“බංගලිදේශයේ න්‍යෂ්ටික බලාගාර හදනකොට අපි, බිත්තරයක් ගන්න හන්දියට වෙලා බලා ඉන්නවා”

Share post:

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ජ්‍යෙෂ්ඨ නීතිඥ හර්ෂණ නානායක්කාර

අපිට අද සිදුවී තිබෙන දේ ගැන අටුවාටීකා අවශ්‍ය නැහැ. අපි මිනිසුන්ට ආදරයෙන් දේශපාලනය කරන කණ්ඩායමක්. සිදුවී තිබෙන විනාශය ගැන කලින්ම කීවාට මිනිසුන් විශ්වාස කළේ නැහැ. දැන් ගෝඨාභය රාජපක්ෂ මේ රට විනාශ කළා කියන එක ලේසි කතාවක්.

නමුත් නිදහස ලබපු කාලයේ ඉඳලා දැක්මක් නැතිකම, වංචාව-දූෂණය නිසයි මෙහෙම වෙලා තියෙන්නේ. සුද්දාගෙන් අපි 1948 නිදහස ලබනකොට භාණ්ඩාගාරයේ රත්තරං පවුම් කෝටි පහක අතිරික්තයක් තිබුණා. අපිව සූරකාපු සුද්දත් අපිට රත්තරං ඉතිරිකර ගිහින් තිබුණා. ඒ වෙනකොට ජපානයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 90යි. අපේ 89යි.

අද අපි බංගලිදේශයටත් පහළින් ඉන්න රටක්. බංගලිදේශයේ න්‍යෂ්ටික බලාගාර හදනකොට අපි රුපියල් 55ක බිත්තරයක් ගන්න හන්දියට වෙලා බලා ඉන්නවා. ඇමතිවරු පනවන නීතිවලට වෙළඳපොළේ බිත්තර නැහැ.

දැන් බිත්තරයක් රුපියල් 70/-යි. විගණකාධිපති වාර්තාවලට අනුව අපේ රටේ ණයවලින් ට්‍රිලියන 14කට වෙච්ච දෙයක් නැහැ. පැන්ඩෝරා පේපර්ස්වලින් එළියට එන්නේ ඒවා. චිචී බේබි රොකට් යැව්වේ ඒ සල්ලිවලින්. නෙලුම් කුලුනේ, සූරියවැව ක්‍රීඩාංගනයේ වරායවල්වලින් ආදායම් උපයන්නේ නැහැ.

හොරකම, වංචාව, දූෂණය වගේම දැක්මක් නැතිකමත් 74වසරක ශාපයේම කොටස්.

ජාතික ජන බලවේගයේ රජයක් යටතේ අපේ මුදල් හොරා කාපු සෑම කෙනෙක්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර, දඬුවම් ලබාදෙනවා. කොල්ල කෑ හැම සතයක්ම භාණ්ඩාගාරයට අය කර ගන්නවා. ඒ දේ නොකළොත් අපෙනුත් වැඩක් නැහැ.

දැන් නිර්පාක්ෂික කියාගෙන එන පිරිසකුත් ඉන්නවා. ඒ කිසි කෙනෙකුට නොරැවටෙන්න නම්, කැලණියෙන් මතුවෙන නාගයන්, මිහින්තලයෙන් මතුවෙන හඬවල්, වඳ කොත්තු වගේ බොහෝ දේවල් එයි.

ඡන්දය කටුගාන්න කියලා කියන්නේ පොහොට්ටුවයි, රනිල්වයි බේරා ගන්න. නමුත් පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය දිනවා පාර්ලිමේන්තු මැතිවරණයත් ජයග්‍රහණය කරනවා.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...