එය කැම්පේන් පාරකි නව මගක ගිය – රසිකාගාරයට හඳයා නොමැත ණය

Share post:

කඩමින් කලාවේ හැකි උපරිම සීමා
ආවා වගේ අරගෙන එක එක තේමා
ආරංචියකි වඩවන ප්‍රීතිය බෝමා
පායයි රිදී තිරයෙහි යළි හඳ මාමා

සිනමා රංඟනය ගැන පිළිසිඳි ගාය
නිට්ටාවටම මේ වර නම් සුවවේය
රාණිට රඟන්නේ අනුවම තම න්‍යාය
නොපළන් ඔටුනු නිළි රැජිනිය ස්වර්ණාය

ස්වර්ණා සමගමය ඔහු ඇරඹුවෙ ගමන
හදලා චිත්‍රපටි ඇත දහයක් පමණ
එකොළොස්වැන්න ලෙස රාණිට හිත යොමන
සිනමාවයි ඔහුයි කරනා හැටි රමණ

උද්යෝගයක් විය එන්නත් කලින් මෙය
හැදුවා පොස්ටර් ඩිසයින් ඇහැක් අය
එය කැම්පේන් පාරකි නව මගක ගිය
රසිකාගාරයට හඳයා නොමැත ණය

අරගෙන රාණි අම්මා සහ පුතාව
එන්නත් කලින් හඳයා මේ වතාව
ලිව්වා මෙසේ මම මේ ගැන කතාව
දරු දුක තමයි අම්මෙකුගේ ලතාව

ප්‍රියන්ත කොඩිප්පිලි

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...