‘මරකත නිම්නය’ – නෙතිඳු වරාපිටිය

Share post:

කවුද හිතන්නේ ශර්ලොක් හෝම්ස් + බැට්මෑන් + මොරියාටි + ජෝකර් වගේ පිස්සු මික්ස් එකකින් සයිෆයි ඩිටෙක්ටිව් ත්‍රිලර් නවල් එකක් කරන්න පුළුවන් කියලා…. ‘මරකත පිළිලය’ කියල අමුතුපහේ ටයිට්ල් එකක් එක්ක නෙතිඳු වරාපිටිය කියල නවකයෙක් එහෙම පිස්සුවක් නැටුවා. ඒ නැටිල්ලෙ ප්‍රතිඵල මං හිතන්නෙ මේ වෙනකොට ගොඩ දෙනෙක් දන්නවා. කියවා විස්මයට පත්වෙනවා. සිංහල සාහිත්‍යය ක්ෂේත්‍රයේ මොඩර්න් යුගයේ ලියැවෙන බොහෝමයක් දේ අතර, සාපේක්ෂව වයසින් ලාබාල, හැබැයි තමන් අත තියපු අභියෝගාත්මක ශානරය සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති කියල හිතන්නට හැකි තරුණයෙක් විසින් නිර්මාණය කරපු මේ කෘති පෙළ අතිසාර්ථකව නිමාව දැක තිබෙනවා. පළමුවැන්නේ ලොකු රසිකයෙක් වෙච්ච මට තිබුණ ලොකුම බයත් මේක මෙච්චරටම ගැඹුරට ඇඳගෙන ගිහින් කොහේ අතරමං වෙයිද දන්නෑ කියන එකයි. නෙතිඳු ක්‍රිස් ටයිලර්වත් පාඨකයාවත් අතරමං කරල නෑ. ඒකට ස්තුතියි.

මරකත පිළිලය සහ මරකත ඵලකය ගැන මම මීට කලින් දීර්ඝව විස්තර කරල තියෙනවා. මේ තෙවැන්න හෙවත් අවසානය සනිටුහන් කිරීම තුළින් පරිපූර්ණයි කියන වචනයට නිසි ඇගයුමක් සිදුවෙනවා. ඩිටෙක්ටිව් සහ සයිෆයි ම විතරක් නෙමේ, සමාජ විද්‍යාව, මානව විද්‍යාව ඇතුළුව මහා ඩීටේල්ස් ගොන්නක්ම එක්ක ‘මරකත නිම්නය’ කියන්නෙ නෙතිඳු මීට කලින් ලියපු දේවල් එක්ක අපි නෙතිඳුව කිරා මැන බලා අවබෝධ කරගත් පරිචය ට වඩා එහා ගියපු ඉහළම තලයකයි ඔහුගේ පරිකල්පනය පවතින්නේ කියන විස්මය තදින්ම දැනුණා. මේවා සිංහලෙන් ලියවෙලා ලංකාවෙ අපිට විතරක් සීමාවෙන්න ඕන නිර්මාණ නෙමේ. අනිවාර්යයෙන්ම ලෝක සාහිත්‍යයට එකතුවෙන්නම ඕනා. ඒ සම්බන්ධයෙන් මොකක්ම හරි ට්‍රයි එකක් දරාවි කියන විශ්වාසයත් මට තියෙනවා. කලින් දවසකත් කිව්ව වගේ ලංකාවෙන් යන්න කලින් බුක්ෆෙයා එකේදි හමුවෙලා ප්‍රධානකොටම කතා කරේ මේක ලංකාවෙන් එහාට යවන්නම ඕන කියන එකයි.

ඉතින් තුන්වෙනි කොටස ගැන කිසිම විස්තරයක් කියන්න යන්නෙ නෑ, එක දෙක කියවපු අය නොඉවසිල්ලෙන් හිටපු බව දන්නවා. ඒ අය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම සාධාරණය නෙතිඳු ඉටු කරල තියෙන බව වගකීමෙන් කියන්න පුළුවන්. පළමුවැන්නෙන් හමුවූ ලොව භයානකම අපරාධ නිර්මාතෲ සිටුතුමාගෙන් පවා නොදුටු මහා ක්‍රෑරත්වයක් අපි අත්වින්ඳා දෙවැන්නෙන් වෙනත් අයෙක්ගෙන්. ඉතින් ඔහුගේ සැබෑම කෙරුවාව හමුවෙන්නෙ තෙවැන්නෙන්. දෙවැන්න කෲරත්වයෙන් අනූනව තිබුණ නම් තෙවැන්නෙන් හමුවන දේවල්වල කුරිරු බව ගැන කියන්න වචනයක් හොයාගන්න බැරි තරමයි. එහිදී මැවෙන දර්ශන චිත්‍රපටයකින් දකින්නට ලැබුණා නම් බරපතළ ශොක් එකකට පත්වෙනවා නොඅනුමානයි. ඒ එක්කම වීරත්වයෙන් ඉතිරෙන සංග්‍රාමයක් එක්ක ත්‍රාසයෙන් කුල්මත් වෙන්නටත් හැකියි. තවමත් මේ අරුම පුදුම මරකත අඩවියට පා නොතැබූ අයෙක් ඉන්නවනම් නොපමාව පිවිසෙන්න. මේක ඔබ 100% ක් ම ලාංකේය නිෂ්පාදනයක් විදිහට ඔබ නොහිතන තාලයේ කියැවීමක් වේවි.

ලක්ෂ්මන් අරංවල

Related articles

දෙකක්නායකයන් දෙදෙනෙක් – කතා දෙකක්

දිනය 2011 අප්‍රේල් මස තුන්වැනිදායි. ඒ සති අන්තයේ ඉරිදාවකි අප්‍රේල් මස දෙවැනිදා, මුම්බායි හි වන්කඩේ පිටියේ දී ලෝක කුසලාන...

ශ්‍රී ලංකාව තවත් ලෝක කුසලානයකින් ඉවතට විසි විය

තවදුරටත් ශ්‍රී ලංකාව ලෝක කුසලානයකින් ඉවතට විසි වීම, ක්‍රිකට් ලෝකයට මවිතයක් ගෙන දෙන සිදුවීමක් නොවේ.සැබැවින්ම ක්‍රිකට් ලෝකය මවිත...

‘දුර දසුනක හිරු ගිනිගෙන’- පරිවර්තිකා අනූෂා සිවලිංගම්

ලාංකීය සාහිත්‍යයෙහි පරිවර්තන කෘති සඳහා පවතිනුයේ සතුටුදායක ඉල්ලුමකි. එහෙත් ඒ විදෙස් සාහිත්‍ය පරිවර්තන සම්බන්ධයෙනි. මේ තත්වය මධ්‍යයේ පසුගිය...

2014 – 2019 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව !

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ...