ඔවුහු ජීවත්වීම පිණිස පරදු නොතබන්නේ මොනවාද ?

Share post:

කවාහ් ලිජන් ( Kawah Ijen ) සල්ෆර් පතල්

එක් දිනක් ජීවත්වෙන්න ඔවුහු තම ජීවිතයේ කොතරම් අවුරුදු ගණනක් පරදු තබනාවදැයි කිසිවෙක් නොදනී
ලෝක‍‍යේ විශාලතම ඇසිඩ් විල තියෙන්නේ ඉංදුනීසියාවේ නැගෙණහිර ජාවා දූපත්වලය. ඒ ප්‍රදේශය හදුන්වන්නේ බන්යුවාංගි රීජන්සි යනුවෙනි. විල නිර්මාණය වී තිබෙන්නේ වටේ ඇති ගිනි කදු මධ්‍යයේ ඇති විශාල ආවාටයකය. මෙම ආම්ලික විලට ළගාවීමට ආවාටය මුදුනේ සිට පැය දෙකක දුෂ්කර හා අතිශය අසීරු ගමනකින් පහතට බැසිය යුතුව ඇත .ඇසිඩ් විලට ඉහළින් අහස දෙසට මුව අයා සිටින්නේ කවාහ් ලිජන් ගිනි කන්දයි. එය ස‍ක්‍රිය ගිනි කන්දකි. කවාහ් ලිජන් දිනපතා උනුසුම්, ගිනි අවුලුවන සල්ෆර් වායුව වාතලයට මුදා හරින අතර මෙම වායුව ඔක්සිජන් බහුල වාතලයට එකතුවනවිට ගිනි ගනී. එම ගිනි, දහවල් කාලයේ මිනිස් ඇසට නොපෙණන අතර රාත්‍රී කාලයේදී දිප්තිමත් නිල් වර්ණයකින් යුතුව හුළං හමන දිශාවට නිවෙමින් පත්තුවෙමින් තිබේ. විල වටා එනම් ගිනි කන්ද පාමුල විටින් විට සක්‍රිය වන ගිනිකන්දේ අභ්‍යන්තර මැග්මා මතුපිටට පැමිණ ලාවා බවට පත්වෙමින් ගලාගොස් ඒව ඝණීභවනය වී අති විශාල සල්ෆර් තලාවක් නිර්මාණය කර ඇත.

සල්ෆර් යනු වෙළද පොලේ හොද ඉල්ලුමක් ඇති රසායනික අමුද්‍රව්‍යයකි. එකී අමුද්‍රව්‍ය වෙනත් රසායනිකයන් හා සංයෝග කර සල්ෆේට්, පොස්පේට් පොහොර, සල්ෆියුරික් අම්ලය , කෘමිනාශක සහ දිලීර නාශක වැනි නිපදවීම් කරත්. ඉහත සදහන් නිෂ්පාදන ද්‍රව්‍ය කිසිසේත් මිනිසාගේ ශරීර සෞඛ්‍යට සුවදායි ද්‍රව්‍ය නොවේ. සල්ෆර් වායුව අධික දුර්ගන්ධයකින් යුක්තය. මේ ක්‍රියාකාරී ගිනි කන්දෙන් පිටවන හානිකර ද්‍රව්‍ය මිනිස් ජීවිතයට කිසිසේත් නොගැලපේ – එය ඇස් වලට පහර දී දෑස් අන්ධ කර දමයි, පෙනහළු දියකර හරියි, සම පුලුස්සයි. එහෙත් අවම වශයෙන් මුකවාඩමක් හෝ සිය මුහුණතේ රදවා නොගත් අන්ත දූගී ඉන්දුනීසියානුවෝ දෙසීයක් හෝ තුනසීයක් සෑම දිනකම මෙම සල්ෆර් ගොඩ ගනිති. මේ දුගී පතල් කම්කරුවන්ට අත්වැසුම් සහ වෙස් මුහුණු වැනි ආරක්ෂිත උපකරණ ලබා ගත නොහැක, නැතහොත් ඒවා ඔවුන්ගේ කාර්යයට බාධාවක් වන බැවින් ඒවා අත්හැර දමති.. මේ අති දූෂ්කර බෑවුම මිටර් 2,600 කි. ඉනුත් සල්ෆර් නිම්නයට තවත් මීටර් 200 ක සෘජු බෑවුමක් පසුකල යුතුය. ඔවුහු මේ සදහා සිය නිවෙස් වලින් පිටවන්නේ පාන්දර දෙකේ සිටය. එක් මිනිසෙක් සාමාන්‍යයෙන් කිලෝ 50 ක සල්ෆර් ගොඩ දමති. එක් කිලෝවකට වැටෙන්නේ ඇ.ඩොලර් දශම 12කි. එනම් කිලෝ පනහටම ඩොලර් 6 කි. මේ සොච්චම් මුදලට පරදු තබන්නේ තම ශරීරයේ කුමණ අංගයද කුමණ ඉන්ද්‍රයදැයි මේ අහිංසකයෝ නොදනිත්.

එය එතැනින් ඉවර නැත. ඩොලර් 6 උපයා ගැනීමට කිලෝ 50 ක සල්ෆර් බරද කර තියාගෙන නැවත ආවාටය මුදුනට නැගිය යුතුය. ඉනුත් නොනවැතී ඒවා මිලදී ගන්නා ස්ථානයට තවත් කිලෝ මීටර් 12 ක් පයින් යා යුතුය. ඒ කඩතොලු හා අවාට පිරි පරිසරයේ වාහන ගමනාගමනය නැත.

සිය ජීවිතය ගොඩදා ගැනීමට මාරාන්තික විෂ වායු ආඝ්‍රානය කරමින් පතල්වල දුගී මිනිසුන් දෙසීයක් තුන්සීයක් වැඩ කරනවිට ආරක්ෂිත හිස්වැසුම් ලා මුකවාඩම් කිටි කිටියේ බැදගත් සංචාරකයන් 1000 කට අධික පිරිසක් මේ ගිනි කදු පද්ධතියත්, ආම්ලික විලත් අති දුෂ්කර සටනක් කරන මේ දූගියන්වත් නැරඹීමට දිනපතා මෙහි පැමිණෙන බව නැෂනල් ජීයෝග්‍රපික් සදහන් කරයි. ඔවුහු මේ අසරණ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ එකම එක දෙයකි.
‘‘අපිත් එක්ක ෆොටෝ එකක් ගමුද ? “‘
ඔවුහු කොතෙක් කල් ඡීවත්වෙනවාද යැයි කිසිවෙක් නාසති.
නැෂනල් ජීයෝග්‍රපික් සදහන් කරන ආකාරයට
‘‘ යමෙකුගේ දරිද්‍රතාවය නැරඹීමද සංචාරක ව්‍යාපාරයේ එක් ආකාරයකි ‘‘

උපාලි ජයසිංහ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...