වියාස්කාන්ත් BPL තරගාවලියට

Share post:

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ යොවුන් ක්‍රීඩක විජයකාන්ත් වියාස්කාන්ත්ට එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවී තිබේ.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයට ක්‍රීඩා කරන චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස් කණ්ඩායම සමග වියාස්කාන්ත් එක්වනු ඇති අතර ඔහු විදෙස් ලීගයක් සඳහා සහභාගි වන පළමු අවස්ථාවද මෙය වේ.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය ජනවාරි 5 සිට පෙබරවාරි 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

වියාස්කාන්ත් මෙවර එල්.පී.එල්. තරගාවලියේ තරග 8 කදී කඩුලු 13 ක් දවාගැනීමට සමත්විය.

පිට පිටම තෙවරක් එල්.පී.එල්. තරගාවලියේ ශූරතාව දිනූ යාපනය කිංග්ස් කණ්ඩායමේ සාමාජිකයකු වූ වියස්කාන්ත්, මෙම වසරේදී (2022) පැවැති තරගාවලියේදී දැක්වූ කැපී පෙනෙන දස්කම් හේතුවෙන් තරගාවලියේ නැඟී එන ක්‍රීඩකයා ලෙසද සම්මාන ලැබීය.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...