අන්තර්ජාතික ප්‍රජාවේ සහාය දිනාගැනීමේ ආණ්ඩුවේ අභියෝගය !

Share post:

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ සතියේ සිය පළමු විදෙස් සංචාරය ඉන්දියාවේ සිදුකරමින් සිටී.

ඉන් අනතුරුව ඔහු, කඩිනමින් චීනයේ සංචාරයකද නිරතවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජනාධිපතිවරයා සහ සමස්ත රටම මෙම ආසියාතික යෝධයන් දෙදෙනා අතර දෝලනය වන කඹයක ගමන් කරමින් සිටින අතර, එකක් ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය වන අතර අනෙක ලොව පස්වැනි විශාලතම ආර්ථිකය වේ. මෙම රටවල් දෙකම ශ්‍රී ලංකා දූපත ඔවුන්ගේ භූ දේශපාලනික අරමුණු සඳහා උපායමාර්ගික ස්ථානයක් ලෙස දකියි. ඉන්දියාවේ කාරණය විශේෂයෙන් වැදගත් වන්නේ, එය දකුණින් චීනයේ යුධ හැකියාවට තර්ජනය කිරීමට ඉඩ නොදී, උතුරින් යුධමය බලවේගයක් වශයෙන් තම රට සමග දේශසීමා සම්බන්ධයෙන් යුද්ධ කර තිබෙන තත්ත්වයක් තුළ ය.

රජය උත්සාහ කරන්නේ, ජනාධිපතිවරයා සිදුකිරීමට නියමිත මෙම සංචාර දෙක ආර්ථික ආයෝජන සම්බන්ධ සංචාර ලෙස ප්‍රක්ෂේපණය කිරීමට ය. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාවේ අනාගත සමෘද්ධිය සඳහා මෙම දෙරට සතුවම යතුරු තිබේ. ඔවුන් ඵලදායී ව්‍යවසායන් සඳහා ආයෝජනය කරන්නේ නම්, ශ්‍රී ලංකාවේ ජනතාවට එම ආයෝජන ඔස්සේ රැකියා ලබාදීමටත්, සමහර විට රැකියා සඳහා විදේශ රටවලට කාණ්ඩ වශයෙන් සංක්‍රමණය වීම වෙනුවට ඔවුන් රට තුළම තබාගැනීමටත් හැකි වනු ඇත. විදේශ ආයෝජනවල ප්‍රතිඵලයක් ලෙස ආර්ථික නිෂ්පාදනය ඉහළ යෑමෙන් ජනතාව දිළිඳු බවට පත්කරන විදේශ ණය ආපසු ගෙවීමේ අධික බර ද අඩු කළ හැකිය. දූෂිත මාර්ග ඔස්සේ භාවිත කරන ණය, ආර්ථික ව්‍යවසායන්හි විදේශ ආයෝජන සඳහා ආදේශකයක් නොවේ.

බංකොලොත්භාවයෙන් පසු, ආර්ථිකය පවත්වාගෙන යෑමට උපකාර ලබාදුන් රටවලට ප්‍රමුඛතාව ලබාදෙමින් ශ්‍රී ලංකාව මෙතෙක් ගමන් කළේය. 2021දී අර්බුදය උග්‍ර වූ අවස්ථාවේදී හදිසි ආධාර ලබාදීමට ඉන්දියාව කළ කාර්යභාරය අමතක කළ නොහැක. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන පිළිගෙන ඇති අතර, නව ආණ්ඩුව එහි කොන්දේසිවලට අනුකූලව කටයුතු කරයි. අතීතයේදී, ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය, රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම ප්‍රමුඛ කරගනිමින්, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමට හෝ එක්සත් ජාතීන් සමඟ සම්මුතියකට යෑමට විරුද්ධ විය. ජාතික ජන බලවේග ආණ්ඩුවේ වඩාත්ම සාධනීය ලක්ෂණය වන්නේ, අතීතයේ තමන්ගේම නායකත්වය විසින් ගනු ලැබූ ස්ථාවරයන් සමඟ නොගැලපෙන නමුත්, රටේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට අවශ්‍ය දේ කිරීමට ඇති තාර්කිකත්වයයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගිවිසුම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ප්‍රවේශය සහ අන්තර් වාර්ගික සාමය ගොඩනැගීම සම්බන්ධයෙන් මෙය දැකගත හැකිය.

