ජාතික ප්‍රශ්න විසඳීමට අවශ්‍ය රජය සහ අනෙකුත් දේශපාලන පක්ෂ අතර හවුල්කාරිත්වය !

Share post:

ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබුණු මූලික ආකර්ෂණය සහ එහි ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ, රට තදින් වෙලාගෙන පවතින දූෂණය නතර කිරීමටයි. 1970 ගණන්වල අවසානයේ ආර්ථික නිදහස ලැබීමෙන් පසු, ඉහළින් පහළට විහිදී ඇති විශාල පරිමාණයේ දූෂණය රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකටම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වී තිබිණි. විශාල සංවර්ධන ව්‍යාපෘති සහ විදේශ ආධාර දූෂණය සඳහා බලධාරීන්ට අවස්ථාවන් ඇතිකර දී තිබිණි. 2022 දී ආර්ථිකය කඩාවැටීම සහ ජනතාවට එම අපහසු තත්ත්වය සමඟ එක්වීමට සිදුවීම, දූෂණය සහ එයට සම්බන්ධ අය ඉවත් කිරීමට මහජනතාවගේ කැපී ඔවුන්ගේ තීරණාත්මක කැමැත්ත තවත් දැඩි කර තිබිණි. දේශපාලන බලය කවදාවත් අත්නොවූ පක්ෂයක් ලෙස, ජාතික ජන බලවේගය පමණක් ප්‍රධාන පක්ෂ අතර එම අවමානයකින් මිදී තිබිණි.

මෙම දූෂණ ගනුදෙනු පිරිසිදු කිරීම ජනතාවගේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ප්‍රධානතම කාරණය බවට පත්වී ඇති අතර, එය වෙනත් කිසිවක් විසින් පසුපසට දැමිය නොහැකිය. විපක්ෂයේ දේශපාලන පක්ෂ උත්සාහ කළ ජාතිකවාදය ඉස්මතු කිරීමට නොහැකි විය. ජාතික ජන බලවේගය හැර, දූෂණයට සම්බන්ධ සාමාජිකයන් සිටින ප්‍රධාන දේශපාලන පක්ෂ කිසිවක් කෙරෙහි, ජනතාවට දූෂණය අවසන් කිරීමට අවශ්‍ය දේශපාලන කැමැත්ත පවතින බව දැකගත නොහැකි විය. එබැවින්, වැටුප් වැඩිකිරීම සහ ජීවන වියදම අඩුකිරීම වැනි තම පොරොන්දු ඉටුනොකිරීම පිළිබඳ විපක්ෂ දේශපාලන පක්ෂවල චෝදනා, දූෂණය සහ එම ක්‍රියාවන්ට සම්බන්ධ අය ඉවත් කිරීම බලාපොරොත්තු වන ජනතාව විසින් මතු නොකරයි.

හිටපු ආණ්ඩුවේ ප්‍රධාන මන්ත්‍රීවරුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන සිරගත කිරීම ඔස්සේ, දූෂණය සමඟ ඇති වී තිබෙන දඬුවම් ලබානොදීම පිළිබඳ ගැටලුව විසඳීමට ආණ්ඩුව බැරෑරුම් ලෙස ක්‍රියාකරන බව පෙනෙන හෙයින්, දැනට ඡන්දදායකයන් සතුටු කරනු ඇත. ලියාපදිංචි නොකළ සුඛෝපබෝගී වාහනයක් සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට ගත් එක් අයකුට දරුණු ලෙස හැසිරීමේ ඉතිහාසයක් ඇත. එහෙත් ඔහු මීට පෙර කිසි දිනක අත්අඩංගුවට ගෙන නොතිබිණි. සමහර විට රටේ පූර්ව යටත්විජිත යුගයේ වංශවත් අය සමඟ ඔහුගේ පවුල් සබඳතා සහ සමාජයේ එම අංශයේ ඡන්ද ඇදගැනීමට ඇති හැකියාව නිසාඑය සිදුවූවා වියහැකිය. කෙසේවෙතත්, ලියාපදිංචි නොකළ වාහන ළඟ තබාගැනීමේ සාපේක්ෂ වශයෙන් සුළු චෝදනා මත, ඔහු සහ පාර්ලිමේන්තුවේදී නොඅඩුව ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු තවත් හිටපු මන්ත්‍රීවරයකුද මේ වන විට රජය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙය ඔවුන්ගේ තවත් බොහෝ සගයන් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කර ඇති බිලියන ගණන සමඟ සැසඳිය නොහැක. එහෙත් එය ආරම්භයකි.

ප්‍රධාන කාරණය

එබැවින් ඡන්දදායකයන්ගේ ඇස් හමුවේ ජාතික ජන බලවේග ආණ්ඩුව සිය පොරොන්දු ඉටුකිරීම බැරෑරුම් ලෙස සළ කනු ලබන්නේ, දූෂණයේ ප්‍රධාන ගැටලුව නොපමාව විසඳීමට සහ පසුගිය ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිපදෙනෙකු වෙත වගකීම් පැවරීමට පටන් ගෙන ඇති බැවිනි. ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව ඇති චෝදනා ප්‍රතික්ෂේප කිරීම දුෂ්කර වනුයේ ඒවා ලියාපදිංචි නොකළ මෝටර් රථ වන බවට සාක්ෂි මත පදනම් වී ඇති බැවිනි. සාක්ෂි ලබාගැනීමට අපහසු බිලියන ගණනින් සම්බන්ධ වඩාත් සංකීර්ණ නඩු, දීර්ඝ නීතිමය ක්‍රියාපටිපාටිවලට හේතුවිය හැකි අතර, පසුගිය ආණ්ඩු විසින් දූෂණ නඩු උසාවියට ඉදිරිපත් කළ අවස්ථා ගණනාවකදී සිදු වූවාක් මෙන්, අවසානයේදී නිදොස් කොට නිදහස් කළ හැකිය. එහෙත් වර්තමාන නඩු වඩාත් සරල වන අතර නිදොස් කොට නිදහස් වීමේ සම්භාවිතාව අඩුය.

ඒ නිසා, ආණ්ඩුව විසින් ගනුදෙනු කරන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ගිවිසුම සම්බන්ධයෙන් සහ ඡන්ද කාලයේදී ලබාදුන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම හා ජීවන වියදම අඩුකිරීම සම්බන්ධ පොරොන්දු ඉටුනොකිරීම පිළිබඳ විපක්ෂයේ විවේචන මෙම වකවානුවේ ජනතා සමග බලපෑමක් නොමැත. ආණ්ඩුව වත්මන් බලයට පැමිණ මාසයක පමණක් වැනි කාලයක් ගතවී ඇති අතර, ඔවුන්ගේ ආර්ථික අපහසුතා ඉක්මනින් ලිහාගැනීමට අවශ්‍ය බව පිළිගන්නා නමුත්, නව අයවැයකින් පමණක් අප්‍රමුඛ ක්ෂේත්‍රවලින් ප්‍රමුඛ ක්ෂේත්‍රවලට ප්‍රතිපත්ති ප්‍රතිලාභ ප්‍රමාණය වෙනස් කළ හැකි බව ජනතාව වටහාගත් ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බැවින් මේ අවස්ථාවේ බදු ව්‍යුහයන් වෙනස් කිරීම සඳහා නීති සම්පාදනය කළ නොහැකි බව ජනතාව දනියි.

එසේම ජාතික ජන බලවේගය ලබාදුන් ආර්ථික පොරොන්දු, ජනාධිපතිවරණයේදී ප්‍රතිවාදීන් දුන් පොරොන්දුවල සන්දර්භය තුළ දැකිය යුතුය. ප්‍රතිවාදීන්ගේ පොරොන්දු අතර, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා මාසික සුබසාධන ගෙවීම් වැඩි කරන බව පවසමින් ඇදහිය නොහැකි සහන පැකේජ ලබාදීම, ආබාධිත පුද්ගලයන් සහ අන්ත දුප්පතුන් සඳහා දීමනා ඉහළ නැංවීම සහ නිශ්චිත ගොවි ණය කපාහැරීම, ක්ෂණික මුදල් සහන ලබාදීම හෝ බදු සැළකිව යුතු ලෙස අඩුකිරීම, රටේ ණය ශ්‍රේණිගත කිරීම සහ අන්තර්ජාතික සබඳතා අනුව බලාපොරොත්තු විය නොහැකි රජයේ සේවකයන්ට සහ අත්‍යාවශ්‍ය අංශවලට වැඩි වැටුප් ලබාදෙන බවට පොරොන්දු සහ දැවැන්ත විදේශ ආයෝජන හෝ ණය ලබාගැනීම දැකගත හැකි විය. එහෙත් එම පොරොන්දු ජනතාවගේ පිළිගැනීමට ලක්නොවීය.

හවුල්කරුවන් විය හැකිය

අරගලය විරෝධතා ව්‍යාපාරය විසින් ‘පද්ධති වෙනසක්’ ලෙස සාරාංශගත කළ සමස්ත දූෂිත පාලන ක්‍රමයේ වෙනසක් සඳහා වූ අභිලාෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දදායකයන් තුළ පවතින විශාලම ඉල්ලීමක් සහිත ප්‍රචාරක තේමාව බවට පත්වනු ඇත. ඔවුන්ටත් දූෂණයෙන් තොර පාලනයක් අවශ්‍ය බැවින් ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය නුදුන් අය පවා දැන් ජාතික ජන බලවේගයට ඡන්දය දීමට බොහෝදුරට ඉඩ තිබේ. අනෙක් අතට, පසුගිය මාසයේ ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයේදී දැකගත හැකිවූ පරිදි, ජනතාව ද තමන් පෞද්ගලිකව දන්නා හඳුනන හෝ උදව් කළ අයට, හැඟීම් පදනමක් මත ඡන්දය ප්‍රකාශ කිරීමට නැඹුරු විය හැකි අතර, එය ප්‍රාදේශීය මට්ටමින් අනුග්‍රහය දැක්වූ හිටපු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට වාසිදායක වනු ඇත. ඇල්පිටියේදී ජාතික ජන බලවේගය සියයට 47ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ආසනවලින් අඩක් ලබාගත් නමුත්, වැඩි ප්‍රතිශතයක් අනෙකුත් පක්ෂ සඳහා ඡන්දය ප්‍රකාශ කළේය.

වාර්ගික සහ ආගමික සුළුතරයන් වැඩි වශයෙන් සිටින රටේ ප්‍රදේශවලදී ජාතික ජන බලවේගයට බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීම දුෂ්කර වනු ඇත. ජාතික ජන බලවේගයේ ප්‍රධාන අවධානය මීට පෙර බහුතර ප්‍රජාව වූ අතර, පක්ෂයේ ඉහළ නායකත්වය ද ප්‍රධාන ජනවාර්ගික හා ආගමික පසුබිමෙන් පැමිණි අය විය. මෙයින් ඇඟවෙන්නේ වාර්ගික හා ආගමික සුළුතරයන්ගේ ස්වාභාවික නැඹුරුව වනුයේ, ඔවුන් අතර වැඩි වශයෙන් ක්‍රියානොකළ ජාතික පක්ෂයක් තෝරාගැනීමට වඩා ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනීසිටින පක්ෂවලට ඡන්දය දීම බවයි. කෙසේවෙතත්, සුළුජාතීන් ද ඔවුන්ගේම දේශපාලන නායකයන් කෙරෙහි කලකිරී සිටින අතර, විශේෂයෙන් තරුණ පරම්පරාව වෙන්ව ජීවත්වීමට වඩා ප්‍රධාන ධාරාවේ සමාජය හා ජාතික ආර්ථිකය සමඟ ඒකාබද්ධවීමට වැඩි කැමැත්තක් දක්වයි.

මෙම විග්‍රහයේ නිගමනය වන්නේ ආණ්ඩුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක නියැලීමට හැකි වන පරිදි 2/3ක බහුතරයක් දිනාගැනීමට නොහැකි බව ය. එහෙත් එය නොලැබුණද සරල බහුතරයක් දිනාගැනීමට හැකි වනු ඇත. නව නීති සම්මත කිරීමට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීමට පාර්ලිමේන්තුවට තේරී පත්වන අනෙකුත් පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ආණ්ඩුවට අවශ්‍ය වන්නේ නම්, මෙය රටට හොඳම අවස්ථාවයි. ඒ සඳහා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ මතය අනුව, විපක්ෂය සමඟ සාකච්ඡා කිරීම, සම්මුතියක් සහ එකඟතාවක් අවශ්‍ය වේ. විරුද්ධ පක්ෂ සඳහා ලිට්මස් පරීක්ෂණය වනුයේ, දූෂණය සහ දණ්ඩමුක්තිය වේදිකාවේ ආධිපත්‍යය දැරූ අතීතයේ මෙන් නොව, දූෂණයට සහ දණ්ඩමුක්තියට තිත තැබීමට අදාළ නව නීති සම්පාදනය කිරීමේදී රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමයි. පසුගිය ආණ්ඩුවල සිටීමෙන් සම්මුතියකට පත් නොවූ වාර්ගික සහ ආගමික සුළුතර පක්ෂවල බොහෝදුරට ඉඩ ඇති හවුල්කරුවන්ද ජාතික ජන බලවේගයට මෙහිදී සොයාගත හැකිවනු ඇත.

  • ජෙහාන් පෙරේරා

Related articles

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව විද්‍යාල සම්ප්‍රදාය තුළ පමණක් නොව ඊටත් වඩා ඉන් පරිබාහිරවත්...

2025 මුල් මාස 4ට ආණ්ඩුවෙන් හදපු අතුරු සම්මත ගිණුමෙන් වැඩිම මුදල් බිමල්ගේ අමාත්‍යංශයට !

2025 මුල් මාස 4 සඳහා රජයේ අතුරු සම්මත ගිණුමෙන් පෙන්නුම් කරන්නේ, පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්, රාජ්‍ය ණය සේවාකරණය...

ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය බලගන්වන IIHS ආයතනයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වේ !

මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) පිරිනමන පදනම්, ඩිප්ලෝමා, ප්‍රථම උපාධි,...

තරුණ පරපුර බලගැන්වීමට IIHS ආයතනය Young Entrepreneurs Hub දියත් කරයි !

ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයේ අනාගතය නව මාවතකට යොමු කිරීමේ අරමුණෙන් Institute of Health Sciences (IIHS) තරුණ ව්‍යවසායකයන්ගේ එකමුතුව (Young...