IIHS ආයතනය නව අධ්‍යාපන වැඩසටහන් රැසක් තුළින් සෞඛ්‍ය වෘත්තිකයන් බලගන්වයි !

Share post:

මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හෙද සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් නව උපාධි පාඨමාලා හඳුන්වා දී තිබේ.

ඒ තුළින් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පිළිගත් දැනුම ලැබීමටත්, කුසලතාවලින් සන්නද්ධ වීමටත් වෘත්තිකයන්ට අවස්ථාව ලැබේ. දශක දෙකක පමණ ඉතිහාසයකට හිමිකම් කියන එම ආයතනය අඛණ්ඩව ශ්‍රී ලාංකික සිසුන්ගේ සහ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය සංවර්ධනයට දායක වී ඇත. විවිධ ආර්ථික පසුබිම් නියෝජනය කරන සිසුන්ට ගැළපෙන ලෙස සකසා ඇති අධ්‍යාපන වැඩසටහන් රැසක් IIHS ආයතනය හඳුන්වා දී ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමයේ සාමාජිකයෙකු වන මැලේසියාවේ Asia e University වැනි කීර්තිමත් අධ්‍යාපන ආයතන සමඟ හවුල්කාරිත්ව ඇති කර ගෙන ඇති එම ආයතනය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශවලට අදාළව හඳුන්වා දී ඇති අධ්‍යාපන වැඩසටහන් සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියද ඇත.

හෙද විද්‍යාව, ඖෂධ විද්‍යාව, ආහාර සහ පරිසර විද්‍යාව, දන්ත චිකිත්සාව, මුඛ සෞඛ්‍යය, මහජන සෞඛ්‍යය, පවුල් සෞඛ්‍යය වැනි ඕනෑම ක්ෂේත්‍රයකට අදාළ ප්‍රථම උපාධි හදාරන සිසුන්ට නිපුණතා, දැනුම සහ ප්‍රයෝගික අත්දැකීම් නොඅඩුව සැපයීමෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වීමට ඔවුන්ට අවස්ථාව සැළසීම IIHS ආයතනයේ අරමුණයි. ගෝලීය වශයෙන් පුහුණු සෞඛ්‍ය වෘත්තිකයන්ට ඇති ඉල්ලුම පිළිබඳව පුළුල් අවබෝධයක් සහිත IIHS ආයතනය එම ඉල්ලුම සැපීරීමට අවශ්‍ය නවතම දැනුමෙන් සහ නිපුණතාවලින් සිසුන් සහ වෘත්තිකයන් පෝෂණය කරයි. එහි අධ්‍යාපන වැඩසටහන් හදාරන සිසුන්ට එම පාඨමාලා අවසන් කරන තෙක් එම ආයතනයෙන් ලැබෙන්නේ විශාල සහයෝගයකි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ද ඇතුළු කීර්තිමත් දේශක මණ්ඩලයක් එම පාඨමාලා මෙහෙයවයි. ඉතා කෙටි කාලයකින් ලොවම පිළිගත් අධ්‍යාපනයක් ලැබීමට සිසුන්ට අවස්ථාව සැළැසීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන ඉගැනුම් කළමනාකරණ පද්ධතිය සම්මානයට පවා පාත්‍ර වී ඇත. ඒ තුළින් වියදම අවම කර ගැනීමටත්, ගෝලීය වශයෙන් සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු වන නිරන්තර වෙනස්කම්වලට ගැළපෙන ආකාරයේ දැනුමක් ලැබීමටත් හැකියාව ලැබේ.

IIHS ආයතනය පිරිනමන වෘත්තීය අධ්‍යාපන වැඩසටහන්වලින් තමන්ගේ වෘත්තීය සහ පෞද්ගලික සංවර්ධනයට ලැබෙන වාසි පිළිබඳව සිසුහු මෙලෙස අදහස් දැක්වූහ.

“මම IIHS ආයතනය සමඟ සම්බන්ධ වුණේ ඖෂධ විද්‍යාව පිළිබඳ අධ්‍යාපන වැඩසටහනක් හැදෑරීමට. සෛද්ධාන්තික සහ ප්‍රයෝගික දැනුම ලැබීමට මට හැකියාව ලැබුණා. අධ්‍යාපන වැඩසටහන සම්පූර්ණ කළ පසු ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට මට අවස්ථාව ලැබේවි. ක්ෂේත්‍රයේ නායකයෙක් වීමට අවශ්‍ය දැනුම සහ කුසලතා IIHS ආයතනය මට සපයා තිබෙනවා.”

ඖෂධ විද්‍යාව පිළිබඳ වෘත්තීය උපාධිය හදාරන හිමානි පැවසුවාය. ආහාර සහ පරිසර විද්‍යාව පිළිබඳ උපාධිය හදාරන චමිල් මුතුකුඩ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“මෙම පාඨමාලාව මගේ වෘත්තීය ජීවිතයට බෙහෙවින්ම වැදගත් වෙනවා. අත්‍යවශ්‍ය නිපුණතා සංවර්ධනය කර ගන්න ඒ තුළින් මට හැකි වුණා. භෞතික සහ මාර්ගගත යන ක්‍රමවේද දෙක ඔස්සේම ඉගැන්වීම් කරන නිසා වෘත්තීය සහ අධ්‍යාපන කටයුතු සමබරව පවත්වා ගෙන යා හැකි වීම විශාල පහසුවක්.”

