අවුරුදු ගානක් අපිත් එක්කම ජීවත් උනු පවුලේ ලගම පිරිසක් අපිව දාලා යනවා වගේ හැඟීමක් අද දැනෙන්න ගන්නවා ඒ අපිත් එක්කම ජීවත් උනු කලුවා මාලා කාන්ති නයෝමි සුනිමල් ආබ්රත්න හීනා කිරි නෝනි පලිගු සුනිමල් ගේ තාත්තා රනේ මාමා ගෑස් මහත්තයා එකී නොකී සියළුදෙනාම අදින් පස්සේ ආයේ අපේ ආලිනදයට එන්නෙ නැති නිසා..
කාලයක් තිස්සේ මේ අයත් එක්ක එයාලගේ ජීවිතත් එක්ක ජීවත් වෙලා දැන් හරි අමාරුයි එයාලගෙන් වෙන්වෙන්න…කලුවගේ හේනේ අපිත් ජීවත් උනා…මාලා තනියම පුලත් එක්ක හිටියට අපි මාලව තනිකරේ නැ…මාලව විජේ දාලා ගියාට අපි දුක් උනේ නෑ..මොකද කලුවා එතන හිටපු නිසා ඒත් දෛවයේ සරදමකට වගේ මාලා කලුවට ආදරේ උපරිමයෙන්ම කරන්න හදනකොට කාන්ති ආවා එතනට..ඒ වෙලාවේ අපි හරි අසරණයි මොකද අපි කාන්තිටත් ආදරේ කරා මාලට වගේම මේ දෙන්නා අතර දෝලනය වෙන කලුවා මොන වගේ තීරණයක් ගනීද කියලා අද තමයි බලන්න වෙන්නෙ…කාන්ති ඕනිවට වඩා විවෘත වෙන්න ගිහින් අර අසරණ අබේරත්න බෙල්ලෙ වැල දාගත්තා….අසරණ අඹේරත්ත මට උඹ ගැනනම් ඇත්තෙ අපමණ දුකක්….උඹ පවු බං….
මට හිතෙන විදිහට සුනිමල්ට නයෝමිව බැදගන්න බැරි වෙයි..කොහොමත් සුනිමලා හොද චරිතයක් නෙවෙයි ආත්මාර්තකාමී හිටපු ගමන් සල්ලාල ගති එලියට එන චරිතයක්.ඌට එහෙම වෙනවට මං කැමති…
පලිගු ආරම්භයේ සිටම හිතේ මහ මෙරක් වගේ හංගගෙන හිටපු එයා විකරක් දන්න කතන්දරේ අද කියයි කියලා මට හිතෙනවා…රනේමාමා අද ඇවිත් කියන කතන්දරේ එක්ත ඒ කතාව හැංගිලා තියෙනවා කියලා මට හිතෙනවා…සුනිමලා නයෝමිගේ තාත්තගෙද කියලත් මට හිතෙන්න ගන්නවා..එහෙම උනොත් නයෝමිගෙයි සුනිමලගේ ආදර කතාව අදින් අවසන වෙනවා..ගෑස් මහත්තයට ආයෙමත් ප්‍රේමය කැරකෙනවා…
කලුවට හැමදාමත් අඩත්තේටම් කරපු සුනිමල්ගේ තාත්තා එහෙමත් නැත්තන් පලිගුවට ජීවිතය එපාකරවන පලිගුගේ සැමියා කිරිනෝනිගේ තාත්තා අද දැනගන්න සත්‍ය තුල අතරමං වෙනවා නොඅනුමානයි….වැවේ තියෙන ගැඹුරුම තැනේ ඇතිවන පීඩනය වගේ පීඩනයක් ඔහුගේ හිතට දැනෙනවට මං අද කැමති….හැබැයි මිනිහගේ පුතාට තියෙන ආදරය සහ ඔහු කෙරෙහ් ඇති බැදීමට මං කැමති…පොර පණ ඇරලා පුතාට ආදරෙයි …ඕනි දෙයක් උනත් මිනිහා පුතාව ගොඩ දාන්න වෙර දරන තාත්තා කෙනෙක් විදිහට මං කැමති…හම්බ කරගෙන කන කුඹුර පවා උගස්කරලා. පුතාගේ සතුට වෙනුවෙන් වැඩ කරන තාත්තෙක් ඒ ගතියට මම කැමති…ඒ උනාට මිනිහා අනිත් පැත්තෙන් ජඩයා ඒකට මම අකමැතියි.
