අපි යළි මුණ නොගැහෙන්න කාරණා ඇයි

Share post:

සේකර ,
නුඹ එදා
ඇසූ පැනය
අහන්න තාමත් කල් වැඩිය.

” වික්ටර්
බතක් – වතක් – ගෙයක් – දොරක්
ලද පමණින්
රස්සාවක් ලද පමණින්
විමුක්තියක් ලැබිය හැකිද?
අසහනයෙන් මිදිය හැකිද?
සංසාරේ නිරංතරව තැවරී ඇති
දුක එතකින් නිමා වේද?”

සේකර
තවමත් අපට
බතක්
වතක්
ගෙයක් දොරක්
රස්සාවක්
දුරයි..
වඩා දුෂ්කරයි ජීව්තය.

පරම්පරාවෙන් ශේෂ වුණු
කටු පොකුරු පමණක්ම දරාගෙන
මල් සම්පත, පල සම්පත
නෙළන රජ මැති වෙළඳ දන
දෙස බලා සිටියෙමු.

ගස්
ගල්
පිළිම වැඳගෙන
සිටිනු විනා
නුඹගේ දාර්ශනික පැනය
තාමත් බර වැඩිය.

සේකර,
හොඳම දවසක් එනවා ඇත්තයි
අපිත් ලෝක යායට එදා එක්වෙයි
හැම කටු තුඩකටම මලක් වෙන් වෙයි
අපි යළි මුණ නොගැහෙන්න කාරණා ඇයි.

ජයන්ත කහටපිටිය

2023 /01/ 14

Related articles

සාම පාගමන සහ සංහිඳියාවේ පොරොන්දුව !

ජාත්‍යන්තර බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාවේ සාම පාගමනක් පැවැත්වූ අතර, එය රටේ බොහෝදෙනකු ස්පර්ශ කර ඇත. වියට්නාම...

ඉතාලිය පකිස්තානු පූජකයා පන්නා දැමුවේ ඇයි? ලෞකික නීතියට හරස් වන ආගමික නීති හා සම්ප්‍රදායන් ඉවසිය යුතුද?

දැන් දැන් ඉතා ප්‍රබලව දකින්නට පුළුවන් කාරණයක් තමයි ලෝකේ තියෙන සියලුම ආගම් විවේචනයට, සංවාදයට, විචාරයට ලක්වීම.ලෝකයේ පවතින සෑම...

කුමන තරාතිරමක පූජකයෙක් වූවත්..නීතිය ක්‍රියාත්මක විය යුතුයි

කුඩා දැරියක් අපහරණය කිරීමේ සිද්ධිය සම්භන්ධව මේ දිනවල චෝදනා එල්ලවෙනවා ප්‍රසිද්ධ භික්ශුවකට.මේ ආකාරයෙන් කුඩා දරු දැරියන් අපහරණය කිරීම...

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...