බුකියේ කතා කරන ජගා ගේ නැටුම් (ජගත් ජයසුන්දර)

Share post:

මේ දින වල ජගත් ජයසුන්දරගේ ජව සම්පන්න නර්තනය ගැන නර්තනය ශිල්පීන් , වගේම තව එක එක්කෙනා කතා බහට ලක් කෙරුනා. ජගත් ගේ රංගනය අංගම් සටන් වල හස්ත හා පා චලන වලට සමාන බවත් පිරිමි නැටුම් හා තාණ්ඩව ගති තියෙන බවත් කතාබහට ලක් වෙනවා මම දැක්කා.
ජගත් මල්ලි 2007 සිට 2011දක්වා ලංකාවේ මගෙ නටමු නර්තන කණ්ඩායමේ ප්‍රධාන නර්තන ශිල්පියෙක් විදියට perform කරන්න පටන් ගත්තා. මට ඔහුව මුණ ගැසෙන්නෙ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේදියි.

ජගත්ව මම දුටුවේ පරිපූර්ණ වෙස් නර්තන ශිල්පියෙක් වගේම ලතින් සහ බැලේ Dancer කෙනෙක් විදියට. ඔහු මා වෙත පැමිණීයේ සාම්ප්‍රදායෙන් එහා ගිය නිර්මාණ නර්තන ඉගෙන ගැනීමටයි. ඔහු තුලින් මම දුටුවේ තාණ්ඩව නර්තන රිද්මයක්.

නර්තන ශිල්පියෙකුගෙ ශරීරයෙන් උද්දීපනය වන විවිද හැඩ තලවල රිද්මය නර්තන නිර්මාණය කරන choreographer කෙනෙක් හදුන ගන්න ඕනෙ. එවගේම නර්තන ශිල්පියා සහ නර්තන වින්‍යසගත කරන choreographer අතර නියම සහසම්බන්ධයක් ගොඩ නගා ගත්තෙ නැත්නම් නිර්මාණය අඩ පණ වෙනවා.

ජගත් යනු දක්ෂ නර්තන ශිල්පියෙක්. ඔහු ඉතා පහසුවෙන් නර්තනය ග්‍රහණය කර ගන්න දක්ෂ ශිල්පියෙක්.
ඔහු තුළ තිබු strong and rough dance movements මම choreographer කෙනෙක් විදියට හදුන් ගත්තද ඔහුව soft and rhythmic body movements එක්ක Expression with feelings යන නර්තන නියමයට අනුව වේදිකාවෙ perform කරන්න පුහුණුව ලැබුවා.
Expression with feelings” කියන නර්තනයේ නියමයන්ට අනුව රඟපෑම කියන්නේ ශරීර චලන වලට පමණක් සීමා නොවී,
මුහුණේ හැඟීම් (facial expressions), ඇස්, අත්, ශරීර භාවිතය ඔක්කොම එකට ගැළපෙන විදිහට හැඟීම් ප්‍රේක්ෂකයන්ට දැනෙන ලෙස ප්‍රකාශ කිරීමයි. ඔහු එයට නියම සුදුස්සෙක්.

ඒ ,දවස් වල සමාජ මාධ්‍ය අපට තිබුණෙ නෑ. අපි කරපු ලස්සන නිර්මාණය පෙන්වන්න. ඇත්තටම අපි කණ්ඩායමක් විදියට ඉහල තලයකට ගියා. ජගත් ජයසුන්දර එහි මුල් ශාකාවක්.

