ඕනම ආකාරයක පරිකල්පන පොලීසියකට මම විරුද්ධයි, ඒවා අලෙවිකරණ හේතු නිසා හෝ පුහු පංතිය නිසා ආවත්.
ලේඛකයෙක් විදියට මම ඇත්තටම සිද්ධවෙච්ච දේට වඩා මිනිස්සු තම තමන්ට සිද්ධ වෙච්ච දේ ගැන කියන දේවල් අහන්න මම කැමතියි.
‘ඔබ දන්න දේ ගැන ලියන්න’ කියන එක තමයි මම අහලා තියෙන මෝඩම ප්‍රකාශය. ඒකෙන් කරන්නේ වස කම්මැලි ස්වයං චරිතාපදානයක් ලියන්න මිනිස්සුන්ව පොළඹවන එක. ඒක ලේඛකයන්ගේ පරිකල්පනයයි, විභවයයි විනාශ කරන වැඩක්.
ඔබ දැනටමත් පරිපූර්ණයි කියන හැඟීම ඔබ තුළ තියෙනව නම් ඔබට යන්න පුළුවන් උපරිම උසට ඔබට කවදාවත් යන්න බැහැ.
නවකතාවකදි හැඟීම් මට ඉතා වැදගත් වෙනවා.
මම ඉස්සර හිතුවේ චරිතවල ස්වභාවය, ඒවායේ විකේන්ද්‍රිකතාව සහ විකාර විලාසය වැඩිදියුණු කරන්නේ කොහොමද කියලා. පස්සේ මම තේරුම් ගත්තා ඒ වෙනුවට චරිතවල සම්බන්ධය ගැන අවධානය යොමුකරන එක වඩා හොඳ බව. එතකොට චරිත ස්වභාවිකවම වර්ධනය වෙනවා.
මිනිස්සු පැතලි වරිත වලට එරෙහිව ත්‍රිමාණ චරිත ගැන කතාකරනවා, සම්බන්ධතා ගැනත් ඔබට එහෙම කතාකරන්න පුළුවන්.
බොහෝ ලේඛකයන්ට ඉතා දැනුවත්ව කරන සමහර කාරණා තියෙනවා. අනිත් කාරණා ඔවුන් තීරණය කරන්නේ නොදැනුවතත්වම.
නිර්මාණාත්මක ව්‍යාපෘතියක් සැහැල්ලුවට ගන්න එපා.
කසුවෝ ඉෂිගුරෝ
(රශ්මික මණ්ඩාවල ගේ fb පිටුවෙන්)