සරසවි දොරත් වැසුණු ඇෆ්ගන් දියණියන්ගේ ඉරණම

Share post:

ඇෆ්ගනිස්ථානයේ බලය නැවත තලේබාන් සංවිධානය අතට පත්වී ගතවී ඇත්තේ තවමත් මාස කිහිපයක් පමණි. එරට දෙසින් වෙනදා වාර්තා වූ තරම් පුවත් ගලා ඒම නතර වුනත් ඒ නිහඬභාවයේ සැඟව ඇත්තේ භයානක පෙර නිමිත්තක් ද යන්න අවිනිශ්චිත ය. එහෙත් පසුගියදා එකී නිහඬ බව අතරේම ඇෆ්ගනිස්ථානයේ සරසවි දොර ශිෂ්‍යයාවන්ට වැසීගියේ භීතය නැවතත් රජකරමින් ය. සරසවි දොරත් වැසුණු ඇෆ්ගන් දියණියන්ගේ ඉරණම

පසුගිය මාස දහසයක කාලය පුරාවට ඇෆ්නිස්ථානයේ උසස් පාසල් සියල්ලකම පාහේ ශිෂ්‍යයාවන්ට තහනම් විය. එහි තවත් පියවරක් ලෙස ශිෂ්‍යාවන්ට දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඉතාම කණගාටුදායක අයුරින් අහිමිකර ඇත.

අනාගතය විනාශ කරදැමීම

‘ඔවුන් මේ විනාශ කරන්නේ මම මගේ අනාගතය එක්ක ගොඩනගා ගනිමින් හිටපු පාලම යි. මම හිතාගෙන හිටියේ හොඳින් ඉගනගෙන මගේ ජීවිතය සතුටුදායක එකක් කරන්න, මගේ පවුල් ජීවිතයට ආලෝකයක් දෙන්න.. දැන් මම මොකක්ද කරන්නේ?’
ලොවපුරා ජනතාවගෙන් ඒ පැනය අහන්නේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් විශ්වවිද්‍යාලයේ අහිංසක ශිෂ්‍යාවක්.

පසුගිය අඟහරුවාදා වනවිට තලේබාන් පාලනය නිවේදනය කර සිටියේ විශ්වවිද්‍යාල සහ පාසල් පමණක් නොව, ආගමික අධ්‍යාපන මධ්‍යස්ථාන සහ පුද්ගලික අධ්‍යාපන ආයතන පවා ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය ලබාදිය යුතු නැත යන ස්ථාවරයයි. ඒ අනුව එකී තිරශ්චීන අණ පිළිපැදීමට අධ්‍යාපන ආයතන බලධාරීන්ට සිදුව ඇත.

ඒ සමගම ඇෆ්ගනිස්ථානයේ දියණිවරුන්ට විධමත් අධ්‍යාපනය ලැබීමේ සියලුම මාර්ග ඉතා ඛේදජනක ආකාරයට වැසීගොස් තිබේ.

මව්වරුන්ගේ විරෝධය

කෙසේ වෙතත් මූලික මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරන මෙවැනි තීරණයකට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සුළු පිරිසක් හෝ විරෝධතා දක්වමින් මහ මගට බසින්නට තරම් ධෛර්යවන්තවීම එක් පැත්තකින් සතුටට කරුණකි.

පසුගිය බදාදා ප්‍රධාන නගර ගණනාවකට එක්වුණු කාන්තාවන් තම දියණියන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් ඉල්ලා සටන් කිරීම ඇරඹීය. තලේබාන් සංවිධානය විසින් ප්‍රසිද්ධ විරෝධතාකරුවන් අල්ලා රඳවා තැබීමට නියෝග දෙන, ඉතා කුඩා විරෝධතා පවා අසුරු සැණින් තලේබාන් නිලධාරීන් විසින් මර්ධනය කරන වටපිටාවක කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතීන් ඉල්ලා සිටීමේ විරෝධතාවයේ ලෝකය පුරා අවධානය දිනාගන්නට සමත් විය.

