතර එතරම් ජනප්‍රිය නොවුණ නාට්‍යයක් වූ නිසාය. ශිෂ්‍ය සංගමය මගෙන් ඉල්ලා සිටියේ එම නාට්‍ය ගොඩ දා දෙන ලෙසය. ජනප්‍රිය නොවුණද එය චිත්‍ර කලාකරුවකු පිළිබඳව කියැවෙන එය අපූරු නාටකයක් විය. කැලණිය විශ්වවිද්‍යාල ශාලාවේදි එය ප්‍රදර්ශනය කිරීමට පෙර සිට මම එහි පූර්ව ප්‍රචාරක කටයුතු පටන් ගතිමි. ඒ අනුව හස්තිරාජ මහත්තයාගේ මූර්තියක් නිර්මාණය කර එය ශිෂ්‍ය විවේකාගාර කැන්ටිමේ බැල්කනි බිත්තිය මත රඳවා නාටකයේ නම සහිත පුවරුවක් මූර්තියෙන් පහතට එල්ලා වැටෙන්නට සැලැස්විමි. විශ්වවිද්‍යාල පිවිසුමෙහි මා ඇඳි අඩ නිරුවත් කාන්තාවකගේ නවීන සිතුවමක් සහිත කටවුට් එකක් ප්‍රදර්ශනය කළෙමි. එදා නාට්‍ය ශාලාව සිසුන්ගෙන් පිරී ඉතිරී ගියේය. පසු කලෙක රංජිත් මහතා මා හමුවූ විටෙක මට පැවසුවේ ඒ නාටකයට වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹා තිබුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ දී පමණක් බවය. මේ හැරුණකොට එකල ෙජ්්‍යෂ්ඨ සිසුවකුව සිටි පියසෝමගේ හා මගේ වසරේ සිටි ජස්ටින් ජයවර්ධනගේ ඉල්ලීම මත මා දිවුලපිටිය නගරයෙහි අඩි තිස් හතරක් උස වෙසක් තොරණක් ඉදිකිරීම මට අමතක නොවන්නකි. 1972 වසරේ දී ‘තක්ක ජාතකය’ පිළිබිඹු කෙරෙමින් ඇඳි මේ තොරණ සතියක් පුරා ප්‍රදර්ශනය වුව ද මා එය සිතුවම් කළේ කිසිම මුදල් අය කිරීමකින් තොරවය.
මට පසුව වසරේ විශ්වවිද්‍යාලයට පැමිණි ගැමිණි අබේකෝන්ද චිත්‍ර ඇඳිමේ සහජ හැකියාව ඇත්තෙක් විය. ඔහු සමග මම විශ්වවිද්‍යාලයේ ද්විපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්විමි. ඊට පෙර මහා ශිෂ්‍ය සංගමයේ සංවිධානයෙන් යුතුව සීවලී ඉලංගසිංහ මහතා සමගද සිතුවම් ප්‍රදර්ශනයක් පැවැත්විමි. ඉක්බිතිව විශ්වවිද්‍යාලයේ කලා කටයුතුවලට වඩාත් සහය ලබාදුන්නේ ගාමිණිගෙන්ය. ශිෂ්‍ය සංගමයේ වාර්ෂික සඟරාව
වෙනුවෙන් මා ඇඳි පිටකවරය තරමක් සංකීර්ණ එකක් වූ බව මාද පිළිගත් හෙයින් අබේ ඇඳි කවරයක් ඒ සඳහා තෝරා ගැනිණ. ගාමිණි හත්තොට්ටුවගම මහතාගේ ‘රංග කැබලි හා සංගීත සොච්චමක්’ නාටකයේ වේදිකා සැරසිලිවලට අපි දෙදෙනාම උනන්දුවෙන් යුතුව සහය ලබා දුන්නෙමු.