මම මේකේ අකමැතිම රනේට ඌ තමයි දසයා කුපාඩියා අද මං හිතන්නේ ඌ. කරපු හැම පවකටම සාධාරණය ඉෂ්ථ වෙයි කියලා හිතනවා…නයෝමිගේ මල්ලිව මරපු සාපය අද ඉවරවෙයි කියලා හිතනවා…
ඉතිං කතා කරනවනම් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න…අද අවසන් කොටස බලලම හෙට මගේ අවසන් වියලි ලියවිල්ල ලියන්නම්…(පහතින් පළවේ)
වියලි අද ලස්සන අවසානයක් බලා සිටිමි..ඒත් හිතට දැනෙනුයේ දුකකි…
(අමල් අත්තනායක)
2024/11/30
වියලි අවසානය මෙසේ වී නම්
කලුවයි මාලයි කාන්තියි අවසන හේනේ තනි කර වියලි අපවත් අතරමං කරාද මංදා..එතන මහා පුදුම දෙයක් තියෙනවා..ගැඹුරක් තියෙනවා..වියලි පොලවක යථාර්ථය මත මෙය අවසන් කරන ලද බව කිවයුතුය.බොහෝ විට ගැහැණිය පිරිමියා නිසා ජීවිතය අතර මග අතරමං වෙන බව වියලි පුරාවටම තිබුනා….පලිගුත් පිරිමියෙක් වන තම සැමියගෙනුත් පුත්තුන්ගෙනුත් නිතරම පීඩනයට පත්වන චරිතයකි…කාන්තිත් පිරිමි නිසා විදවන චරිතයක්..නයෝමිත් එසේමැයි..නයෝමිගේ මවත් අවසන මාලත් එසේම පිරිමි විශ්වාස කර ජීවිතය දෙවෙනි වරටත් වරද්දාගත් අහිංසක යුවතියක් උවාය…එයම තේමාව වූ කල වියලි හරි අපුරුවට එය අවසන් කරන ලදි…
නමුදු මට අනුව මෙය මෙසේ සිදු වීනම් අපි සතුටුය…
කාන්ති හේනට නොපැමිණ සත්‍ය සගවාගෙන අබේරත්තනත් සමග සිටියානම් ඒ පවුල ලස්සනය..අබේරත්නටත් බෙල්ලේ වැල දා ගන්නට සිදුනොවනු ඇත..කාන්ති හදිසි වී සියල්ල විනාශකරගන්නා ලදි..අබේරත්න මිය ගියේය.මාලාට කලු නැති විය..අවසානයේ කාන්ති දිනපු දිනිල්ලක් නැත..
රණයා පොරසේ කට්ටියත් දාගෙන ගෙදර එනවිට පොලිසියෙන් ගෙදර සෝදිසි කරමින් සිටින අතර රණයා වෑන් එකෙන් බසින විට පොලිසියෙන් පැමිණ චෝදනාව කියා මාංචුදමා කුල්ලකුජිත කර පොලිස් ජිප් රියට දමා අන්තඅසරණ කර අරන් ගියානම් අපිට පට්ට සතුටුය..
මාලා පුලාව කැලේට නිදහස් කොට කලුවත් සමග සතුටින් හේනෙ පැලට ගොස් අහසේ තරුගනන් කරන ගමන් පෙම් බස්දොඩමින් ආදරය දෝරේ ගලන දරශණයකට අපි කැමතිය..
කරුණාපාල සත්‍ය දැනගෙන ජීවිතයේ තමන් කරපු පවු සමාකරගන්න වැවට ගොස් වැවේ ගැඹුරුම තැනට යන්න කල්පනා කරන අතර තුර පලිගු එතැනට විත් හිස් බවකින් ඔහුත් සමග පිලිසදරේ යෙදිසිට කලුවගේ හේනට ගොස් කලුවා තදිත් වැලදගෙන කරුණාපාල මහ හඩින් හඩන දර්ශණයකින් වියලි අවසන් වූවානම් මා සතුටුය..
එවිට මාලත් සතුටින් ,කලුත් සතුටින් කාන්තිත් සතුටින්, පලිගුත් සතුටින් කරුණාපාලත් සතුටින් අබේරත්නත් සතුටින් අහිංසක කිරිනෝනිත් සතුටින් අවසානයේ අපිත් සතුටින්ය.
නමුදු ටෙලියක් එසේ වන්නෙ නැත ප්‍රේක්ෂකයා සතුටු කරනවාට වඩා තිරරචකයා සහ අධ්‍යක්ෂක කරනුයේ ඊට වඩා ගැඹුරක් දකින එකය..එය වඩා සාර්ථක ලෙස ඒ දෙදෙනා වියලිතුල සිදු කල බව මගේ විශ්වාසය..
ඉතිං වියලි තෙත් හිත් ඇත්තෝ කොටස් 55ක්තුල අපිව සතුටු කල ඇඩවු කම්පිත කල විටෙක අසරණ කල ඉතාම සුන්දර සති අන්තයේ අරුත්බර ටෙලියම විය…
ඉදිරි සම්මාන උලෙලවල්වල සම්මාන
කිහිපයක්ම ලැබිය යුතු ටෙලියක් වනවා නොඅනුමානය….
ඉතිං මේ සති ගනනක් තුල වියලි බලා මගෙත් පුංචි විචාර කියවු ඔබටද මගේ ආදරය පිරිනමමින් වියලි ගැන ලියවු ලියවිලි අදින් අවසන් කරමි…
ආදරෙයි හැමෝටම….
අමල් අත්තනායක (fb)
2024/12/02