එක පෑන් පහරින් ට්‍රම්ප් ක්‍රියාත්මක කළ මුල්ම නියෝග

Share post:

ඇමෙරිකාවේ 47 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරීපත් වුණා.
එහිදී ඔහු පළමු රාජකාරිය ලෙස, වැඩ භාරගත් පළමු මොහොතේම සිය විධායක බලතල භාවිතා කරමින් විධායක නියෝග කිහිපයකට අත්සන් කළා.

ඇමෙරිකා ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපති තනි කැමැත්තෙන් අත්සන් කරන විධායක නියෝග කිසිවෙකුට හෝ අභියෝග කළ නොහැකියි.

ඒවා එක් ක්ෂණයකින් රටෙහි නීතිය සහ ජාතික ප්‍රතිපත්තිය බවට පත්වෙනවා.
ඒ බලවත් විධායක ජනාධිපති ක්‍රමයත් ඇමෙරිකාවේ සංවර්ධනයට එක් හේතුවක්. මන්ද එහිදී තීරණ ලබා ගැනීම සහ ක්‍රියාත්මක කිරීම අතිශය වේගවත් වෙනවා.

ආයතන කිහිපයකින් පරීක්ෂා කර, සාකච්ඡා කර, ඡන්ද විමසා නීති පැනවීම කල්ගත වන වැඩක්. බලය එක් තැනකට කේන්ද්‍ර වෙද්දී තීරණ ලබා ගැනීම සහ රටක් පවත්වාගෙන යාම පහසුයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එතරම් වැදගත්ව සැලකු, මේ මොහොතේ සිට ලෝකයේ බලවත්ම රාජ්‍යයේ ක්‍රියාත්මක විධායක නියෝග මේවායි.

⚫ නිතීවිරෝධි සංක්‍රමණික පවුල් වලට දාව ඇමෙරිකාවේ උපදින දරුවන්ට, ඇමෙරිකානු පුරවැසිභාවය හිමිවීම (Birthright citizenship) මෙතැන් සිට අහෝසියි.
මෙය වාමාංශිකයන්ගේ ප්‍රධාන සටන් පාඨයක්. ට්‍රම්ප් නීති විරෝධි සංක්‍රමණිකයන් පිටමන් කරනවා නම්, මේ දරුවන් ඇමෙරිකාවේ සිටින විට පවුල් කැඩෙන බව ඔවුන් කීවා.
එයට ට්‍රම්ප් පාර්ශවයේ පිළිතුර වූයේ සමස්ථ පවුලම පිටමන් කරද්දී, එවැනි ගැටලුවක් ඇති නොවන බව.

⚫ 2021 ජනවාරි හය වෙනිදා කැපිටල් ගොඩනැගිල්ලේදී අත්අඩංගුවට ගත් දේශපාලනික සිරකරුවන්ට (ට්‍රම්ප් පාක්ෂිකයන්) 1500 කට ජනාධිපති සමාව සහ නිදහස
2020 ජනාධිපතිවරණය අවසානයේ කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුනු ට්‍රම්ප් පාක්ෂිකයන් ඩිමොක්‍රටික් රජය විසින් අත්අඩංගුවට ගත්තා.

⚫ කොවිඩ් සමයේ ඇමෙරිකානු පුරවැසියන් බලහත්කාරයෙන් නිවෙස් වල රැදවීමට සහ එන්නත් ලබා දීමට නිර්දේශ පැනවූ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවතට.
ඇමෙරිකානුවන් ලෝකයේ අවදානම් ලබා ගන්නා ප්‍රජාවක්. කොවිඩ් සමයේ ඔවුන් නිරොධායනය වීම ප්‍රතික්ෂේප කළා. ඔවුන්ට නිදහසේ ව්‍යාපාර කිරීමට අවශ්‍ය වුණා. බලහත්කාරයෙන් ඇමෙරිකාවේ නගර සහ ව්‍යාපාර වසා දැමීම ජනතාවගේ දැඩි අප්‍රසාදයට හේතු වුණා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන ආධාරකරුවා වුණෙත් ඇමෙරිකාව. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය දෙදරීමට සමත් පියවරක් වේවි.