හත්ටේටුවගම මහතා ඉංග්‍රිසි අංශයේ කථිකාචාර්යවරයකු ලෙසින් කටයුතු කළද විවේක අවස්ථාවලදි ආචාර්යවරුන්ගේ විවේකාගාරයට නොගොස් විශ්වවිද්‍යාලයේ පරණ කැන්ටිමේ හිඳ, තේ බොමින් සිසුුන් හා රැඳී සිටිම සිරිතක්කොටගෙන සිටියේය. එකල ඉංග්‍රිසි විෂය හැදැරුවේ හතක් අටක් පමණ සීමිත සිසුන් පිරිසකි. ඔවුන්ගේ පැමිණිම අඩු සමහර දිනවල හත්තොට්ටුවගම සර් දුරින් පිහිටි ඉංග්‍රීසි අංශ දේශන ශාලාවට නොගොස් කැන්ටිමේ හිඳිමින් තම සිසුන්ට විෂය කරුණු කියා දුන්නේය. ඉංග්‍රීසි හැදෑරු සිසු පිරිස අතරින් දයානි, යමුනා, පීටර්, චන්ද්‍රරත්න හා ඒකනායක වැන්නන් නිතර කැන්ටිමේ දකින්නට ලැබිණ.
දිනක් මනෝරංජනී නමැති ජේෂ්ඨ සිසුවිය හත්තොට්ටුවගම සර් සොයා එම කැන්ටිම වෙත පැමිණියාය. තරමක් හැඩකාර සිසුවියක් වූ ඇය සර් සිටි තැනට මඳක් ඈතින් හිඳ සර් සමඟකතා කරමින් සිටියාය. තවත් කිහිපදෙනෙකුත් සම
ග මමද එහි සිටියෙමි. මම තේ බොමින් පුරුද්දක් ලෙසින් කැන්ටිමේ ඇල්මේනියන් මේස ලෑල්ල මත කාබන් පෑනෙන් සුම්මා ඉරි අඳිමින් සිටියෙමි. මා වෙත හැරුණු හත්තොට්ටුවගම මහතා ‘වීරේ මේ මනෝරංජනීව චිත්‍රයකට අඳින්න බැරිද?’ යනුවෙන් උස් හඬින්ඇසුවේය. එයින් ලජ්ජාවට පත් ඇය වහා වහා එතැනින් ඉවත්ව ගියාය. පසුව කීප වතාවක්ම ඇගේ රැව සිතුවමට න
ගන ලෙස සර් මගෙන් ඉල්ලා සිටියද මගෙන් එය ඉටු නොවිණ. එහෙත් අප නිතර වාඩිවී සිටින මේසය සමීපයේ ඇති තවත් මේසයක නිතර වාඩිවීමට එන සිසුවියන් දෙදෙනකුගෙන් එක් සිසුවියකගේ රැවක් දිනක මගෙන් මේස ලෑල්ල මත කාබන් පෑනෙන් සිතුවම් විණ. එවිට එහි සිටි සර් මෙන්ම අනෙක් සිසුන්ද රොක්ව මේසය මත මා ඇඳි ඇගේ රුවත්, අසල මේසයේ වාඩිවී සිටි සිසුවිය දෙසත් ඔච්චමට මෙන් වරින්වර හැරී බලන සැටි පෙනිණ. කැන්ටිමේ කොලූවා මේසය පිස දමන තෙක් ඒ රූප සටහන මේසය මත එසේම තිබිණ. සිතුම් ඇඳිම ඉබේටම සිදුවන්නකි. කෙනෙකුට එය බලහත්කාරයෙන් කරවාගත නොහැකිය. මේස ලෑල්ල මත මෙන්ම අතට හසුවන කඩදාසි කැබලි මතද කටු සටහන් ඇඳිම මට කලක් තිස්සේ පුරුද්දකට ගොස් තිබිණ. පසු කලෙක මා රැකියාව කළ තැන්වලට ද පැමිණි මිතුරු රසිකයන් කිහිප දෙනෙක්ම කියා සිටියේ මා සිතුවම් ඇඳිම වෙත නැවත යොමුවිය යුතු බවය. කඩදාසි මත කුරුටු ගෑම හෝ ස්කෙච් ගැසීමේ පුරුද්ද මෑතක් වන තුරුම මගෙන් ඉවත් වූයේ නැත. එය අත්හැරුණේ පෑන වෙනුවට පරිගණික අකුරු පුවරුවට මා යොමු වීමත් සම`ගය. කලකට පෙර සිතුවම් අඳින ලෙස කියමින් මනෝරම පුතු අලූක් ඊසලයක් හා කැන්වස් කිහිපයක්ද නිවසට ගෙනවිත් දී තිබුණද මගෙන් යමක් ඇඳුනේ නැත.
