“බංගලිදේශයේ න්‍යෂ්ටික බලාගාර හදනකොට අපි, බිත්තරයක් ගන්න හන්දියට වෙලා බලා ඉන්නවා”

Share post:

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ජ්‍යෙෂ්ඨ නීතිඥ හර්ෂණ නානායක්කාර

අපිට අද සිදුවී තිබෙන දේ ගැන අටුවාටීකා අවශ්‍ය නැහැ. අපි මිනිසුන්ට ආදරයෙන් දේශපාලනය කරන කණ්ඩායමක්. සිදුවී තිබෙන විනාශය ගැන කලින්ම කීවාට මිනිසුන් විශ්වාස කළේ නැහැ. දැන් ගෝඨාභය රාජපක්ෂ මේ රට විනාශ කළා කියන එක ලේසි කතාවක්.

නමුත් නිදහස ලබපු කාලයේ ඉඳලා දැක්මක් නැතිකම, වංචාව-දූෂණය නිසයි මෙහෙම වෙලා තියෙන්නේ. සුද්දාගෙන් අපි 1948 නිදහස ලබනකොට භාණ්ඩාගාරයේ රත්තරං පවුම් කෝටි පහක අතිරික්තයක් තිබුණා. අපිව සූරකාපු සුද්දත් අපිට රත්තරං ඉතිරිකර ගිහින් තිබුණා. ඒ වෙනකොට ජපානයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 90යි. අපේ 89යි.

අද අපි බංගලිදේශයටත් පහළින් ඉන්න රටක්. බංගලිදේශයේ න්‍යෂ්ටික බලාගාර හදනකොට අපි රුපියල් 55ක බිත්තරයක් ගන්න හන්දියට වෙලා බලා ඉන්නවා. ඇමතිවරු පනවන නීතිවලට වෙළඳපොළේ බිත්තර නැහැ.

දැන් බිත්තරයක් රුපියල් 70/-යි. විගණකාධිපති වාර්තාවලට අනුව අපේ රටේ ණයවලින් ට්‍රිලියන 14කට වෙච්ච දෙයක් නැහැ. පැන්ඩෝරා පේපර්ස්වලින් එළියට එන්නේ ඒවා. චිචී බේබි රොකට් යැව්වේ ඒ සල්ලිවලින්. නෙලුම් කුලුනේ, සූරියවැව ක්‍රීඩාංගනයේ වරායවල්වලින් ආදායම් උපයන්නේ නැහැ.

හොරකම, වංචාව, දූෂණය වගේම දැක්මක් නැතිකමත් 74වසරක ශාපයේම කොටස්.

ජාතික ජන බලවේගයේ රජයක් යටතේ අපේ මුදල් හොරා කාපු සෑම කෙනෙක්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර, දඬුවම් ලබාදෙනවා. කොල්ල කෑ හැම සතයක්ම භාණ්ඩාගාරයට අය කර ගන්නවා. ඒ දේ නොකළොත් අපෙනුත් වැඩක් නැහැ.

දැන් නිර්පාක්ෂික කියාගෙන එන පිරිසකුත් ඉන්නවා. ඒ කිසි කෙනෙකුට නොරැවටෙන්න නම්, කැලණියෙන් මතුවෙන නාගයන්, මිහින්තලයෙන් මතුවෙන හඬවල්, වඳ කොත්තු වගේ බොහෝ දේවල් එයි.

ඡන්දය කටුගාන්න කියලා කියන්නේ පොහොට්ටුවයි, රනිල්වයි බේරා ගන්න. නමුත් පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය දිනවා පාර්ලිමේන්තු මැතිවරණයත් ජයග්‍රහණය කරනවා.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...