එක්දින පිටියේ ද්විත්ව ශතකයක් වාර්තාකළ ලාබාලතම ක්‍රීඩකයා අද ඉන්දීයාවෙන්

Share post:

නවසීලන්තයට එරෙහිව ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු Shubman Gill ජාත්‍යන්තර එක්දින පිටියේ සිය මංගල ද්විත්ව ශතකය රැස්කිරීමට අද (18) දිනයේ සමත් විය.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු තරගයේ අද (18) Shubman Gill පන්දු 149කට මුහුණදෙමින් ලකුණු 208ක් රැස්කළේය.

ඔහුගේ ඉනිමට හයේ පහර 9ක් සහ හතරේ පහර 19ක් ඇතුළත් වූ අතර එහි විශේෂත්වය නම් එක්දින ක්‍රිකට් පිටියේ ද්විත්ව ශතකයක් වාර්තාකළ ලාබාලතම ක්‍රීඩකයා වන්නේ 23 හැවිරිදි වියේ පසුවන Shubman Gill ය.

මේ සමඟ එක්දින තරගවලදී ඉන්දියාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් රැස්කළ 5වන ක්‍රීඩකයා වන්නේද ඔහුය.

තෙන්ඩුල්කාර්, රෝහිත් ශර්මා, විරේන්ද්‍ර ෂෙවාග්, ඉෂාන් කිෂන් මීට පෙර එක් ද්විත්ව ශතක රැස්කර ඇත.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 349ක් රැස්කර ගැනීමට සමත්විය

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...