PTA – OSA ඇතුළු මර්දන අණ-පනත් වහාම අහෝසි කරන්නැයි වෘත්තීය සමිති – සිවිල් සංවිධාන 66ක් ජනපතිගෙන් ඉල්ලයි !

Share post:

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සහ මර්දනකාරී නීති අහෝසි කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස සිවිල් සිවිධාන, වෘත්තීය සමිති 66 කින් සමන්විත මර්දනකාරී අන පනත්වලට එරෙහි සංධානය ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.

ජාතික ජන බලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද පසුගිය කාලය පුරා එම නීතිවලට එරෙහිවත්, එම නීති අහෝසි කිරීම වෙනුවෙනුත් පෙනී සිටි බව තම සංවිධානය දන්නා බවද එම ලිපියේ සඳහන් වේ.

කුමන තත්වයක් යටතේ වුවද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිත කිරීම ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් දීර්ඝ කාලයක් දරන ලද ස්ථාවරයෙන් බැහැරවීමක් ලෙස හදුනාගන්නා මර්දනකාරී අන පනත්වලට එරෙහි සංධානය පෙර ස්ථාවරයන් අනුව යමින් ත්‍රස්තවාදය වැළැක්වීම් පනත වහාම අහෝසි කිරීමට කටයුතු කරන ලෙස අවධාරණය කර ඇත.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මෙන්ම මර්දනකාරී නීතියක් වන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත අහෝසි කරන ලෙස ද ජනාධිපතිවරයාගෙන් එම සන්ධානය ඉල්ලා සිටී.

එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.

‘සිවිල් සංවිධාන, ජනමාධ්‍ය සහ වෘත්තීය සමිති 66 කින් සහ වෘත්තිකයන්ගෙන් සමන්විත, මර්දනකාරී අණපනත්වලට එරෙහි සංධානයක් ලෙස අප සාමූහිකය, පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුළත්, අප එකමුතුවේ සාමාජිකයන් තනි තනිව මෙන්ම විවිධ සාමූහිකයන් ලෙස වසර ගණනාවක් තිස්සේත්, මෙරට ක්‍රියාත්මක මර්දනකාරී නීති අහෝසි කිරීම වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කර ඇත්තෙමු.
ජාතික ජන බලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද පසුගිය කාලසීමාව පුරාම එවැනි නීතිවලට එරෙහිවත්, එම නීති අහෝසි කිරීම වෙනුවෙනුත් පෙනී සිටි බව අප දනිමු.
එවැනි පසුබිමක් තුළ, ඔබ ජනාධිපතිවරයා ලෙස තේරීපත්වීමෙන් අනතුරුවත්, වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුවත්, අවස්ථා කිහිපයකදී අප සියලු දෙනා විසින් වහා අහෝසි කළ යුතු නීතියක් ලෙස හදුනාගෙන සිටින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන භාවිත කර පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිදු කර පසුව වෙනත් නීති රෙගුලාසි යොදා ගනිමින් වෝදනා ගොනු කර තිබේ.
කුමන තත්වයක් යටතේ වුවද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම, ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් දීර්ඝ කාලයක් දරන ලද ස්ථාවරයෙන් බැහැරවීමක් ලෙස හදුනාගන්නා අපි, පෙර ස්ථාවරයන් අනුව යමින් ත්‍රස්තවාදය වැළැක්වීම් පනත වහාම අහෝසි කිරීමට කටයුතු කරන ලෙස ඔබටත්, ආණ්ඩුවටත් අවධාරණය කර සිටිමු.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම, තවත් මර්දනකාරී නීතියක් වන, විශේෂයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට දැඩි ලෙස බලපෑම් ඇති කරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද පනත ද වහාම අහෝසි කරන ලෙස අපි ඔබට අවධාරණය කරමු.
අන්තර්ජාල අවකාශය සුරක්ෂිත කිරීමේ අරමුණින් ගෙන එන ලද්දක් බවට ප්‍රකාශ කළත්, පසුගිය ආණ්ඩුව විසින් මෙම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද පනත, ඊට අදාළ පාර්ෂව ගණනාවක විරෝධය මධ්‍යයේ ඉතා කඩිනමින් සම්මත කරගනු ලැබුවේ විසංවාදය මර්දනය කිරීමේ මූලික අරමුණින් බව අප මෙන්ම ඔබත්, ඔබගේ පක්ෂයත් දිගින් දිගටම පෙන්වා දෙනු ලැබිණ.
මෙම පසුබිම තුළ, මෙම මර්දනකාරී නීති අහෝසි කිරීම, පොරොන්දු ඉටු කිරීමට ඔබ දක්වන ප්‍රතිචාරය විසද කරනු ඇති අතරම ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ආණ්ඩුවේ ඇති කැපවීම ද ප්‍රදර්ශනය කරනු ඇති බව සිහිපත් කරමු.’

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...