විදුලි බිල තවත් ඉහළට – ව්‍යාපාර ක්ෂේත්‍රය කඩාවැටීමේ අවදානමක්!

Share post:

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන යෝජනාව හෙට ජනවාරි 02 වනදා අමාත්‍ය කංචන විජේසේකර විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව මෙන්ම ස්ථාවර ගාස්තුවද වැඩි වනු ඇත.

ඒ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 8ක අවම ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි වන අතර ඒකක 31 සිට 60 දක්වා දැනට අය කරනු බලන රුපියල් 10ක මුදල රුපියල් 37 දක්වා ඉහළ යනු ඇත.

එමෙන්ම 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි කිරීමටත් යෝජිතය.

ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට අදාළව එක් ඒකකයට දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව එලෙසම පවත්වාගෙන යාමටත් ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයටද දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව එලෙසම පවත්වාගැනීමටත් යෝජනා කර තිබේ.

එමෙන්ම ඒකක 181ට වැඩි සෑම ඒකකයක් සඳහා රුපියල් 75ක් දැනට අය කරන අතර එම ගාස්තුවද කිසිදු වෙනසක් සිදුකර නොමැත.

එසේම මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 120ක ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත් ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයට අය කළ රුපියල් 240ක ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත් ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයට අය කෙරෙන රුපියල් 360 සිට 650 දක්වාත් වැඩි කිරීමට යෝජිත වෙයි.

ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට අය කෙරෙන රුපියල් 960ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇති අතර ඒකක 121 සිට 180 දක්වා දැනට අයකෙරෙන ස්ථාවර ගාස්තුව ද රුපියල් 960 සිට 1,500 දක්වා ඉහළ දමනු ඇත.

එමෙන්ම ඒකක 181ට වැඩි විදුලි පරිභෝජනය කරන සෑම පුද්ගලයෙකුගේම ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 සිට 2,000 දක්වා වැඩි කිරීමටත් යෝජනා වී තිබේ.

මෙලෙස විදුලි බිල ඉහළ දැමුවහොත් විවිධ කර්මාන්තශාලා, හෝටල් ආපන ශාලා ඇතුළු ව්‍යාපාර ස්ථාන තවත් විසි දහසක් පමණ වැසී යෑමේ බරපතළ අවදානමක් පවතින බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසා තිබේ.

මේ වනවිටත් කොවිඩ් අර්බුදය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් රටපුරාම හෝටල් සහ ආපනශාලා පහළොස් දහසක් පමණ වැසී ඇතැයි ඔහු පෙන්වාදෙයි.

එමෙන්ම නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ දේශීය කර්මාන්තකරුවන්ට විදුලිය බිල වැඩිවීම කිසි ලෙසකින් දරාගැනීමට නොහැකි වනු ඇති බවත් එහෙයින් බොහෝ පිරිස් කර්මාන්ත අත්හැර දමනු ඇති බවයි.

මේ හේතුවෙන් අපනයන ක්ෂේත්‍රයේ රැකියා 30% සිට 50% දක්වා ප්‍රමාණයක් අහිමි වනු ඇති බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වාදෙයි.

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...