එක්දින පිටියේ ද්විත්ව ශතකයක් වාර්තාකළ ලාබාලතම ක්‍රීඩකයා අද ඉන්දීයාවෙන්

Share post:

නවසීලන්තයට එරෙහිව ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු Shubman Gill ජාත්‍යන්තර එක්දින පිටියේ සිය මංගල ද්විත්ව ශතකය රැස්කිරීමට අද (18) දිනයේ සමත් විය.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු තරගයේ අද (18) Shubman Gill පන්දු 149කට මුහුණදෙමින් ලකුණු 208ක් රැස්කළේය.

ඔහුගේ ඉනිමට හයේ පහර 9ක් සහ හතරේ පහර 19ක් ඇතුළත් වූ අතර එහි විශේෂත්වය නම් එක්දින ක්‍රිකට් පිටියේ ද්විත්ව ශතකයක් වාර්තාකළ ලාබාලතම ක්‍රීඩකයා වන්නේ 23 හැවිරිදි වියේ පසුවන Shubman Gill ය.

මේ සමඟ එක්දින තරගවලදී ඉන්දියාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් රැස්කළ 5වන ක්‍රීඩකයා වන්නේද ඔහුය.

තෙන්ඩුල්කාර්, රෝහිත් ශර්මා, විරේන්ද්‍ර ෂෙවාග්, ඉෂාන් කිෂන් මීට පෙර එක් ද්විත්ව ශතක රැස්කර ඇත.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 349ක් රැස්කර ගැනීමට සමත්විය

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...