එය කැම්පේන් පාරකි නව මගක ගිය – රසිකාගාරයට හඳයා නොමැත ණය

394

කඩමින් කලාවේ හැකි උපරිම සීමා
ආවා වගේ අරගෙන එක එක තේමා
ආරංචියකි වඩවන ප්‍රීතිය බෝමා
පායයි රිදී තිරයෙහි යළි හඳ මාමා

සිනමා රංඟනය ගැන පිළිසිඳි ගාය
නිට්ටාවටම මේ වර නම් සුවවේය
රාණිට රඟන්නේ අනුවම තම න්‍යාය
නොපළන් ඔටුනු නිළි රැජිනිය ස්වර්ණාය

ස්වර්ණා සමගමය ඔහු ඇරඹුවෙ ගමන
හදලා චිත්‍රපටි ඇත දහයක් පමණ
එකොළොස්වැන්න ලෙස රාණිට හිත යොමන
සිනමාවයි ඔහුයි කරනා හැටි රමණ

උද්යෝගයක් විය එන්නත් කලින් මෙය
හැදුවා පොස්ටර් ඩිසයින් ඇහැක් අය
එය කැම්පේන් පාරකි නව මගක ගිය
රසිකාගාරයට හඳයා නොමැත ණය

අරගෙන රාණි අම්මා සහ පුතාව
එන්නත් කලින් හඳයා මේ වතාව
ලිව්වා මෙසේ මම මේ ගැන කතාව
දරු දුක තමයි අම්මෙකුගේ ලතාව

ප්‍රියන්ත කොඩිප්පිලි