⚫ පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඉවත් වුණා. (Paris Climate Agreement)
ඇමෙරිකාව ව්‍යාපාර සහ ව්‍යවසායකත්වය මත ගොඩනැගුණු රටක්. ලෝකයේ වැඩිම ව්‍යවසායක ප්‍රතිශතය සිටින රට ඇමෙරිකාව. නමුත් පැරිස් දේශගුණික ගිවිසුම නිසා බොහෝ ඇමෙරිකානුවන්ට නිදහසේ ව්‍යාපාර ඇරඹීමේ අයිතිය ඇහැරුනා.
නව ව්‍යාපාර ඇරඹීමට පරිසර සහ වෙනත් අවසර අවශ්‍ය වුණා. එය ඇමෙරිකාවේ කවදත් නොතිබූ තත්ත්වයක්. එය වෙනස් කරමින් පැරණි පුරුදු ව්‍යවසායකත්වයට ඇමෙරිකාව ගෙන ඒමට මේ පියවර ඉවහල් වේවි.

⚫ රාජ්‍ය සේවයට අලුතෙන් සේවකයන් බඳවා ගැනීම අත්හිටෙව්වා.

⚫ මෙතෙක් කාන්තාවන්ට සහ ලිංගික අනන්‍යතා සහිත පුද්ගලයන්ට ප්‍රමුඛත්වය ලබා දුන් DEI වැඩසටහන අහෝසි කළා.
මේ වැඩසටහන ඔස්සේ රැකියා ලබා දීමේදි සුදුසුකම් වලට නොව, ලිංගිකත්වය පිළිබඳ පමණක් සලකා බැලීම කෙරුණා.

⚫ ටික්ටොක් තහනම ප්‍රමාද කළා.

⚫ ඇමෙරිකාවේ වෙනත් ලිංගික අන්‍යනයතා පිළිගැනීම තහනම් කළා. මෙතැන් සිට ඇමෙරිකාව හඳුනා ගන්නා ලිංගිකත්වයන් වන්නේ පිරිමි සහ කාන්තා ලෙස පමණයි.

⚫ ලතින් ඇමෙරිකාවේ සිට ඇමෙරිකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනා මත්ද්‍රව්‍ය කාටල, ත්‍රස්ත සංවිධාන ලෙස නම් කළා.

⚫ ඇලස්කාවේ ඛණිජ තෙල් කැණීම් ආරම්භ කිරීමට පියවර ලබා ගත්තා.

⚫ දේශසීමා ආරක්ෂාව තර කිරීමටත් ට්‍රම්ප් නියොගයක් අත්සන් කළා.

⚫ සියලූම ආකාරයේ සංක්‍රමණික පැමිණීම් නියාමනය කිරීමට නියෝගයක් අත්සන් කළා.

⚫ කතා කිරීමේ අදහස තහවුරු කරමින්, අදහස් නියාමනය කිරීමේ රාජ්‍ය මැදිහත්වීම අවසන් කළා.
මේ අනුව මෙතැන් පටන් ඇමෙරිකානුවෙකුගේ කිසිඳු අදහසක්, මතයක් නියාමනය කිරීමට නොහැකියි.

⚫ රාජ්‍ය කාර්යක්ෂමතාවය පිළිබඳ නව දෙපාර්තමේන්තුව ස්ථාපිත කළා. (DOGE – Department Of Government Efficiency)
මේ ඔස්සේ රජයට බරක් සහ කුමන්ත්‍රණ වලට සම්බන්ධ රාජ්‍ය ආයතන, ආරක්ෂක අංශ ඉවත් කරාවි.
එහි ප්‍රධානීත්වය හිමි වූයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඊලෝන් මස්ක්ටයි.
කොටින්ම මේ ආයතනය නම් කර තිබෙන්නේත් ඊලොන්ට අයත් ක්‍රිප්ටෝ මුදල වන ‘ඩොජ්’ නමින්මයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දකුණු අත ලෙස කටයුතු කරන්නේ ඊලෝන්.

⚫ බයිඩන් රජය විසින් ලබා ගත් රටට අහිතකර නීති 78 ක් අහෝසි කෙරුණා.
මේ අතර දැඩි පාරිසරික නීති, දේශගුණික විපර්යාස සම්බන්ධ නීති, ලිංගික දිශානතිය පිළිබඳ නීති, සංක්‍රමණිකයන්ට හිතකර නීති තිබුණා.
ට්‍රම්ප් ගේ ජනාධිපතිවරණ සටන පිළිබඳ මාගේ වීඩියොව පළමු කමෙන්ටුවේ

ඉරේෂාන් සිරිවර්ධන(fb)

2024. 01. 22

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...