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූගේ සංචාරය ජනාධිපති මාධ්‍ය අංශය සුමටව විස්තර කර තිබුණේ, එක්සත් ජනපද නියෝජිතයා ‘ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ව්‍යාපාරයට නොසැලෙන සහයෝගය ලබාදීමට’ ප්‍රතිඥා ලබාදුන් බව සඳහන් කරමිනි. ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව සහ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මූල්‍ය සහ තාක්ෂණික සහාය ලබාදීමට අමෙරිකාව සූදානම් බව ද එම වාර්තාවේ දැක්විණි. ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී වැඩසටහනේ කොටසක් ලෙස, නීතිවිරෝධී ලෙස රටින් පිටතට ගෙන ගිය අරමුදල් නැවත ලබාගැනීමට සහායවීම සඳහා තාක්ෂණික විශේෂඥ දැනුමක් ලබාදීමට එක්සත් ජනපද රජයේ කැමැත්ත ද සහකාර ලේකම් ලූ අවධාරණය කර ඇත. අදාළ රැස්වීම පිළිබඳ ආණ්ඩුවේ ධණාත්මක පැහැදිලි කිරීම වූයේ ‘ප්‍රධාන දේශපාලන, ආර්ථික සහ සමාජීය අභියෝග වෙනුවෙන් නව පරිපාලනය ප්‍රමුඛත්වය ලබාදීම සම්බන්ධයෙන්, එක්සත් ජනපදය විසින් ආණ්ඩුව අගය කිරීම මෙම සාකච්ඡාවෙන් ඉස්මතු කරන ලදී’ යන්නයි.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තිබියදීත් එවකට පැවැති ආණ්ඩුව බලයෙන් පහකළ අරගලය ජනතා ව්‍යාපාරයේ ගාමක බලවේගය වූයේය. 2021 දී රට මුහුණදුන් ආර්ථික පරිහානියට එම පාලනයේ ඉහළම මට්ටමේ පැවැති දූෂණය වගකිව යුතු බවට වූ විශ්වාසයයි. රටේ ඉහළම ස්ථානවල පවතින දූෂණය මැඩපැවැත්විය යුතු නපුරක් බව, රටේ වාර්ගික, ආගමික සහ පන්ති යන සියලු බෙදීම් පරයන පොදු එකඟතාවක් තිබේ. පසුගිය ආණ්ඩු මේ ප්‍රශ්නය විසඳන බවට පොරොන්දු දුන්නත්, ඊට මුහුණදීමට අසමත් වූයේ, ඒවායේ අභ්‍යන්තර දේශපාලන අධිෂ්ඨානය නොමැතිකමයි. අවාසනාවන්ත යථාර්ථය වූයේ, ඔවුන් අවසන් කිරීමට පොරොන්දු වූ දූෂණයට ආණ්ඩු නායකත්වය දරන අයම හවුල්වීමයි.

