“ඔබ දන්න දේ ගැන ලියන්න’ කියන එක තමයි මම අහලා තියෙන මෝඩම ප්‍රකාශය” – කසුවෝ ඉෂිගුරෝ

Share post:

ඕනම ආකාරයක පරිකල්පන පොලීසියකට මම විරුද්ධයි, ඒවා අලෙවිකරණ හේතු නිසා හෝ පුහු පංතිය නිසා ආවත්.
ලේඛකයෙක් විදියට මම ඇත්තටම සිද්ධවෙච්ච දේට වඩා මිනිස්සු තම තමන්ට සිද්ධ වෙච්ච දේ ගැන කියන දේවල් අහන්න මම කැමතියි.

‘ඔබ දන්න දේ ගැන ලියන්න’ කියන එක තමයි මම අහලා තියෙන මෝඩම ප්‍රකාශය. ඒකෙන් කරන්නේ වස කම්මැලි ස්වයං චරිතාපදානයක් ලියන්න මිනිස්සුන්ව පොළඹවන එක. ඒක ලේඛකයන්ගේ පරිකල්පනයයි, විභවයයි විනාශ කරන වැඩක්.
ඔබ දැනටමත් පරිපූර්ණයි කියන හැඟීම ඔබ තුළ තියෙනව නම් ඔබට යන්න පුළුවන් උපරිම උසට ඔබට කවදාවත් යන්න බැහැ.
නවකතාවකදි හැඟීම් මට ඉතා වැදගත් වෙනවා.

මම ඉස්සර හිතුවේ චරිතවල ස්වභාවය, ඒවායේ විකේන්ද්‍රිකතාව සහ විකාර විලාසය වැඩිදියුණු කරන්නේ කොහොමද කියලා. පස්සේ මම තේරුම් ගත්තා ඒ වෙනුවට චරිතවල සම්බන්ධය ගැන අවධානය යොමුකරන එක වඩා හොඳ බව. එතකොට චරිත ස්වභාවිකවම වර්ධනය වෙනවා.

මිනිස්සු පැතලි වරිත වලට එරෙහිව ත්‍රිමාණ චරිත ගැන කතාකරනවා, සම්බන්ධතා ගැනත් ඔබට එහෙම කතාකරන්න පුළුවන්.

බොහෝ ලේඛකයන්ට ඉතා දැනුවත්ව කරන සමහර කාරණා තියෙනවා. අනිත් කාරණා ඔවුන් තීරණය කරන්නේ නොදැනුවතත්වම.
නිර්මාණාත්මක ව්‍යාපෘතියක් සැහැල්ලුවට ගන්න එපා.

කසුවෝ ඉෂිගුරෝ

(රශ්මික මණ්ඩාවල ගේ fb පිටුවෙන්)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...