නාමල්ට ඇප දුන්නු ගමන් ඉවත් කරගත් අල්ලස් නඩුව මතකද? : රුපියල් මිලියන 450ක ක්‍රිෂ් ගනුදෙනුව ගැන අල්ලස් කොමිසම නව විමර්ශනයක් අරඹයි !

Share post:

ඉන්දියාවේ අමිත් කට්‍යාල්ගේ අත්අඩංගුවට ගැනීම ලංකාවේ මාධ්‍යවලට ද ප්‍රවෘත්තියක් විය. අමිත් කට්‍යාල් යනු ලංකාවට සෘජු ව සම්බන්ධ වූ අයෙකි. කිහිප වරක් ලංකාවට පැමිණි අයෙකි.

ආන්දෝලනාත්මක ක්‍රිෂ් ව්‍යාපෘතියට ඔහු මුදල් යොදවා ඇති බව මේ වන විට තහවුරු වී තිබේ. කළු සල්ලි සුදු කිරීම සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී ඇති කට්‍යාල්, 2023 වසරේදී ද ඉන්දියාවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගැනිණි. දකුණු ආසියානු කලාපයේ රටවල් රැසක කළු සල්ලි ආයෝජන සිදුකිරීමේ චෝදනාව ඔහුට එල්ල වී ඇත.

කොළඹ – කොටුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි අක්කර 4.3ක ඉඩම ක්‍රිෂ් ව්‍යාපෘතිය සඳහා ලබාගැනිණි. නාගරික සංවර්ධන අධිකාරිය මගින් මීට අදාළ කටයුතු සිදුකරනු ලැබුවේ විපක්ෂයේ විරෝධතා මැද 2012 වසරේදී ය. එම ගොඩනැගිල්ල ද මේ වන විට ගැටලුවක් වී තිබේ. ඊට හේතුව එය අනතුරුදායක බවට වාර්තා ඉදිරිපත් වීමයි.

මේ ක්‍රිෂ් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2015 දෙසැම්බර් 26 වැනිදා දූෂණ විරෝධී හඬ වෙනුවෙන් වර්තමාන ඇමැති වසන්ත සමරසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය. එහි සඳහන් වූයේ මෙහිදී දැවැන්ත කොමිස් ගනුදෙනුවක් සිදු වී ඇති බවයි. ඒ පිළිබඳ කඩිනම් විමර්ශනයක් කරන ලෙසයි.

එවකට ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට ද එම පැමිණිල්ල ඉදිරිපත් කෙරුණු අතර, එම කාර්යාලය මගින් අදාළ පැමිණිල්ල විමර්ශන සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට යොමුකෙරිණි. එෆ්සීඅයිඩී හෙවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අංක 07 විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් තමන් විසින් ක්‍රිෂ් ව්‍යාපෘතිය පිළිබඳව සිදුකරන විමර්ශන පිළිබඳ තොරතුරු කොළඹ – කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේය. ඒ, බී/196/2016 අංකය යටතේ ය.

එම කරුණු වාර්තා කිරීමෙන් පසුව ය, අදාළ කොමිස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබුවේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් මේ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු විශේෂයෙන් ඉල්ලා සිටියේ ක්‍රිෂ් සමාගමේ කාර්යාලයේ ඇති පරිගණක සිය බාරයට ගැනීමට අවසර ලබාදෙන ලෙසයි. එවකට කොළඹ – කොටුව මහෙස්ත්‍රාත්වරයා වූ ලංකා ජයරත්න ඊට අවසර ලබාදුන්නේය. ඉන්පසුව එහි මහෙස්ත්‍රාත් ධුරය දැරූ රංග දිසානායක ද මේ විමර්ශනයට අදාළ වැදගත් තීරණ කිහිපයක් ගත්තේය. ඔහු දැන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ය. 16 දෙනකු ඉදිරිපත් වූ සම්මුඛ පරීක්ෂණයෙන් ආණ්ඩුක5ම ව්‍යවස්ථා සභාව මගින් තෝරාගනු ලැබුවේ රංග දිසානායක ය.

පසුව නාමල් රාජපක්ෂට ඇප ලැබිණි. ඉන්පසු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අධිකරණයට දැනුම් දුන්නේ මේ පිළිබඳ ඉදිරි විමර්ශන නොකරන බවකි. අල්ලස් කොමිසම ඊට අදාළ ව පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගත්තේය.

රුපියල් මිලියන 70ක කොමිස් ගනුදෙනුවක් මෙහි දී සිදු වී ඇති බවයි, මාධ්‍ය මගින් මුලදී වාර්තා කරනු ලැබුවේ.
මේ සමස්ත ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 650ක ව්‍යාපෘතියකි. විමර්ශන අංශ පසුව අනාවරණය කරගෙන තිබුණේ මෙහිදී රුපියල් මිලියන 450ක කොමිස් මුදලක් හුවමාරු වී ඇති බවයි. මීට අදාළ සියලු ලේඛන සකස් කර තිබුණේ එන් ආර් කන්සල්ටේෂන්ස් සමාගමයි. එන් ආර් යනු නාමල් රාජපක්ෂ බවට එවකට හඳූන්වනු ලැබිණි. එහි ලියකියවිලි සකස් කර තිබුණේ සුජානි බෝගොල්ලාගම ය.

2022 වසරේදී මේ ගනුදෙනුවට අදාළ තවත් තීරණාත්මක දෙයක් සිදු විය. පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ මේ විමර්ශනය බාරව සිටි ප්‍රධානියා දැන් ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරයකු බවයි. එනම්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශනf කාට්ඨාසයේ එවකට අධ්‍යක්ෂ ධුරය දැරූ රවී වෛද්‍යලංකාර ය. මේ කරුණු අනාවරණය වීමත් සමග එවකට කොළඹ – කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් නියෝගයක් නිකුත් කළේය. එම නියෝගයට අනුව මේ සිදුවීමට අදාළ විමර්ශන මුල සිට නැවත කළ යුතු විය.

දැන් ඊට අදාළ විමර්ශන බොහොමයක් අවසන් ය. එම විමර්ශන ලිපිගොනු ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව බාරයේ ය. පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මීට අදාළ ප්‍රධාන සැකකරුවකු ඉදිරි සති දෙකේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බවකි.

දේශපාලන පළිගැනීම් කතා ද ඒ අතර ඇසේ. කෙසේ වෙතත් කරුණු සහිතව අධිකරණය හරහා විධිමත් යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම පොලිසියේ කාර්යභාරයයි. ජනතාව මේ ආණ්ඩුව පත්කර ගත්තේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ය.

  • ශාලික විමලසේන

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...