ඡන්දයේදී ‘අත’ දිස්ත්‍රික්ක 09කට ෂුවර් : ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් එළියට !

Share post:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ, හිටපු ඇමති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා එම  පක්ෂයෙන් සහ පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් වී තිබේ.

ඊයේ (15) පස්වරුවේ පැවති සාකච්ඡාවක් අතරතුර ඊට අදාළ ලිපිය පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඔහු විසින් බාර දී ඇත.

ගමනක් යන්න බෑ

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෑත කාලයේදී පක්ෂ නායකත්වය විසින් පක්ෂයේ ප්‍රගමනයට හේතුවන කිසිදු දේශපාලන තීන්දුවක් අත්‍යවශ්‍ය අවස්ථාවලදී නොගත් බවත්, මේ නිසා තවදුරටත් පක්ෂය සමග ඉදිරි ගමනක් යෑමේ හැකියාවක් ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බවත් එම ලිපියේ නිශ්චිත ව සඳහන් කර ඇති බවයි.

මේ අතර පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලබන තීන්දු අත්තනෝමතික ලෙස වෙනස් කිරීමත්, ස්ථීරසාර සහ ස්ථාවර ප්‍රතිපත්ති මත පිහිටා පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාවේ නොයෙදීමත් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාධරයෙකු ලෙස තමන්ට තවදුරටත් තනතුරු දැරීමට නොහැකි බව ද එම ලිපියේ සඳහන් ය.

විසඳුම නෙමෙයි

මේ සම්බන්ධයෙන් විමසීමට thetime.lk අවස්ථා ගණනාවකදී හිටපු ඇමති ෆයිසර් මුස්තාපා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද, ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත. අප සමග සම්බන්ධ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු පැවසුවේ පක්ෂය තුළ අභ්‍යන්තර ගැටළු රැසක් ඇතත්, හැර යෑම විසඳුමක් ලෙස නොදකින බවයි. කෙසේ වෙතත් ෆයිසර් මුස්තාපා පක්ෂයෙන් ඉවත් වුවද, ඉදිරි දේශපාලන කටයුතුවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය ලබාදෙනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වෙනස් සාකච්ඡාවක්

මේ අතර පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, පී. රාධාක්‍රිශ්නන් ඇතුළු කණ්ඩායම සමග එක්ව ෆයිසර් මුස්තාපා ඉදිරියේදී දේශපාලන කටයුතු කිරීමට නියමිත බව ද වාර්තා වේ. මෙම කණ්ඩායම මේ වනවිටත් මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා මාලාවක් පවත්වමින් සිටී. මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක, හිටපු ඇමති මනෝ ගනේෂන් පැවසුවේ සාකච්ඡා මාලාවක් පැවැත්වෙන බවත්, එම සාකච්ඡා පිළිබඳ වැඩි විස්තර පැවසීමට තවම කල් වැඩි බවත් ය. මර්දනයට එරෙහිව සියලු දේශපාලන පක්ෂ එක්වීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.

මේ අතර සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සමග ෆයිසර් මුස්තාපා එක්වීමේ සූදානමක් සම්බන්ධයෙන් ද දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ.

පළාත් පාලනය

ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වන ෆායිස් මුස්තාපාගේ පුත්‍රයෙකු වන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, 2018 වසරේ පළාත් පාලන මැතිවරණය කල්දැමීමට අවශ්‍ය කටයුතු කළ බවට ප්‍රකට චරිතයකි. එවකට ඔහු පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයා විය.

අත දිස්ත්‍රික්ක 09කට

මේ දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක භූමිකාවක් ඉටුකරන හිටපු ඇමති තිලංග සුමතිපාල පවසන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී දිස්ත්‍රික්ක 09ක් සඳහා අත ලකුණින් තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (15) තීරණය කළ බවත්, අද (16) ඉතිරි දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් ය.

සබැඳි පුවත්

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...