දේශබන්දුගේ තීන්දුව නීතියට පටහැනියි – කොළඹ මහාධිකරණයෙන් තීන්දුවක් !

Share post:

2022 මැයි 09 වන දින ගාලු මුවදොර ගෝඨාගෝගම අරගලය භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ඉදිරිපත් වූ පෞද්ගලික පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව, අදාළ පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අරගලකරුවකු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව අද (18) පැවති නඩුවාරයේදී කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

කෙසේ නමුත්, මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රතික්ෂේපිත වූ මෙම පෞද්ගලික පැමිණිල්ල, අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා අරගලකරුවෙකු විසින් ගොනු කර තිබූ අතර, මහාධිකරණය අද ප්‍රකාශ කළේ එම නිගමනය නීත්‍යානුකූල නොවන බවයි.

Related articles

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු, ඇත්ත සහ මම

ඇත්ත පුවත්පතට සම්බන්ධ වීම සඳහා විමලනාත් වීරරත්න මට දුන් ඇමතුම අනුව ජයතිලක සිල්වා හමුවුණෙමි.මා සම්මුඛ පරීක්ෂණයට ලක් කළේ...

වසර 28ක් පුරා එකම නගරයක, එකම පවුලක සාමාජිකයන් බෙදා වෙන්කළ බර්ලින් තාප්පය

දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ 1945 මැයි 8 වෙනිදා. ජයග්‍රහණය කරන මිත්‍ර පාර්ශ්වය වන්නේ සෝවියට් රුසියාව.....

කොක්අඩිචෝලෙයි : වසර 38ක් තිස්සේ යුක්තිය අහිමි සමූහ ඝාතනයක් !

කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් අනීතිකව දුන් අක්කර 5ක් ආපසු ගනී : අපියි කිව්වෙ ගන්න කියලා – සංගමයේ ලේකම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී...