මා දැකපු නිහාල් ප්‍රනාන්දු (2025 ජනවාරි 31 – පෙබරවාරි 06 දා බෙයාෆුට් ගැලරිය)

Share post:

මා ග්‍රාන්ට් මකෑන් එරික්සන් ඇඩ්වර්ටයිසිංවල වැඩකරන කාලෙ (ලෝකෙ ඩිජිටල් වෙන්න ඉස්සර) ඉඳහිට ස්කෙල්ටන් පාරේ තිබුණු ස්ටුඩියෝ ටයිම්ස් එකට යනවා. සලයිඩ්වල ඇති ෆොටෝ තෝරාගන්න. අපි පත්තරවල දැන්වීම්වලටත් සමහර වෙලාවලට මෙතන පින්තූර යොදාගත්තා. ඒ කාලෙ ශ්‍රීලංකන් කැලැන්ඩරයේ පින්තුර ගත්තේ ස්ටුඩියෝ ටයිම්ස්වල ලක්ෂ්මන් නඩරාජා. ඔහු නිහාල් ප්‍රනාන්දුගේ මග යන කෙනෙක්. ඉඳහිට අපට හිනාවෙන සුදු කමිසයක් ඇඳගෙන හිටපු උස කෙනා තමයි එතන හිමිකරු වූ නිහාල් ප්‍රනාන්දු. මම ඔහු හඳුනාගත්තේ මගේ චාරිකාවලට මඟ පෙන්වූ Handbook For the Ceylon Traveller පොත පළකරපු අපූරු ඡායාරූප ශිල්පියා ලෙසටයි. මගේ පොත් රාක්කයේ තිබුණු මේ පොත කොච්චර නම් කියවන්න ඇද්ද? ඒකෙ ගමන් විස්තරවලට අනුව කොච්චර ගමන් යන්න ඇද්ද කියා හිතුණේ ලංකාවේ ඡායාරූප කලාවේ පුරෝගාමීයකු වන නිහාල් ප්‍රනාන්දුගේ සැමරුම් ප්‍රදර්ශනයක් පවත්වන බවට ආරංචිය නේරංජනා කියූ විටයි. පොතේ තිබුණු කළුසුදු පින්තූර අදටත් මට මතකයි. ඒ අතරින් මැදිරිගිරිය වටදාගෙය මා වඩාත් ප්‍රිය කරන පින්තුරයයි. ඔහු 2015 දී මිය ගියා. ඒත් ඔහුගේ කැමරා ඇස අප අසලයි.

2025 ජනවාරි 31 – 2025 පෙබරවාරි 06 දා බෙයාෆුට් ගැලරිය, 706 ගාලු පාර, කොළඹ 3 පවත්වන මේ ප්‍රදර්ශනයට ඇතුළුවීම නොමිලේ.
මෙම ප්‍රදර්ශනයේදී නිහාල් ප්‍රනාන්දු සහ ඔහු සමග 1960 – 90 දශකයන්හි ස්ටුඩියෝ ටයිම්ස් හි සිටි ඡායාරූප ශිල්පීන් ලෙස කටයුතු කළ පැට් ඩෙකර්, මැක්සි ඩෙකර්, මිත්‍ර වීරකෝන්, ලක්ෂ්මනන් නඩරාජා, චරිත් පැල්පොල ඇතුළු ඩොමිනික් සන්සෝනි, සරින්ද උනම්බුව වැනි ප්‍රවීණයන්ගේ නිර්මාණ වගේම නව පරපුරේ ඡායාරූප ශිල්පීන් වන නිමල්සිරි ජයසේන, හිරණ්‍යා මල්වත්ත සහ කසුන් ද සිල්වා යන අයගේ ශ්‍රී ලංකාව නිරූපණය කෙරෙන ඡායාරූපත් දැකගන්න පුළුවන්. ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් වන කරුණාසිරි විජේසිංහ සහ චන්න ඒකනායක මෙන්ම ප්‍රවීණ හා ආධුනික මූර්ති හා චිත්‍ර ශිල්පීන් වන අසේලා අබේවර්ධන, සුමුදු ඇල්ලේපොළ, චන්දික ගුණසේකර, සෙලෝමි නානායක්කාර, තිසරු ප්‍රභාෂ්වර, රුවන් ප්‍රසංග, කවිඳු සත්සර, ශාලීන් තියුරින්, ශේන් වල්ගම යන අයගේ නිර්මාණ ද මෙහි තිබෙනවා.

“මට ලැබුණු දේ – එනම්, එකමත් එක කාලෙක මේ සුන්දර දේශයේ ඉපදීමේ සතුට – වෙනුවෙන් මම යමක් ආපසු ලබා දීමට උත්සාහ කළෙමි.” ‘A Personal Odyssey’ නම් කොෆි ටේබල් පොතේ ඔහු ලියා තිබෙනවා.

කුසුම්සිරි විජයවර්ධන (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...