ඡන්දයට දෙමළ සන්ධානයෙන් කොටස් දෙකක් : අලුත් මහ ලේකම් ධුරය තවම හිස් !

Share post:

පළාත් පාලන මැතිවරණය සඳහා වෙනම ඉදිරිපත් වීමට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් තීරණය කර තිබේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතන සඳහා මෙසේ නව සන්ධානයක් පිහිටුවන බව එහි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් thetime.lk වෙත පැවසීය.

දෙමළ ජනතා විප්ලවවාදී ලිබරල් පෙරමුණ (EPRLF), දෙමළ ඉළාම් ලිබරල් සංවිධානය (TELO), දෙමළ ඊළාම් ජනතා ලිබරල් සංවිධානය (PLOTE) යන දේශපාලන පක්ෂ මෙසේ වෙනම සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇත. මේ අතර දෙමළ ජාතික පක්ෂය (TNP) සහ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් විසින් එක්ව පිහිටුවාගත් Democratic Crusaders’ Party (DCP) පක්ෂය ද මෙම සන්ධානය සමග එක්ව කටයුතු කිරීමට එකඟ වී තිබේ.

ඊයේ (14) යාපනයේදී මීට අදාළ එකඟතා ලියවිල්ලකට අත්සන් තැබීම සිදු වූ අතර, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් (EPRLF), සෙල්වම් අඩේයික්කලනාදන් (TELO), ධර්මලිංගම් සිද්ධාර්ථන් (PLOTE), සිවනන්දන් නවීන්ද්‍ර (DCP) සහ එන්. ශ්‍රීකාන්ත (TNP) යන දේශපාලඥයන් මේ සඳහා මූලිකත්වය ගෙන තිබිණි.

එසේම සී.වී. විග්නේශ්වරන් නායකත්වය දරන Tamil Makkal Thesiya Kuttani – TMTK  පක්ෂය සහ යාපනය නගරාධිපති එම්. මනිවන්නන් ද මෙම සන්ධානය සමග එක්වීමට කැමැත්ත පළකර ඇතත්, පෙරේදා (13) පැවති සාකච්ඡාවකදී නව සන්ධානයේ මහ ලේකම් ධුරය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා ඊයේ ලියවිල්ලට ඔවුන් අත්සන් කර නැත.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස හඳුන්වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය (ITAK) තීරණය කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය සඳහා වෙන ම තරඟ කිරීමට ය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...