ජාතික ජන බලවේග ආණ්ඩුවේ සුවිශේෂී ලක්ෂණය වන්නේ, එහි ප්‍රමුඛ සාමාජිකයන්, ඔවුන්ගේ මතවාදී විශ්වාසයන් සහ නිහතමානී ජීවන රටාවන් හේතුවෙන් දූෂණයට හවුල්වූවන් ලෙස වාර්තා වී නොතිබීමයි. ඔවුන් පරීක්‍ෂා කළ යුතු බලතල ද දරා නැති අතර, දූෂිත යැයි විශ්වාස කරන අය සමඟ පෞද්ගලික සබඳතා ඇති බවක් ද පෙනෙන්නට නැත. දූෂණයක් සිදුනොවන බව සහතික කිරීමට රජයේ කැපවීම සහ එම කැපවීම සමඟ සාමාන්‍ය ජනතාව පෙළගැසී සිටීම, දූෂණය පිළිබඳ ගැටළුව විසඳීමට උපකාර කිරීම සඳහා එක්සත් ජනපදයේ ඉදිරිපත් කිරීම පිළිගැනීමට රටට අවස්ථාව සලසා දෙයි. රජය අවධාරණය කරන නවීන ඩිජිටල් ආර්ථිකය මගින් එවැනි දූෂණ මැඩපැවැත්වීමේ හොඳම හැකියාව ලබාදෙන්නේ, යෝජනා සඳහා වන සියලුම විශාල ඉල්ලීම් හෝ ටෙන්ඩර් කැඳවීම් පොදු වෙබ් අඩවියක ප්‍රකාශයට පත්කිරීමෙනි. සිවිල් සමාජ චින්තන පර්ෂදයක් වන, වෙරිටේ රිසර්ච් ආයතනය දැනට ප්‍රසම්පාදන පිළිවෙත්වල දූෂණ අනාවරණය කිරීම පිළිබඳ අධ්‍යයනයක් සම්පූර්ණ කරමින් සිටී. දූෂිත කොන්ත්‍රාත්තු, අනවශ්‍ය ව්‍යාපෘති යෝජනා, තරඟකාරී ලංසු තැබීමක් නොමැති සහ පාරදෘශ්‍යතාවක් නොමැති ගනුදෙනුවල ප්‍රතිඵලයක් ලෙස අඛණ්ඩව රටට බිලියන ගණනින් අහිමිවන නරකම දූෂණ ක්‍රමවේදයන් නිර්මාණය වී තිබේ.

වත්මන් ආණ්ඩුවේ සාර්ථකත්වයට ඇති ප්‍රධානතම බාධාව වන්නේ අතීතයේ සිදු වූ දූෂණ සහ දූෂණය හේතුවෙන් ආර්ථික සම්පත් හිඟවීමයි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) යටතේ රටේ මාර්ග සහ ප්‍රවාහන පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා එක්සත් ජනපදය ලබාදීමට කැමැත්ත පළකළ ඇමරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රදානය ප්‍රතික්ෂේප කිරීම සුදුසු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පසුගිය ආණ්ඩුව සිතුවේ ඇයිද යන්න තේරුම් ගැනීම දුෂ්කරය. එසේම සැහැල්ලූ දුම්රිය ප්‍රවාහන පද්ධතියක් පිහිටුවීමට ජපානය ඉදිරිපත් කළ ඩොලර් බිලියන 1.2ක දිගුකාලීන අඩු පොලී ණය ව්‍යාපෘතියද ඒ ආකාරයෙන්ම ප්‍රතික්ෂේප කෙරිණි. වර්තමානය වන විට මෙම අවස්ථා අහිමි වී ඇති බවක් පෙනෙන්නට තිබුණද, නව පාලනයට වාසනාව දෙවැනි වරටත් සිනාසෙනු ඇතැයි අපේක්ෂාවෙන් දිගටම ඒ සඳහා උත්සාහ කළ යුතුය. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටීම සහ මුහුදු මංතීරුවලට ඇති වැදගත්කම රටට ධනාත්මක ප්‍රතිලාභ ලබාගත හැකි සම්පතකි.