ඉතිං ජගත් ජයසුන්දර මල්ලි හැමෝම දැක්කෙ ඔයාගෙ තාණ්ඩව නර්තන හැඩ විතරයි. මම කැමතියි ඔයාව හදුන්වන්න ඔයාට නර්තනයේ තාණඩව වගේම අර මම කිව්ව expression with feelings එක්ක නටන soft dancer කෙනෙක් විදියටත් හදුන්වන්න.
ලංකාවෙ හිටිය නම් අපි ගොඩක් වැඩ කරලා.
ආඩම්බරයි

චතුරි වික්‍රමාරච්චි

රවිඳු යසස් ශ්‍රී –

පිරිමියෙක් නියම පිරිමියෙක් විදියට නටන කොට ඒක මාරයි..නැටුම් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාවෙන් මට මේක පැහැදිලි කරලා දෙන්න. මේ විඩියෝ එකේම මේ ගැරුවරයාගේ නර්තනයේ සමහර තැන්වල කුංෆු (Kung Fu) සහ ජිට්කුන්ඩෝ ( jeet kune do ) සටන් කලාවට සමාන අතපය හැසරවීම් තියෙනවා ඒ ඇයි????

ජගත් ජයසුන්දර

“පුතෙ ඒ නටන්නෙ මම… ඉස්සර අපෙ අංගම්පොර සටන් කලාව විදේශිකයන් විසින් විනාස කරනකොට එ සටන් කලාව අපෙ මුතුන්මිත්තන් විසින් හැංගුවේ අපෙ නර්තනය ඇතුලේ..ඒකයි ඔයාට එහෙම දැනෙන්නේ..”

ජයමිණි ගීගනගේ

“විදේශිකයන් විසින් අපේ රට යටත් කරගෙන ඉන්න කාලේ මල්ලි අපේ අයට ඒ අය එක්ක සටන් කරන්න සටන් පුහුණුවෙන්න අවස්ථාවක් ලැබිලා නෑ.. ඒ කියන්නේ එහෙම සටන් පුහුණු වීම් කලොත් එයාලට සිරගත කරනවා.එහෙම නැත්න්ම් මරණවා..
ඊටපස්සෙ මේ කැරැල්ල සාර්ථක කරගන්න යොදවපු උපක්‍ර්මයක් තමයි ජව සම්පන්න තරුණයනව යොදවල නර්තන පුහුණුවීම් කරන අටියෙන් සටන් පුහුණුවක් ලබා දුන්න.නර්තනය ඇතුලේ තනිකරම තිබ්බෙ සටන් පුහුණු.
අංගම්පොර කියල කලාවක් බිහිවුනෙ ඒ විදියට..
ඒවයි තාල පවා නිර්මාණය කරල තියෙන්නෙ අහන කෙනෙක් ට පවා ජවයක් ඇති වෙන විදියට..
YouTube එකේ බලන්න අංගම්පොර නර්තන..”

මේ තමයි ජගත් ජයසුන්දර
මම මූ ගැන දන්නේ මීට අවුරැදු 20කටත් එහා අතීතයකට ගිහිල්ල මොකද අපි සාන්ත තෝමස් විද්‍යාලයේ අකුරු කියපු අය ..
ජගත් මලයගේ අය්යා තමයි අරුණ ජයසුන්දර මලයා..
මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ සිටි අති දක්ෂ තූර්ය වාදන කණ්ඩායමේ සාජන් කෙනෙක් ..
මමත් ඉතිං යාන්තමට බෑන්ඩි ගැහුවා..
ඒ කාලේ තමයි ඔය අපේ වචන වලින් කියුවොත් පොඩි ජයසුන්දර මලයා අඳුරා ගත්තේ..
ඔය අතරේ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ හිටියා ලංකාවේ ලස්සනටම පද ගලපලා, සුරල් කරලා දරැවන්ට වාදනය නර්තනය උගන්නපු , ගුරැ මුෂ්ටිය අහලකවත් නැති සුන්දර නර්තන ගුරැවරයෙක්, නමින් සිරිසේන සර්..
ඒ ගුරැතුමාගේ නර්තනය හැදෑරැවා අපි ඔක්කොම එකට..
හැබැයි ජඟා කියන්නේ අති දක්ෂයෙක්..
මොකද සමස්ත ලංකා පාසල් ඒකල තම්මැට්ටම් වාදනය, පිට පිට තුන් වාතවක්ම ප්‍රථමයා වුන කෙනෙක්..
ඒ වගේම මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ පෙරදිග තූර්ය වාදන කණ්ඩායමෙි ප්‍රබල සාමාජිකයෙක්..
ඔහුගේ පාසල් කාලය ගැන මතක් කරණකොට කිව යුතුම දෙයක් තියෙනවා,ඒ ඔහුගේ බිරිද,එදා ඔහුගේ පාසල් පෙම්වතිය, නමින් ඇය චින්තා නංගි ඇයත් දක්ෂ නර්තන ශිල්පිණියක් පාසල් කාලයේ..
ජගත් මලයා පාසල් පෙම් සුවඳ විදිනකොට, චින්තා නංගිගේ ආරක්ෂකයෝ සහෝදරයෝ දෙන්නා තිසේරා මලයලා දෙන්න, පොඩි පොඩි අංචි ඇන්දට,අද ඔවුන් තිදෙනා පට්ටම සහෝදරයෝ..
කොටින්ම කියුවොත් තුන් දෙනා එකට මදු විත පානය කරලා නොදන්න ගාණට ගොඩ වෙනවා ගෙට..
ඔන්න ඔහොමයි මම ජඟා ගැන දන්න අතීතයෙන් ටිකක්..
හැබැයි මම මේ කියන්නේ ජගත් ජයසුන්දර කියන ගුරැවරයා ගැන.මම මීට කලිනුත් මුහුණ පොත තුලින් වචන ටිකක් ලියුුවා ..

