මාසික වැටුප රුපියල් 150,000 දක්වා උපයන විට ගෙවීමේ බද්දෙන් නිදහස් : වැඩි ආදායම් ලබන අයට අඩු සහනයක් – අඩු ආදායම් ලබන අයට වැඩි සහනයක් !

Share post:

උපයන විට බදු සීමාව (බදු රහිත) මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ජනපතිවරයා මේ පිළිබඳව සඳහන් කළේ අද (18) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වෙමිනි.

එමෙන්ම දේශීය කිරි සහ යෝගට් නිෂ්පාදනය සඳහා අදාළ වැට් බද්ද ඉවත් කිරීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

‘තුන්වැනි සමාලෝචනය පටන් ගන්නකොට අපේ යෝජනාවන් වුණේ වෘත්තීයවේදීන් මත පනවා තිබූ උපයන විට ගෙවන බද්ද පිළිබඳව. අපි නැවත සාකච්ඡා ආරම්භ කළා. බද්ද පනවන සීමාව ලක්ෂයකට උඩ. අපි එය 150,000 දක්වා වැඩි කරගන්න සමත් වුණා. ඒ වගේම සියයට 6ක බද්දකට යටත් වන පරිදි පුද්ගලික ආදායම් බද්දේ 1 වන කාණ්ඩය රුපියල් 500,000 සිට රුපියල් ලක්ෂ 10 දක්වා සංශෝධනය කරගන්න අපි සමත් වුණා.
ඒ අනුව 150,000ක් මාසෙකට වැටුපක් ගන්න කෙනෙකුගේ බදු සියයට 100ක් නිදහස්. රුපියල් 200,000ක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද සියයට 71කින් නිදහස්.

රුපියල් 250,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද සියයට 61කින් නිදහස්. රුපියල් 300,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද සියයට 47කින් නිදහස්. රුපියල් 350,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද සියයට 25.5කින් නිදහස්. වැඩි ආදායම් ලබාගන්නා අයට අඩු සහනයකුත් අඩු ආදායමක් ගන්නා අයට වැඩි සහනයකුත් ලෙස අපි උපයන විට ගෙවන බද්ද සංශෝධනය කරගන්න සමත් වුණා.’

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...