71 කැරැල්ලෙන් පසුව තාවකාලිකව විශ්වවිද්‍යාල වසා දැමිණ. රජයේ කලාශිල්ප විද්‍යාලයද වසා දමා නැවතත් ඉක්මනින් පටන්ගත් පසු එහි විදුහල්පති තනතුරට පත්ව ආවේ අධ්‍යාපන අමාත්‍යංශයේ පරිපාලන නිලධාරියෙකි. තිස්ස රණසිංහ විදුහල්පතිතුමා විදේශ ගතව සිටියේය. ඒ වන විට මා එහි දෙවැනි වසර අවසන්කොට තිබිණ. තෙවන වසර හෙවත් අවසන් වසරට පිවිසීමේ දී මගේ පැමිණිමේ අඩුපාඩු නිසා මා නව විදුහල්පතිවරයා වෙත කැඳවනු ලැබිණ. මගේ පැමිණීමේ අඩුපාඩු ගැන සැක කළ ඔහු ඊට හේතු දක්වන ලෙස කියා සිටියේය. මා කැලණිය විශ්වවිද්‍යාලයේ ද ඉගෙනීම කරන බව එහිදී මට කියන්නට සිදු විය. ඔහුගේ තීරණය වූයේ ආයතතන දෙකක ඉගෙනිම සිදු කිරීමට මට නීතියෙන් අවසර නැති බවය. ඒ අනුව මට කලා හා ශිල්ප විද්‍යලයෙන් කලාව හැදෑරීම අත්හැර දමන්නට සිදු විය.
එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගැන්වෙන සම්ප්‍රදායික විෂයන් හැදෑරීමට හෝ දේශනයන්ට සවන්දීමට මම එතරම් කැමැත්තක් නොදැකිවිමි. සැබැවින්ම මා දැඩි කැමැත්තක් දැක්වූයේ චිත්‍ර කලාව හැදෑරීම කෙරෙහිය. කෙසේ හෝ ආර්ථීක විද්‍යාව විෂය අසීරුවීම නිසා මා ජී. ඒ. කිවූ පරික්ෂණයෙන් අසමත් විය. එසේ අසමත් වන්්නේ විශ්වවිද්‍යාල සිසුන්ගෙන් සියයට එකක් පමණ සුළුතරයකි. ඒ දෙතුන් දෙනාට මම ද අයත් විමි.
එදා විශ්වවිද්‍යාල විෂය මාලාවේ පවතින ඒකාකාරි බව නිසා දෝ 1972 වර්ෂයේ දී නව විෂයන් කිහිපයක් කැලණිය විශ්වවිද්‍යාලීය අධ්‍යාපන පද්ධතියට එක් විය. ජන සන්නිවේදන විධි විෂය ද ඒ අතර විය. මේ විෂය හැදෑරීම සඳහා තෝරා ගනු ලැබුවේ වැඩිම ලකුණු ලැබූ සිසු සිසුවියන්ය. කමල් කරුණානායක ආචාර්ය තුමන්ගේ මූලිකත්වයෙන් ආර්ථීක විද්‍යා අංශය යටතේ ආරම්භ කළ මේ විෂය ධාරාව සඳහා සිසුන් තෝරා ගැනීම එතුමාත් ආචාර්ය විමල් දිසානායක හා එඩ්වින් ආරියදාස යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් එම අංශයේදී වහා සිදු කෙෙරිණ. මට ද ඒ සම්මුඛ පරික්ෂණය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාවක් ලැබිණ. මා හේවුුඩ් ආයතනයෙන් චිත්‍ර කලාව හා මූර්ති කලාව හදාරා ඇති නිසාත් වෙනත් කලා කටයුතුවල නිරතව සිටි නිසාත් මේ නව විෂය හැඳෑරීමට කැමත්තක් දක්වන බව මම එදා සම්මුඛ පරීක්ෂණයේදී කියා සිටියෙමි. තව දුරටත් ආර්ථීක විද්‍යාව වැනි විෂයක් හැදෑරීමට ගිය හොත් මා නිසැකයෙන්ම උපාධිය අසමත් වන බවද කීවෙමි. එකල ආර්ථීක විද්‍යා අංශයේ ප්‍රධානියා වූ ආචාර්ය කමල් කරුණානායක මහතා මගේ කතාවෙන් කෝපයට පත්වූ බවක් පෙනිණ. එතුමා ඒ බවක් නොපෙන්වා බලා සිටියේය. ‘මනුෂ්‍යයා තමන් මහත් අර්බුදකාරි අදහසක්නේ ප්‍රකාශ කළේ…’ සිනා මුවින් යුතුව එඩ්වින් ආරියදාස මහතා එවිට පැවසූවේය. එතුමා බොහෝ විට ලියන බසින් දෙඩුවේය. ආචාර්ය විමල් දිසානායක මහතා මා වෙනුවෙන් කතා කරමින් ඒ වන විට