ශාස්ත්‍රීය විශිෂ්ටත්වය සහ ප්‍රයෝගික අත්දැකීම් ප්‍රගුණ කරමින් හෙට දවසේ අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි වෘත්තිකයන් බිහි කිරීමට IIHS ආයතනය කැප වී සිටී. මහජන සෞඛ්‍යය සහ පවුල් සෞඛ්‍යය පිළිබඳ උපාධිය හඳුන්වා දීම ඊට හොඳම උදාහරණයකි.

“පවුල් සෞඛ්‍ය සේවිකාවක් වීමෙන් රටට විශාල සේවයක් කළ හැකියි. මේ වන තෙක් අප හදාරලා තිබුණේ ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලාවක් පමණයි. නමුත් ඒ පිළිබඳව උපාධියක් හදාරන්න දැන් අපට අවස්ථාව ලැබිලා තිබෙනවා. මේ තුළින් ජාත්‍යන්තර මට්ටමේ දැනුමක් ලැබීමටත්, ප්‍රජාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කිරීමටත් හැකි වීම ගැන මට ඉතාමත් සතුටුයි.”

පවුල් සෞඛ්‍ය සේවිකාවක වන තක්ෂිලා ජයකොඩි පැවසුවාය. IIHS ආයතනය සමඟ සම්බන්ධ වන්නැයි ඇය සිය සහෝදර පවුල් සෞඛ්‍ය සේවිකාවන්ටද ඇරැයුම් කළාය.

IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මෙලෙස අදහස් දැක්වූයේය.

“ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියට ආවේණික අභියෝග රැසක් තිබෙනවා. මූල්‍ය පහසුකම් සීමා සහිත වීම ඒ අතරින් ප්‍රධාන අභියෝගයක්. මේ තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින පිරිසට විශාල බලපෑමක් ඇති වෙනවා. අතීතයේ පටන් වෛද්‍යවරුන් හැර අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් සැළකීමේදී දකින්නට ලැබෙන්නේ එතරම් වෘත්තීය නොවන පරිසරයක්. වෛද්‍යවරුන් වෙනුවෙන් ප්‍රමාණවත් අවස්ථා ඇති නමුත් හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, ඖෂධ නිකුත් කරන්නන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිළිබඳව එතරම් අවධානයක් යොමු වෙලා නැහැ. එම වෘත්තිකයන් සඳහා ප්‍රථම සහ ශාස්ත්‍රපති උපාධි හඳුන්වා දුන් පළමු අධ්‍යාපන ආයතනය බවට පත් වන්නට අපට හැකි වුණා. IIHS ආයතනය හෙද සේවය පිළිබඳ ආචාර්ය උපාධියක් පවා හඳුන්වා දී තිබෙනවා. බොහෝ පවුල් සෞඛ්‍ය සේවිකාවන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් මුහුණ දුන් ගැටළුවක් තමයි සාම්ප්‍රදායික විශ්ව විද්‍යාල අධ්‍යාපන වැඩසටහන් හැදෑරීමට ඔවුන්ට කාලය හෝ අවශ්‍ය අධ්‍යාපන පසුබිම නොතිබීම. මෙම ගැටලුවට පිළියමක් වශයෙන් තමයි අප ආයතනය මෙම වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් නිර්මාණය කර තිබෙන්නේ. ඒ තුළින් පූර්ණකාලීන වශයෙන් අධ්‍යාපනය හැදෑරීමේදී මුහුණ දීමට සිදු වන ගැටළුවලින් තොරව අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලැබෙනවා.”

Related articles

සත්‍යපාල ගලකැටිය විසින් පරිවර්තිත ‘යුදෙව් කුරුල්ලා’

යථාර්ථය සහ සත්‍ය අතර පවත්නා පෑහීම හෝ නොපෑහීම කාලාන්තරයක් පුරා සෑම විෂය ක්ෂෙත්‍රයක්ම අරක් ගත් කතිකාමය අවකාශයකි. සාහිත්‍යයේදී...

“ඔබ පරිපූර්ණ මොහොත එනකම් බලන් ඉන්නව නම්, ඒක කවදාවත් එන්නේ නැහැ”

ඔබ පරිපූර්ණ මොහොත එනකම් බලන් ඉන්නව නම්. ඔබට කවදාවත්ම ලියන්න ලැබනේනේ නැහැ, මොකද ඒක කවදාවත් එන්නේ නැහැ -...

CBL සමපෝෂ, අඛණ්ඩව 13 වැනි වරටත් අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය බලගන්වයි !

CBL සමපෝෂ, අඛණ්ඩව 13වන වරටත් වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය සඳහා සිය අනුග්‍රාහක දායකත්වය ලබා...

සංගිද්ධ කවිතාව සහ සංගත සංරචනය: “මා තුළම වැඩුණේද අන් යමෙකු”

චින්තක සමන් හේරත්ගේ -මා තුළම වැඩුණේද අන් යමෙකු- කවි පොත කිසියම් න්‍යායික රාමුවක හෝ දැලක අළලා මේ සටහන...