ජගත් ගුනසුන්දර

Ars Gallery Moments page එකෙන් මේ දවස් ටිකේම “අසෝමා රඟපිල” වෙස් මංගල්‍යයේ වීඩියෝ සැරින් සැරේ upload කරනවා. හරියට මැන්ඩියටවත් ඉන්න බැරි, ඇඟේ කිසිම තාලයක් නැති මම පිස්සුවෙන් ඒ වීඩියෝ ටික ආයෙ ආයෙ බලනවා. නර්තනය ගැන කිසිම දැනීමක් නැති මම අපේ රටේ නර්තන කලාව රස විඳින්න එදා ඉඳලම ආසයි. විශේෂයෙන්ම පිරිමි පාර්ශවය වෙස් නැටුම් නටනවා රස විඳින්න මම පුදුම තරම් ආසයි.
ඒ වීඩියෝ වල එක විශේෂ වීඩියෝ එකක් මම දැක්කා, ඒකෙ comments වල පවා තිබුනෙ පිරිමි පිරිමි විදියට නටද්දි කොයි තරම් ලස්සනද කියලා.
ජගත් ජයසුන්දර කියන සර්ගෙ එක්තරා විශේෂිත වූ උඩරට නර්තනාංගයක් තමයි Ars Gallery Moments විසින් ඒ විදියට capture කරගෙන තිබුනෙ. ඒක කොච්චර බැලුවත් එපා නොවෙන යක්ෂ ගැම්මකින් හරිම තේජසකින් නටපු නර්තනයක්.