මගෙන් ප්‍රායෝගික ලෙසින් ජන සන්නිවේදනට අදාළ කටයුතු රැසක් සිදුව ඇති බව තමා දන්නා බව කියා සිටියේය. කෙසේ හෝ මා ජන සංන්නිවේදනය උපාධි පාඨමාලාව හැදැරීම පිණිස තෝරාගෙන තිබිණ. ජන සන්නිවේදනය විෂය සඳහා මුල්ම සිසුන් කණ්ඩායමට තෝරාගත් දහ අට දෙනාගෙන් අට දෙනක් භික්ෂු සිසුවෝය. තිදෙනෙක් සිසුවියන් වූ අතර අනෙක් හත් දෙනා සිසුවෝ වූහ. එයින් එක් සිසුවෙක් ඒ වන විටත් මහජන බැංකුවේ රැකියාවක යෙදී සිටියේය. සිනමාව ජන සන්නිවේදනයෙහි ප්‍රමුඛ විෂයක් විය. චිත්‍රපට නරඹා නොතිබුණ භික්ෂු සිසුන් හත් දෙනෙක්, එම විෂය හැදෑරීම උදෙසා වූ උද්යෝගය නිසා දෝ මඳ කලකින් සිවුරු හළහ. එක් හිමි නමක් සිවුරු හැරියේ නැත. උන්වහන්සේ සිනමාව විෂයක් ලෙසින් තෝරා ගත්තේ ද නැත.
ඉන් පසුව වූ සිදුවීම් පිළිබඳව තොරතුරු මේ ලිපියට අදාළ වන්නේ නැත. එකල ජන සන්නිවේදන විෂයට අදාළව පොත් ප්‍රකාශන කටයුතු ගැන අවබෝධයක් සිසුන් වෙත ලබා දීම පිණිස කේ. ජයතිලක මහතා බාහිර කථීකාචාර්යවරයකු ලෙසින් පැමිණි හෙයින් අපට ඒ මහතා මා හඳුනාගන්නට ඉඩ ලැබිණ. ඔහු අපට පොත් ප්‍රකාශනය සම්බන්ධ කාරණා උගන්වන විට සිදුවන වචන පිටවීමේ ප්‍රමාදයන් කරණකොට ගෙන මම අරමුණකින් තොරව මම විටිව් විට කඩදාසියේ කොනක කුරුටු ගෑමද කළෙමි. පසුව එය නිරීක්ෂණය කළ ඔහු විභාගයට ලියා අවසන් වූ විට තමන් හමුවන ලෙස මට පැවසුවේය. මම එදා එය එතරම් දුරට සිතට නොගත්තෙමි.
විභාගයට ලිවීමෙන් පසුව වරක් හදිසියේ කොළඹ ගිය විටෙක උසාවිය පාරේ පිහිටි ප්‍රදීප ප්‍රකාශන ආයතනය වෙත මම ගොඩ වැදුනෙමි. එතුමා මා හැඳින ගත්තේය. තොරතුරු කෙටියෙන් දැක්වූ කේ. ජයතිලක මහතා තමන්ට පොත් පිටකවර කිහිපයක් ඇන්ඳවා ගැනීමට අවශ්‍ය බව පැවසුවේය. එතුමාගෙන් ලත් විස්තරවලට අනුව මම ඉක්මනින්ම එය ඉටුකර දුනිමි. මුලින්ම කවර ඇන්ඳේ ජී. එස්. බී සේනානායක මහතාගේ පොතකට හා ජයතිලක මහතාගේ ‘අතීරණය’ නමැති කෙටිකතා පොතටය. ඔහු ඒ සඳහා රුපියල් හතළියක මුදලක් හා පොතක පිටපත බැගින් මට ලබා දීමට කාරුණික විය. චිත්‍ර කලාවේ නියැලීමෙන් මා මුදලක් උපයා ගත් මුල්ම අවස්ථාව එයය. එකල රුපියල් හතළිහක් යනු විශාල මුදලක් බව කිව යුතුය. ඉන් පසුව ද ඔහුගේ ඉල්ලීම අනුව තවත් පොත් පිටකවර කිහිපයක් නිමකර දුනිමි. වරක් කේ. ජයතිලක මහතා පැවසුවේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ‘ගැහැනියක්’ කෙටිකතා සංග්‍රහය නැවත පළකිරීමට බලාපොරොත්තු වන බැවින් ඒ සදහා සුදුසු කවරයක් ඇඳ දෙන ලෙසය. මා එය ඇඳ දුන් විට ජයතිලක මහතා එයට මහත් කැමැත්තක් දැක්විය. එහෙත් වික්‍රමසිංහ මහතා එයට එතරම් රුචියක් නොදක්වන ලද හෙයින් දෝ ඔහු මුණගැසී කතා කරන ලෙස, වික්‍රමසිංහ මහතාගේ ලිපිනය මට ලියාදෙමින් ජයතිලක මහතා පවසා සිටියේය. එය සුපුරුදු රේඛා සිතුවම් ආශ්‍රිත පිට කවරයක් නොව නවීන හැඩතල මතුකෙරෙන පිට කවරයක් විය.
