වියාස්කාන්ත් BPL තරගාවලියට

Share post:

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ යොවුන් ක්‍රීඩක විජයකාන්ත් වියාස්කාන්ත්ට එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවී තිබේ.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයට ක්‍රීඩා කරන චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස් කණ්ඩායම සමග වියාස්කාන්ත් එක්වනු ඇති අතර ඔහු විදෙස් ලීගයක් සඳහා සහභාගි වන පළමු අවස්ථාවද මෙය වේ.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය ජනවාරි 5 සිට පෙබරවාරි 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

වියාස්කාන්ත් මෙවර එල්.පී.එල්. තරගාවලියේ තරග 8 කදී කඩුලු 13 ක් දවාගැනීමට සමත්විය.

පිට පිටම තෙවරක් එල්.පී.එල්. තරගාවලියේ ශූරතාව දිනූ යාපනය කිංග්ස් කණ්ඩායමේ සාමාජිකයකු වූ වියස්කාන්ත්, මෙම වසරේදී (2022) පැවැති තරගාවලියේදී දැක්වූ කැපී පෙනෙන දස්කම් හේතුවෙන් තරගාවලියේ නැඟී එන ක්‍රීඩකයා ලෙසද සම්මාන ලැබීය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...