සිය සංචාරය අතරතුර, සහකාර ලේකම් ලූ, දැනට රජයට අහිමි වී ඇති මිලියන ගණනක ආදායමක් නැවත රැස්කිරීමට හැකි, දූෂණ විරෝධී පද්ධති ආකාරයෙන් වන, වෙනස් මූල්‍ය ආධාර වැඩසටහනක් ඉදිරිපත් කළේය. එකතු කිරීමට පහසුම බදු සහ රේගු ආදායම් නිසි ලෙස එකතු කර ගැනීමෙන් ආදායම් ගලාඒම, වැඩිදියුණු කිරීම ඔස්සේ, සමාජයේ දුප්පත්ම කොටස් මත විශේෂයෙන් දැඩි ලෙස බලපානු ලබන වැට් වැනි අසාධාරණ බදු හරහා මහජනතාව මත පැටවෙන බදු බර අඩු කිරීමට හේතු විය හැක. කොන්ත්‍රාත් ප්‍රදානය කළයුතු වන්නේ, ආර්ථික කුසලතා අනුව මිස දූෂිත ලෙස නොවේ. එම තත්වය වෙනස් කළ හැකි වුවහොත් විශාල පිරිවැය ඉතිරියක් සහ ආදායම් උත්පාදනයක් සිදුවනු ඇත. අන්තර්ජාතික ප්‍රජාවට ශ්‍රී ලංකාවට සහාය දිය හැකි දූෂණ විරෝධී ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කළ හැක්කේ, සාමාන්‍ය ජනතාවගෙන් ඒවාට කිසිදු ප්‍රතිරෝධයක් නොපැමිණෙන බැවිනි. එබැවින් එවැනි දූෂණ විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහි වීමට ස්ථිර අවශ්‍යතා නිර්මාණය වනු ඇත.

ජනතාව මුහුණ දී ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් පමණක්, පිරිනැමෙන අන්තර්ජාතික ආධාර ලබාගැනීමට රජය කැමැත්තක් දක්වනු ඇත. ජාතික ආරක්‍ෂාව, වාර්ගික ගැටුම් වැනි භේදකාරී ප්‍රශ්නවල සැරිසැරීම සම්බන්ධයෙන් සළකා බලන විට, පසුගියදා පැවැති මහවිරු දින සැමරුමේදී රජය අභියෝගවලට මුහුණ දුන්නේය. දූෂණය වැනි ක්ෂේත්‍රවලදී අන්තර්ජාතික සහාය ලබාගැනීම මහජන කැමැත්තට හේතුවන අතර, ජාතික ආරක්ෂාවේ නාමයෙන් හෝ ජනවාර්ගික බලය ආමන්ත්‍රණය කිරීමේ නාමයෙන් ක්‍රියාමාර්ග ගැනීමට බලය ලබාදෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ මාර්ගගත ආරක්ෂණ පනත (OSA) වැනි නීති ප්‍රතිස්ථාපනය කිරීම වැනි ගැටළු බෙදාහදා ගැනීමේදී ප්‍රවේශමෙන් සම්මුතියක් ගොඩනැගීම අවශ්‍ය වේ. ජනකොටස්  තවදුරටත් කොන්කිරීමේ අවදානමක් ඇති ප්‍රතිපත්ති, රටේ ස්ථාවරත්වය අඩපණ කළ හැකිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වැනි සංසදවලදී, රට තුළ සහ ඉන් පිටත සංවාදයක් අවශ්‍ය වන, සාමය ගොඩනැගීම සහ සමාජ සහජීවනය ගොඩනැගීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුත්තේ මෙහිදී ය.

  • ජෙහාන් පෙරේරා

Related articles

මනුෂ්‍යත්වය ඉහළ දැමීම වෙනුවෙන් ලිවීම

දේවි ගාල්ලගේ ලිවීමේ කලාව ජීවන කලාවෙහි මුඛ්‍යාංගයක් බවට පත් කරගත් ලේඛකයෙකි. කවිය, පරිවර්තන සාහිත්‍යය සහ ගීතය යනාදී ක්ෂේත්‍ර...

පුවත්පත් කලාවට, දෘශ්‍ය කලාවේ රාජතාන්ත්‍රික බව

මෙම ඡායාරූපය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු සංචාරය සම්බන්ධ ඊයේ නිකුත්වූ වීඩියෝ දර්ශණයක් ඇසුරින් උපුටා සමාජ මාධ්‍යයන්හි පලවන...

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු තවදුරටත් එම ධුරයේ සිටීමෙන් අධිකරණයට සිදුකරන බලපෑම කෙබඳු ද?

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ගත් තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

IIHS ආයතනය නව අධ්‍යාපන වැඩසටහන් රැසක් තුළින් සෞඛ්‍ය වෘත්තිකයන් බලගන්වයි !

මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හෙද සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්...