‘අපි හිතුවේ අපේ දියණියෝ ගොඩක් වාසනාවන්තයි කියලා. මොකද අපිට නොලැබුණු අධ්‍යාපන වරප්‍රසාදය ඔවුන්ට ලැබිලා තිබුණු නිසා.. දැන් මේ පාලනය ඒකත් විනාශ කරලා දානවා’

විරෝධතාවට සහභාගීවූ කාන්තාවක් ඉතා හැඟීම්බරව අදහස් දක්වා තිබිණි.

තලේබාන් වෙස් මුහුණ ගැලවෙයි

තලේබාන්වුරු නැවතත් බලයට පත්වෙද්දි ලෝකයට ප්‍රකාශ කලේ කාන්තාවන්ගේ අධ්‍යාපනය අයිතියට මෙන්ම ජනතාවගේ හිමිකම්වලට තමන් ගරු කරන බවය. එහෙත් 1996-2001 තලේබාන් පාලනයේ ලක්ෂණ නැවතත් පෙන්වමින් මෙවරද තලේබාන් ආගමික අන්තවාදී කල්ලිය තමන්ගේ පාලනයට යටතේ කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතීන් කඩකරමින් පවතී.

මේ අධ්‍යාපන අයිතීන් කප්පාදුව තලේබාන් සංවිධානය ආරම්භකරනු ලැබුවේ කාන්තාවන්ට ආර්ථික විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණය සහ ජනමාධ්‍ය වැනි විෂයන්ට හැදැරීමට ඇති ඉඩකඩ වළක්වාලීම මගින් ය. එවිට කාන්තාවන් වෛද්‍ය විද්‍යාව සහ ගුරු අධ්‍යාපනය වැනි විෂයන් සඳහා වැඩිපුර යොමුවිම ආරම්භ විය. එහෙත් දැන් සමස්ත සරසවි අධ්‍යාපනයම කාන්තාවන්ට තහනම් කිරීම හමුවේ තලේබාන් සංවිධානයේ බලය ඉස්ලාම් මූලධර්මවාදීන් අතට පත්වීමේ තත්වය මනාව පෙන්නුම් කරනු ලබයි.

බොහොමයක් බටහිර ලෝකය නියෝජනය කරන සංවිධාන තලේබාන් සංවිධානය වෙත බලකර සිටින්නේ ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගේ අධ්‍යාපනය විනාශ කිරීම මගින් ලෝකය ඉදිරියේ ඔවුන්ට ඇති පිළිගැනීම විනශාකර නොදමන ලෙසට ය.

ඉස්ලාමයටත් විරුද්ධයි

‘අල්ලා දෙවියන් අපිට ලබාදුන් හැමදේම තලේබාන්වරු අපෙන් උදුරාගනිමින් ඉන්නවා’

පසුගිය සතියේ සිට සරසවි වරම් අහිමිවූ ඇෆ්ගන් දියණියක් එසේ පවසන්නේ තමාගේ අනාගතය දෑස් ඉදිරිපිටම විනාශවී යනු දැකීම නිසා දෙනෙතේ කඳුළු පුරවාගනිමින් ය. එහෙත් ඇෆ්ගනිස්ථානයේ ආගමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින කාන්තාවන් අතරින් එක් අයෙක් වන නවීදා කුර්සානි කියා සිටින්නේ ‘කාන්තාවන්ගේ අධ්‍යාපන වරප්‍රසාදය උදුරා ගැනීමේ කිසිසේත්ම ඉස්ලාමය විසින් අනුමත නොකරන බවත්, ඉස්ලාම් ආගමේ නියමය වන්නේ කාන්තාවන්ට සහ පිරිමින්ට සමසේ අධ්‍යාපන වරප්‍රසාදය ලබාදීම බවය’

‘ඇෆ්ගනිස්ථානය කියන්නේ තවදුරටත් කාන්තාවන්ට ඉන්න පුළුවන් රටක් නෙවෙයි, ඒක කාන්තාවන්ට සිපිරිගෙයක් විතරයි’ මේ වනවිට ආරක්ෂාව පතා එක්සත් ජනපදයේ දිවිගෙවන ඇෆ්ගන් මානව හිමිකම් ක්‍රියාකාරීනී හුමයිරා ක්වදේරී ට ඇත්තේ එවැනි මතයකි.

මූලාශ්‍රය ‘අල්-ජසීරා’ වෙබ් අඩවිය

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...