ඔය වීඩියෝ එකේ එක comment එකක් විශේෂයෙන්ම මට highlight උනා. ඒ comment එක සහ සර්ගෙ reply එක copy කරලා මම පහළින් දාන්නම්.
පිරිමියෙක් නියම පිරිමියෙක් විදියට නටන කොට ඒක මාරයි..නැටුම් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාවෙන් මට මේක පැහැදිලි කරලා දෙන්න. මේ විඩියෝ එකේම මේ ගැරුවරයාගේ නර්තනයේ සමහර තැන්වල කුංෆු (Kung Fu) සහ ජිට්කුන්ඩෝ ( jeet kune do ) සටන් කලාවට සමාන අතපය හැසරවීම් තියෙනවා ඒ ඇයි????
පුතෙ ඒ නටන්නෙ මම… ඉස්සර අපෙ අංගම්පොර සටන් කලාව විදේශිකයන් විසින් විනාස කරනකොට එ සටන් කලාව අපෙ මුතුන්මිත්තන් විසින් හැංගුවේ අපෙ නර්තනය ඇතුලේ..ඒකයි ඔයාට එහෙම දැනෙන්නේ..
නර්තනය ගැන දන්න අය සමහරවිට ඒ ගැන දන්නවා ඇති. ඒ උනාට ඒක කියෙව්වම මට හිතුනෙ අපේ දේවල් ගැන, අපේ උරුමය ගැන, අපේ සංස්කෘතිකාංග ගැන අපි නොදන්න දේවක් කොයි තරම් තියෙනවද, ඇයි මේ දේවල් ලෝකෙට අරන් නොයන්නෙ කියලා.
අවුරුදු 2500ක ප්‍රෞඪ ඉතිහාසයක් සංස්කෘතියක් ගැන පාරම්බාන අපේ සංස්කෘතිය ඇතුළෙ ඇත්තටම ලෝකයක් ඉස්සරහ පම්පෝරි ගහන්න ඕනි මේ වගේ දේවල් තව කොයි තරම් සැඟවිලා ඇතිද.
අශෝකා ගුණසේකර මිස්ගෙ කලායතනයට වගේම Ars Gallery Moments page එකට අනේක වාරයක් ස්තුතියි, අපේකම මේ තරම් ලස්සනක්, අභිමානයක් කියන දේ අපිට පෙන්නුවට. ඒ හැම වීඩියෝ එකක්ම capture කරපු, edit කරපු විතරක් නෙවෙයි ඒ වීඩියෝ වලට caption දාපු තැන ඉඳල හැමදේම කරල තිබුනෙ මේ අපේකම මිනිස්සු අතරට යන විදියට.

බිමල්කා යෙහානි

මේ දිනවල සමාජ මාධ්‍ය පුරාවටම අතිශයින් කතාබහට ලක්ව ඇති අපේ උඩරට නැටුම් කලාවේ අසිරිය රැගත් වීඩියෝ දර්ශන පෙළක් ගැනයි මේ සටහන.
මෙම වීඩියෝවලට පාදක වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නර්තනාචාර්යවරියක වන අශෝකා ගුණසේකර මහත්මියගේ .අසෝමා රගපිල කලායතනයේ වෙස් මංගල්‍යය 2025
වයස් සීමාවකින් තොරව, අශෝකා මැඩම් ඇතුළු ඇයගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය ගණනක් එකට එක්වී, උඩරට නැටුම් කලාවේ අපූර්වත්වය විදහා දක්වන ආකාරය දැකීම, අප කාගේත් හදවත්වලට ආඩම්බරයක් සහ ප්‍රීතියක් ගෙන දෙන සුන්දර දසුනක් මවනව
ඒ විතරක් නෙවෙයි ජගත් ජයසුන්දර සර්ගෙ ජව සම්පන්න නර්තන විලාශය කියලා වැඩක් නෑ super .
පිරිමියෙක් ලස්සන ජවයෙන්, ගාභීරත්වයෙන් නටද්දි. හරියට මේ වගේ අංගම්පොර සටන් කලාව ශ්‍රී ලාංකේය නර්තනය තුළ ගැබ්ව පවතින අගනා උරුමයක් බවත්, නර්තනයේ අංගහාර ලක්ෂණ තුළ ඒ සටන් ක්‍රමයේ බොහෝ අංග අන්තර්ගත වන බවත් මෙයින් පෙන්වයි. එය දැක නැටුමට ආසාවක් ඇතිවීම ස්වභාවිකයි. අපගේ උපදේශකතුමා සැබෑ දක්ෂයෙකු ලෙස මේ උරුමය ජීවමාන කරමින් පවත්වාගෙන යාම ගැන ගෞරවයත් ආඩම්බරයත් උපදවයි. ඔබතුමාට ශක්තිය, නිරෝගීකම සහ දිර්ඝායුෂ ලැබේවා. .

