Avatar හි තාක්ෂණික සහ නිර්මාණාත්මක විස්මය වගේම එහි දෘෂ්ටිවාදි අනතුර වැදගත්

Share post:

සොබාදහම සහ මිනිසා අතර ගැටුම මිනිසා ලොව බිහි වූ දා පටන් අනවරතයෙන් පවතින්නකි. මේ අනුව මිනිසා විසින් සොබාදහම ජයගැනීම ඉමහත් උත්කර්ෂයෙන් අදටත් සමරමින් තිබේ. එය ශිෂ්ටාචාරයේ ඉදිරි ගමන ලෙසින් අර්ථකථනය කෙරේ. එහෙත් මානව ක්‍රියාකාරිත්වය තාක්ෂණ සහ කළමනාකරණවාදී කේන්ද්‍රයක් වෙතට විතැන් වී/කර ඇති වත්මන් ධනේශ්වර නිමේෂය තුළ සොබාදහමේ මෙන් ම මිනිසාගේ ද පැවැත්ම සාක්ෂාත් කරගත හැක්කේ කවර ආකාරයකින් ද ?
මිනිසා අධිනිශ්චය කිරීමෙන් ද ? සොබාදහම අනුරාගීව වැලඳ ගැනීමෙන් ද?

Avatar 2: The way of water නම් වූ කැමරියානු තාක්ෂණික පෙළහර මෙම කතිකාව පෝෂණය කිරීමට අවශ්‍ය සංකල්පීය අවකාශය තවදුරටත් පුළුල් කරයි. එමෙන්ම ස්වාභාවික සම්පත් සූරාකෑමේ ධනේශ්වර මෙහෙයුමේ පරිසරවාදී ආඛ්‍යානය පිළිබඳ ප්‍රතිකියවීමකට ද ඉඩහසර විවර කරයි. මන්ද , ධනවාදයේ පැවැත්මට විටෙක සොබාදහම සහ මිනිසා අතර ගැටුම ද තවත් විටෙක ඒවා අතර සංහිඳියාව ද අවශ්‍ය වන බැවිනි. හොලිවුඩ් සිනමාව ආරම්භයේ සිටම ක්‍රියාත්මක වී ඇත්තේ මෙකී මෙහෙයුමේ දෘෂ්ටිවාදී උපාංග⁣යක් ලෙසිනි . එහෙයින් Avatar හි තාක්ෂණික සහ නිර්මාණාත්මක විස්මය විඳින අතර එහි දෘෂ්ටිවාදි අනතුර වෙත ද අවධානය යොමු කිරීම වැදගත් වේ. දැනටමත් මෙහි තාක්ෂණික විස්මය විනිවිදින විචාරාත්මක මැදිහත්වීම් සිනමා සාහිත්‍යයට එක් වෙමින් තිබේ. සැබැවින්ම මෙම චිත්‍රපටය තාක්ෂණික විස්මය හරහා වත්මන් සමාජ , දේශපාලනික මෙන්ම පාරිසරික දෘෂ්ටිවාදි මෙහෙයුම් කියවා ගැනීමට භාවිත කළ හැකි සාරවත් වැඩබිමකි.

උදිත අලහකෝන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...