ඡන්දයට දෙමළ සන්ධානයෙන් කොටස් දෙකක් : අලුත් මහ ලේකම් ධුරය තවම හිස් !

Share post:

පළාත් පාලන මැතිවරණය සඳහා වෙනම ඉදිරිපත් වීමට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් තීරණය කර තිබේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතන සඳහා මෙසේ නව සන්ධානයක් පිහිටුවන බව එහි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් thetime.lk වෙත පැවසීය.

දෙමළ ජනතා විප්ලවවාදී ලිබරල් පෙරමුණ (EPRLF), දෙමළ ඉළාම් ලිබරල් සංවිධානය (TELO), දෙමළ ඊළාම් ජනතා ලිබරල් සංවිධානය (PLOTE) යන දේශපාලන පක්ෂ මෙසේ වෙනම සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇත. මේ අතර දෙමළ ජාතික පක්ෂය (TNP) සහ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් විසින් එක්ව පිහිටුවාගත් Democratic Crusaders’ Party (DCP) පක්ෂය ද මෙම සන්ධානය සමග එක්ව කටයුතු කිරීමට එකඟ වී තිබේ.

ඊයේ (14) යාපනයේදී මීට අදාළ එකඟතා ලියවිල්ලකට අත්සන් තැබීම සිදු වූ අතර, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් (EPRLF), සෙල්වම් අඩේයික්කලනාදන් (TELO), ධර්මලිංගම් සිද්ධාර්ථන් (PLOTE), සිවනන්දන් නවීන්ද්‍ර (DCP) සහ එන්. ශ්‍රීකාන්ත (TNP) යන දේශපාලඥයන් මේ සඳහා මූලිකත්වය ගෙන තිබිණි.

එසේම සී.වී. විග්නේශ්වරන් නායකත්වය දරන Tamil Makkal Thesiya Kuttani – TMTK  පක්ෂය සහ යාපනය නගරාධිපති එම්. මනිවන්නන් ද මෙම සන්ධානය සමග එක්වීමට කැමැත්ත පළකර ඇතත්, පෙරේදා (13) පැවති සාකච්ඡාවකදී නව සන්ධානයේ මහ ලේකම් ධුරය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා ඊයේ ලියවිල්ලට ඔවුන් අත්සන් කර නැත.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස හඳුන්වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය (ITAK) තීරණය කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය සඳහා වෙන ම තරඟ කිරීමට ය.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...