මාසික වැටුප රුපියල් 150,000 දක්වා උපයන විට ගෙවීමේ බද්දෙන් නිදහස් : වැඩි ආදායම් ලබන අයට අඩු සහනයක් – අඩු ආදායම් ලබන අයට වැඩි සහනයක් !

Share post:

උපයන විට බදු සීමාව (බදු රහිත) මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ජනපතිවරයා මේ පිළිබඳව සඳහන් කළේ අද (18) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වෙමිනි.

එමෙන්ම දේශීය කිරි සහ යෝගට් නිෂ්පාදනය සඳහා අදාළ වැට් බද්ද ඉවත් කිරීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

‘තුන්වැනි සමාලෝචනය පටන් ගන්නකොට අපේ යෝජනාවන් වුණේ වෘත්තීයවේදීන් මත පනවා තිබූ උපයන විට ගෙවන බද්ද පිළිබඳව. අපි නැවත සාකච්ඡා ආරම්භ කළා. බද්ද පනවන සීමාව ලක්ෂයකට උඩ. අපි එය 150,000 දක්වා වැඩි කරගන්න සමත් වුණා. ඒ වගේම සියයට 6ක බද්දකට යටත් වන පරිදි පුද්ගලික ආදායම් බද්දේ 1 වන කාණ්ඩය රුපියල් 500,000 සිට රුපියල් ලක්ෂ 10 දක්වා සංශෝධනය කරගන්න අපි සමත් වුණා.
ඒ අනුව 150,000ක් මාසෙකට වැටුපක් ගන්න කෙනෙකුගේ බදු සියයට 100ක් නිදහස්. රුපියල් 200,000ක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද සියයට 71කින් නිදහස්.

රුපියල් 250,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද සියයට 61කින් නිදහස්. රුපියල් 300,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද සියයට 47කින් නිදහස්. රුපියල් 350,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද සියයට 25.5කින් නිදහස්. වැඩි ආදායම් ලබාගන්නා අයට අඩු සහනයකුත් අඩු ආදායමක් ගන්නා අයට වැඩි සහනයකුත් ලෙස අපි උපයන විට ගෙවන බද්ද සංශෝධනය කරගන්න සමත් වුණා.’

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...