රන් ආභරණ උකස් කිරීම වාර්තාගත ලෙස ඉහළට : අරමුණ කෘෂිකාර්මික කටයුතු සහ අධ්‍යාපනය !

Share post:

2022 වසරේ මුල් මාස 10ක කාලයේදී, එනම් ඔක්තෝබර් දක්වා දිවයින පුරා ලක්ෂ 40ක පමණ ජනතාවක් රුපියල් කෝටි දහනව දහස් තුන්සියයකට (19,300) වැඩි වටිනාකමකින් යුත් රත්තරන් බඩු ප්‍රමාණයක් (ආභරණ) බැංකු ඇතුළු මූල්‍ය සමාගම්වලට උකස් කර ඇතැයි අධ්‍යයනයකදී තොරතුරු හෙළි වී තිබේ.

විශේෂ අධ්‍යයනයකදී මෙම කරුණු හෙළිවූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කරයි.

දිවයිනේ ප්‍රධාන බලපත්‍රලාභී වාණිජ බැංකු ඇතුළු මූල්‍ය සමාගම් 13ක් සහ ප්‍රධාන උකස් සමාගම් 10ක් යොදාගෙන කළ විශේෂ අධ්‍යයනයකදී මෙම තොරතුරු අනාවරණය වූ බවත්, 2021 වසරේදී මෙසේ උකස් කරන ලද ආභරණවල ප්‍රමාණයට සාපේක්ෂව මෙය විශාල වැඩිවීමක් බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතරින් වැඩි පිරිස මධ්‍යම පාන්තික පවුල්වල සාමාජිකයන් බවත්, මෙසේ ආභරණ වැඩි ප්‍රමාණයක් උසස් කර ඇත්තේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ අමුද්‍රව්‍ය මිලදී ගැනීමට බවත් මහාචාර්යවරයා අවධාරණය කරයි.

මේ අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් නොමැති වීම ඇතුළු පාරිභෝගික අවශ්‍යතා පදනම් කරගෙන මෙසේ වැඩි වශයෙන් ආභරණ උකස් කර ඇතැයි එම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ.

මේ අතර මහාචාර්යවරයා පවසන ආකාරයට මේ වසරේ පමණක් රත්තරන් මිල සියයට 80කින් පමණ වැඩිවී ඇත. අද වන විට වෙළෙඳපොළේ රන් පවුමක මිල ලෙස සටහන් වන්නේ රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහස් එකසිය පනහකි. රන් පවුමක මිල මීට වසර කිහිපයකට පෙර පැවතුණේ රුපියල් හැටදහස – හැත්තෑ දහස අතර සීමාවේ ය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...