අපි ඔක්කොම වමේ : අපි ප්‍රජාතන්ත්‍රවාදීයි – පා.ම. නාමල් රාජපක්ෂ

Share post:

‘අපි හැමෝම වමේ දේශපාලන බලවේග. අපි ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් අපිත් එක්ක හිටපු හැමෝම එක්ක සාකච්ඡා කරන්න සූදානම්’ යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (10) පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ නීත්‍යනුකූල ව කඩිනමින් පැවැත්විය යුතු වන්නේ පළාත් පාලන මැතිවරණය බවයි. එම මැතිවරණයට සූදානම් වන ආකාරය සම්බන්ධයෙන් අද මූලික සාකච්ඡාවක් පැවැත්වූ බව ද මන්ත්‍රීවරයා පැවසීය.

අපිට ගැටළු නෑ

‘අපිත් එක්ක ඉන්න හැමෝම පොදුජන පෙරමුණත් එක්ක ඉස්සරහට යන්න සූදානම්. ඒකෙ කිසි ගැටළුවක් නෑ. අපේ රටේ අරගලවලින් ආණ්ඩු වෙනස් කරනවද, මැතිවරණවලින් ආණ්ඩු වෙනස් කරනවද කියන එක අපි තීරණය කරන්න ඕනෙ. අපි ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි.’

නීතිය දැන් හරි

වැඩිදුරටත් මෙහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ ද සඳහන් කළේය.

‘ජනාධිපතිවරයා නීතිය හා සාමය තහවුරු කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. බදු එක්ක ජනතාවට යැපෙන්න අමාරුයි. ඒක අපි දන්නවා. අපි ඒ ගැන අවධානය යොමුකරනවා. මේ ජීවන වියදමේ වැඩි වීම ලංකාවට විතරක් අදාළ දෙයක් නෙමෙයි, ඇමෙරිකාව, එංගලන්තය මේ හැම රටටම මේ තත්ත්වය අදාළයි.’

අපි ප්‍රතිපත්ති හදලා දෙන්නම්

තරුණයන් රැකියා අවස්ථා සඳහා සීග්‍රයෙන් විදේශගත වීම සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළකළේය.

‘තරුණයන්ට මේ රට ගැන විශ්වාසයක් ඇති කරන්න නම් අපි ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනෙ. ඒ සඳහා අපි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කොමිසමක් යෝජනා කරලා තියෙනවා ජාතික සභාව විදිහට. විධායකය යටතේ පාර්ලිමේන්තුවට වගකියන ආයතනයක් පිහිටුවන්න අපි ඒ හරහා මැදිහත් වෙනවා. මොන දේශපාලන පක්ෂය බලයට ආවත් නිවැරදි ප්‍රතිපත්තියක් තිබුණොත් ගැටළුවක් වෙන්නෙ නෑ. මේ තරුණයො ලෝකයේ රැකියා වෙළෙඳපොළට ගැලපෙන විදිහට අපි හදන්න ඕනෙ.’  

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...