“මල් පිපෙන්නේ මුල්වල හයියෙන්”
එම වීඩියෝවක සඳහන් වූ “මල් පිපෙන්නේ මුල්වල හයියෙන්” යන සටහන කොයිතරම් සත්‍යයක්දැයි එම නැට්ටුවන් පිරිස ඔප්පු කර ඇත. අශෝකා ගුණසේකර මැඩම් නමැති ශක්තිමත් මූලය විසින් පෝෂණය කරන ලද එම නැටුම් ශිල්පීන්ගේ අඩි තැබීම්වල හා රංග විලාසයන්හි ඇති අලංකාරය, අපේ පාරම්පරික උරුමයන් කෙරෙහි ගෞරවයක් ඇති කරමින් ඇඟේ හිරිගඩු පිපීමට සමත්ය.
නිසැකවම, මෙම ශක්තිමත් මූලයෙන් වැඩුණු අංකුර මේ වන විටත් ලොව පුරා අපේ සංස්කෘතික පණිවිඩය ගෙන යනවා ඇති.
කාගෙත් අවධානය යොමු වූ ඇය අසූ වියේදීත් වේදිකාව වශී කළ විශිෂ්ටත්වය!
මේ සියලු දෙනා අතරේ බොහෝ දෙනෙකුගේ නෙත් සිත් ඇදගත් විශිෂ්ට චරිතයක් විය. ඇය නම්, ශ්‍රී ලංකාවේ ප්‍රථම නර්තන මහාචාර්යවරිය වන, මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ මහත්මියයි!
අසූ විය ඉක්මවා ඇති ඇය, තරුණ නර්තන ශිල්පීන්ට සමව, නර්තනයේ යෙදෙන ආකාරය විස්මයජනක ය. එම වයසේදී, ඒ බර සහ වෙහෙස නොතකා ඇය දක්වන දක්ෂතාවය අති විශිෂ්ටයි.
ඇයගේ ශක්තිය හා නර්තන විලාසය, වත්මන් තරුණ පරම්පරාවට පවා අභියෝගයක් වන බව නොඅනුමානයි. ඒ මැන්ඩිය ඒ අත් ඒ බර එක්ක දැන් ඉන්න අයට හැරෙන්නවත් බෑ.
මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ මැතිනිය පැවත එන්නේ ශ්‍රී ලංකාවේ උඩරට නර්තන කලාවට ප්‍රමුඛ වූ, මහනුවර අමුණුගම ග්‍රාමයේ පිහිටි පාරම්පරික ගුරු පරම්පරාවකිනි. මෙම ගුරු කුලයේ ප්‍රමුඛයෙකු වූ අමුණුගම සුරඹා ගුරුන්නාන්සේ විසින් කලා ශාස්ත්‍රය පවත්වාගෙන ගිය අතර, මෙහි උරුමය නර්තනයට පමණක් සීමා නොවීය. එය බලි යාතු කර්ම ඇතුළු පුළුල් වූ පාරම්පරික ශාස්ත්‍ර ගණනාවකට සම්බන්ධ වූ විශාල කලා සම්ප්‍රදායකි.
ඇය විසින් සඳහන් කරන ලද ‘අමුණුගම මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩලය’ ඇගේ පවුලේ සාමාජිකයන් විසින් ආරම්භ කරන ලද ආයතනයක් වන අතර, පාරම්පරික දක්ෂතාව සහ ශාස්ත්‍රීය දැනුම මුසු කිරීමට එය මූලික විය.

අපේ පාරම්පරික දැනුම හා හැකියාවන් අදටත් ඉතිරි වී ඇත්තේ මෙවැනි ආදරණීය මිනිසුන් නිසාවෙනි. මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ මැතිනිය පවසන්නේ, ඔවුන්ගේ ‘අමුණුගම මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩලය’ සොල්බරි සාමිවරයා විසින් විවෘත කරන ලද ප්‍රථම නිල කලායතනය බවයි. ඇය විශ්වාස කරන්නේ මෙම විශ්වවිද්‍යාලය නිසා පාරම්පරික නර්තනය හදාරණ දරුවන්ට ජාත්‍යන්තර තලයට යෑමට හැකි වී ඇති බවයි.

