බ්‍රසීලයේ නව ජනාධිපති “ලූලා” දිවුරුම් දෙයි

Share post:

බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස ලුයිස් ඉනාසියෝ ලූලා ඩි සිල්වා ඊයේ (01) දිවුරුම් දුන්නේය.

ලතින් ඇමරිකාවේ විශාලතම රට වන බ්‍රසීලයේ පාලනය නිල වශයෙන් භාර ගැනීමෙන් පසු ලූලා ඩි සිල්වා පවසන්නේ ඔක්තෝබර් ජනාධිපතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා ප්‍රජාතන්ත්‍රවාදය බවයි.

එමෙන්ම දක්ෂිණාංශික හිටපු නායක ජෙයාර් බොල්සොනාරෝට එරෙහිව බරපතල චෝදනාවක්ද කරමින් කුසගින්නෙන්, දරිද්‍රතාවයෙන් සහ ජාතිවාදයෙන් පීඩා විඳින ජාතියක් මුදා ගැනීම කටයුුතු කරන බවට ලූලා ඩි සිල්වා පවසා සිටියේය.

පුද්ගලික සහ මතවාදී සැලසුම්වලට යටත්ව තමන්ට එරෙහිව සිදුකල කිසිඳු ක්‍රියාවකට පළිනොගන්නා බවත් අපි නීතියේ ආධිපත්‍යය සහතික කරන බවත් ලූලා පවසා තිබේ.

ලූලා ඩී සිල්වාගේ පදවි ප්‍රාප්ති උත්සවය පැවැත්වුණේ බ්‍රසීලයේ බ්‍රසීලියා අගනුවර කොන්ග්‍රස ගොඩනැගිල්ලේ දීය.මෙම අවස්ථාවට එක්වීමට ලූලාගේ ආධාරකරුවන් දහස් ගණනක් එක්ව සිටියේය.

කව්ද මේ ලූලා ඩි සිල්වා?

බ්‍රසීලයේ ෆර්නැම්බුකෝ ප්‍රාන්තයේ ඉතා පිටිසර ප්‍රදේශයක දිළඳු පවුලක උපන් ලූලා ඩි සිල්වා කුඩා කල වීදි දරුවෙක් ලෙස ඉතා දුක්ඛිත ජීවිතයක් ගතකර තිබේ. පසුව නගරයේ ලෝහ කාර්මික ශිල්පියෙක් ලෙස කම්කරු රැකියාවක් සොයාගත් ලූලා පසුකලෙක ප්‍රබල වෘත්තිය සමිති ක්‍රියාකාරියෙක් බවට පත්විය.

ඒකාධිපති හමුදා පාලක ජෝ ගෝලාර්ට්ගේ පාලනයට එරෙහිව 1978-80 කාලයේ බ්‍රසීලයේ පැවති ප්‍රබලතම කම්කරු සටන් මාලාව සහ වර්ජනයට නායකත්වය දුන් ලූලා ඩි සිල්වා පසුව 1980 දි බ්‍රසීලයේ කම්කරු පක්ෂය නිර්මාණය කිරීමටද මූලිකත්වය ලබාදුන්නේය. 1989 දි ප්‍රථම වරට කම්කරු පන්තියේ නියෝජිත ජනපතිවරණ අපේක්ෂකයා ලෙස මැතිවරණයට ඉදිරිපත්වූ ලූලා ඩි සිල්වා ඉන් පරාජයට පත්විය.

1994 සහ 1998 ජනාධිපතිවරණ සටන්වලින් ද පරාජයට පත්වූ නමුත් 2002 වසරේ 61% ක විශාල ඡන්ද පදනමක් සහිතව බ්‍රසීල ජනාධිපතිවරයා බවට පත්විය. 2006 වසරේදී ඔහු නැවත වරක් බ්‍රසීල ජනාධිපතිවරයා බවට තේරී පත්වූ අතර සිය පාලන කාලය තුල රටේ ආර්ථිකය සහ විදේශ සබඳතා වල කැපී පෙනෙන වර්ධනයක් සිදුකරමින් බ්‍රසීල ඉතිහාසයේ විශිෂ්ට කාර්යභාරයක් කිරීමට ලූලා සමත්විය.

වංචා, දූෂණ සහ සිර දඬුවම්

සිය ධූර කාලයේ සිදුකරන ලද මහා පරිමාණ වංචා සහ දූෂණ වලට වැරදිකරු වීම නිසා 2017 දී ලූලා සිරගතකිරීමට බ්‍රසීල අධිකරණය කටයුතු කරන ලදි. නමුත් 2018 වර්ෂයේදී ඔහුව නිදහස් කිරීමට කටයුතු කලද එයත් දැඩිලෙස මතභේදයට තුඩුදුන් සිදුවීමක් විය.

එහෙත් 2018 බ්‍රසීල ජනාධිපතිවරණයට ලූලා ද සිල්වා ඉදිරිපත්වීමට උත්සහ දැරුවත් වංචා දූෂණ චෝදනා නිසා ඔහුට අපේක්ෂකත්වය ලබාගැනීමට නොහැකිවූහ. ඉතිහාසයේ ජනප්‍රියම ජනාධිපතිවරයා ලෙස සැලකෙන ලූලා ද සිල්වා මෙවර බලයට පත්වන්නේ තෙවැනි වතාවට ය

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...