ඒ කෙසේ වුවද මට මාර්ටින් වික්‍රමසිංහ මහතා මුණගැසෙන්ට යාමට නොහැකි විය.
ඉන් පසුවද මා මගේ හිතවතුන් වෙනුවෙන් පොත් පිටකවර රැසක්ම නිර්මාණය කර දී ඇති මුත් කිසි විටකත් මුදලක් ලබාගෙන නැත. මෙතෙක් මගෙන් නිමවුණ පොත් පිටකවර ප්‍රමාණය 150 කට වැඩි යැයි සිතමි. පොතක පිටකවරයක් යනු පොතක වැදගත් අංගයකි. එහෙත් බොහෝ ලේඛකයෝ එහි අගය නොදනිති. හිතවත්කම වෙනුවෙන් මුදල් අයකිරීමකාන් තොරව මා ඛෙහෝ දෙනාට පොත් පිටකවර සිතුවම් නිර්මාණය කර දුන්න ද අඩු තරමින් ඒ වෙනුවෙන් පොතක් ලබාදීමෙන් කෘතඥතාවක් දක්වන්නට පවා මැලිවන හිතවතුන් ඇති බව මම අත්දැකීමෙන් දනිමි. එදා පැවති බ්ලොක් තාක්ෂණයට අනුව කවරයක වර්ණ පිටපත් වූයේ පැතලි ආකාරයකටය. ‘අතීරණය’ කෘතියට මා ඇඳි මුල් කවරය හා එයින් මුද්‍රිත වූ මෙහි දැක්වෙන පිටකවරය ඊට කදිම උදාහරණයකි.
මා චිත්‍ර කලාව ගැන විටින් විට පුවත් පත් සඳහා ද ලිපි ලීවෙමි. චිත්‍ර කලාකරුවන් පාදක කොටගෙන ලියැවුණ විදේශ නවකථා කිහිපයක් ද සිංහල පාඨකයන්ට හඳුන්වා දී ඇත්තෙමි. කලකට ඉහත තිස්ස රණසිංහයන් විසින් ලයනල් වෙන්ඩට් කලාගාරයේ පවත්වනු ලැබූ ඒක පුද්ගල මූර්ති ප්‍රදර්ශනය නැරඹිමට ගිය මම එතුමන් හමුව සාකච්ඡා කරමින් එතුමාගේ නිර්මාණ අරබයා විවේචනාතමක ලිපියක් පුවත්පතක පළ කළෙමි. එතුමා එය ඛෙහෙවින් අගය කළේය. මෙරට පුවත්පත්වල චිත්‍ර කලාව හා මුර්ති කලාව අරබයා ලිපි පළවන්නේ ඉතාම කලාතුරකිනි.
හර්බට් රීඩ් සූරීන්ගේ ‘කලාවේ තේරුම කුමක් ද’ යන මේ අගනා කෘතිය සිංහලට එක් කිරීම පිණිස කලාව පිළිබඳ මා දරන අදහස් ද, මගේ පෞද්ගලික පුස්තකාලයට වැදී නිතර නිතර කරන ලද කියැවීම් හා හැදෑරීම් ද ඉවහල් වූ බව සඳහන් කරනු කැමැත්තෙමි.
සේනාරත්න වීරසිංහ
‘ප්‍රභා’ ප්‍රකාශකයෝ