පාරම්පරික ශිල්පීන් රැකගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් අවශ්‍ය බව ඇගේ අදහසයි. “නර්තනය, බෙර හඬ කියන්නේ මගේ හුස්ම පොද යි” යන්නෙන් ඇය කලාවට ඇති බැඳීම විදහා දක්වයි. මුල්කාලීනව සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේත් පසුව ශ්‍රී ජයවර්ධනපුර රුහුණ පේරාදෙණිය ආදී විශ්වවිද්‍යාල වල සේවය කළ එතුමිය වර්තමානයේ දී ශ්‍රී දළදා මාලිගාව මගින් පවත්වාගෙන යනු ලබන siba campus හි නර්තනාංශයේ පීඨාධිපති තුමිය ලෙසද කටයුතු කරයි
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ට ජ්‍යෙෂ්ඨයකු වන මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ මහත්මියටත්, සිය ගණනක් නර්තන ශිල්පීන්ට මග පෙන්වන අශෝකා ගුණසේකර මහත්මියටත්, දීර්ඝායුෂ ලැබේවා! තවත් බොහෝ පිරිසක් නැටුම් කලාවෙන් පෝෂණය කිරීමට ඔවුන්ට සවිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

මේ ජාතික සම්පත රැකගන්නා උඩරට නර්තන රැජිණට සහ ඇගේ සේවයට අපගේ ප්‍රණාමය!
Ars Gallery Moments වීඩියෝ නිර්මාණ කණ්ඩායමට මෙම විස්මිත කලාත්මක අවස්ථාව මෙතරම් සුන්දරව කැමරා කාචයේ සටහන් කර, දක්ෂ ලෙස සංස්කරණය කර, හදවත් ස්පර්ශ කරන සටහනක් සමඟ අප වෙත ගෙන ආ වීඩියෝ නිර්මාණ කණ්ඩායමට ද අපගේ විශේෂ ස්තූතිය! ඔබගේ කලාත්මක දායකත්වය අගය කළ යුත්තකි!​

ඒ විතරක් නෙවෙයි බලන්නකෝ ගීතයක් වීඩියෝවක වටිනාකම ඉහළ නංවන ආකාරය සංගීතය සහ දර්ශන අතර සම්බන්ධය විමසිය යුතුය. ගීතයක චිත්තවේගීය ස්වරය (emotional tone) එය ශක්තිමත්, ශාන්ත, හෝ ජවසම්පන්න වුවත් වීඩියෝවේ අන්තර්ගතයට හොඳටම ගැලපෙනව.
“දළදා වරම්” ගීතයේ ජව සම්පන්න රිද්මය නර්තන ශිල්පීන්ගේ උරුමය සහ ශක්තිය විදහා දැක්වෙන දර්ශන සමඟ ඒකාබද්ධ වූ විට, එම දර්ශන වඩාත් බලවත් හා අර්ථවත් වේ. එනම්, සංගීතය, තිරය මත දිස්වන ක්‍රියාවන්ගේ උද්වේගය වැඩි කිරීමෙන් හෝ නිහඬ මොහොතක ගැඹුර වැඩි කිරීමෙන්, නරඹන්නාගේ අවධානයට හා හැඟීම්වලට අමතර මානයක් එකතු කරමින් වීඩියෝවට අමුතුම ආකාරයේ අමතර වටිනාකමක් දීලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ ඉතින් දළදා වරම් නිර්මාණයට දායක වූ පිරිසත්
අගය කිරීමට කළ යුතුමයි

ඩිල්ශාන් මධුරංග

එක්තරා ප්‍රවීණ නර්තනාචාර්යවරියකගෙ කලායනතනයේ වෙස් මංගල්‍යයක වීඩියෝ කිහිපයක් ඊයෙ ඉඳල බුකිය පුරාවටම සැරිසරනවා. අශෝකා ගුණසේකර නම් වූ ජ්‍යෙෂ්ඨ නර්තනාචාර්යවරියක ළඟ හැදී වැඩුණු සිය ගණනක් වූ එක එක වයස් වල උඩරට නැට්ටුවො තමන්ගෙ ගුරුවරිය එක්ක හරි හරියට නර්තනයේ යෙදෙනවා. ඒක බලා ඉන්න හරිම ආස හිතෙන හිතට ආඩම්බරයක් දැනෙන සුන්දර දසුනක්
එක වීඩියෝ එකක caption එක උන “මල් පිපෙන්නෙ මුල් වල හයියෙන්” කියන කතාව කොයි තරම් හරිද කියලා ඒ නැට්ටුවො ටික ඔප්පු කරනවා. ඒ අඩි වල ඒ හැඩ වල ලස්සන; මේ අපේ දේවල් අපේ පාරම්පරික උරුමයන් නේද කියන හැඟීමෙන් ඇඟේ හිරිගඩු පිපෙනවා.
ඒ මුල කොයි තරම් හයියද ඒ මුලේ හයියෙන් වැඩුණ අංකුර නිසැකවම රට පුරා ලොව පුරා අපේ පාරම්පරික උරුමයන් ගැන පණිවිඩය මේ වන විටත් බෙදා හරිනවා ඇති, තවත් සිය දහස් ගාණක් අංකුර ඒ ගස් හෙවණේ වැඩෙනවා ඇති.
ඒ වීඩියෝ වල කොල්ලො කෙල්ලො එක්ක හරි හරියට නටන අති ජ්‍යෙෂ්ඨ නර්තනාචාර්යවරියක් ඒ කොල්ලො කෙල්ලො ඔක්කොම අතරෙ මගෙ හිත හොරාගන්නවා. පහළ ඡායාරූපයෙ ඉන්නෙ ඇය. පසුව දැනගත් විදියට ඇය ලංකාවේ පළමු නර්තන මහාචාර්යවරිය. මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ මහත්මිය.
වීඩියෝවෙන් පමණක්ම දුටු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ට ජ්‍යෙෂ්ඨයෙකු උන ඇයටත් මේ උඩරට නැට්ටුවො සිය ගණනකයෙ ගුරුතුමිය අශෝකා මිස්ටත් දීර්ඝායු වේවා. තවත් සිය දහස් ගණනක් නර්තනයෙන් පෝෂණය කරන්නට එතුමියට සවිය ලැබේවා.

බිමල්කා යෙහානි

Facebk ජාලයේ පළවූ සටහන් කිහිපයකි

Related articles

මහවැලි ඉවුර – අඹන් ගඟ ආපදාවෙන් යළි නැඟිටියි !

‘මහවැලි මහ නදිය වෙන අතක හැරී ගලා බසී. මහවැලි ගඟ මහවේතැන්නේදී උතුරා යෑම නිසා වෙනත් මාර්ගයක් ඔස්සේ ගලාබසින්නට පටන්ගෙන...

අවසන් ගමන යන තැනත් – ජීවිත ගොඩනගන තැනක් !

කොත්මලේ ජලාශයේ බැම්ම පුපුරාගොස් ඇති බවට ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. තවත් තැනක දැක්වුණේ බැම්ම බරපතළ අනතුරක තිබෙන...

ළහිරු දෙද්දුවකුමාරගේ “සංස්පර්ශ”

අපේක්ෂා දනවන කවියකුගේ ආගමනය. මෙතෙක් අන් විවිධ මාධ්‍යවලින් අපට මුණගැසුණ ළහිරු දෙද්දුවකුමාර කවියා, දැන් සිය ප්‍රථම කාව්‍ය එකතුව පාඨකයන්ට...

කතන්දර පොතින් මතුවන කතන්දරය

ළමා නිර්මාණ සෘජුවම ළමා මනෝවිද්‍යාව හා සම්බන්ධ වූවක් වන අතර එය අධ්‍යාපන මූලධර්මයන්ට ද අදා‍ළ ය. ළමුන් වෙනුවෙන්...