ඇමෙරිකා අධිකරණ දෙපාර්තමේන්තුවෙන් ඊශ්‍රායල් කතාව ගැන තවත් තොරතුරක් – වාර්තාවකුත් එළියට !

Share post:

තේරී පත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ටෙහෙරානය විවේචනය කරන අමෙරිකානු මාධ්‍යවේදියකු ඝාතනය කිරීමේ කුලී කොන්ත්‍රාත්තුවක් පැවරී සිටි බවට චෝදනා කෙරෙන ඉරාන ජාතිකයාට ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල සංචාරකයන් ඉලක්ක කිරීමේ වගකීම ද පැවරී තිබී ඇතැයි එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) අයකු වන 51 හැවිරිදි ඉරාන ජාතික ෆර්හාඩ් ෂකේරි ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල සංචාරකයන් ඉලක්ක කර ගැනීමේ කාර්යය භාරව සිටි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

නිව් යෝර්ක් හි ඉරාන සම්භවයක් ඇති එක්සත් ජනපද පුරවැසියකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධ කුමන්ත්‍රණයකට නිව් යෝර්ක් හි බෘක්ලින් හි කාර්ලිස්ල් රිවේරා (49) සහ ස්ටැටන් අයිලන්ඩ් හි ජොනතන් ලෝඩ්හෝල්ට් (36) යන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

කුලියට මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් අපරාධ පැමිණිලි ඔවුන් දෙදෙනාටම එල්ල වී ඇත.

ටෙහෙරානයේ පදිංචිව සිටින බවට විශ්වාස කෙරෙන ෂකේරි, ඉරාන පාලන තන්ත්‍රය විවේචනය කරන විරුද්ධවාදීන්ට නිරීක්ෂණ කිරීමේ සහ ඝාතන කිරීමේ මෙහෙයුම් සිදු කිරීමට අපරාධකරුවන්ගේ ජාලයක් භාවිත කළ බවට චෝදනා එල්ල විය.

එවැනි එක් ඉලක්කයක් වූයේ ඉරාන රජය දැඩි ලෙස විවේචනය කරන නිව්යෝර්ක් හි වෙසෙන එක්සත් ජනපද පුරවැසියෙකි.

විමර්ශකයන්ට අනුව ඔහු සොයාගැනීම සඳහා වන කොන්ත්රාත්තුවට ෂකේරි විසින් රිවේරා සහ ලෝඩ්හෝල්ට් ට ඩොලර් 100,000ක් පොරොන්දු වී තිබේ.

ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අනෙකුත් එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්ක මරා දැමීමේ සැලසුම්වලට ෂකේරි සම්බන්ධ වූ බවට ද එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා කරයි.

වින්දිතයන් නිරීක්ෂණය කිරීම සහ ඝාතන සිදු කිරීම පිළිබඳ විස්තර ඇතුළුව ඔහුගේ ක්‍රියාකාරීන්ට ෂකේරි විසින් දුන් උපදෙස්, සම්මුඛ සාකච්ඡා සහ ඩිජිටල් සන්නිවේදනයන් හරහා අනාවරණ වී තිබේ.

මංකොල්ලකෑම් සම්බන්ධයෙන් සිරගතව සිටීමෙන් පසු 2008 දී එක්සත් ජනපදයෙන් පිටුවහල් කරන ලද ෂකේරි, කුලියට මිනීමැරීම සහ විදේශීය ත්‍රස්තවාදී සංවිධානයකට ද්‍රව්‍යමය ආධාර සැපයීම ඇතුළු විවිධ චෝදනාවලට මුහුණ දී සිටියි.

ඔහු නිදැල්ලේ සිටින අතර රිවේරා සහ ලෝඩ්හෝල්ට් නඩු විභාගයක් පැවැත්වීම සඳහා රඳවාගෙන සිටින බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

(www.ceylonwire.lk)

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම අනාවරණයට අදාළව නිකුත් කළ වාර්තාවේ දිගුව පහතින් දැක්වේ.

https://www.justice.gov/opa/pr/justice-department-announces-murder-hire-and-related-charges-against-irgc-asset-and-two

Related articles

‘ණයානන්දය’ – සුරත් ද මෙල්

ජීවිතයේ සිව්වන දශකය යනු තාරුණ්‍යයේ උපරිමයත් මැදි වියේ එළිපත්තත් අතර සංක්‍රාන්ති සමයයි. ⁣මෙම අවධියේදී සමහරු විවාහ වී තෘප්තිමත්ව...

උසස් අධ්‍යාපන ආයතනවල හැංගිමුත්තන් සෙල්ලං බෑ – තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් තවත් තීන්දුවක් !

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ලබා...

ත්‍රිකුණාමලය මහ රෝහලේ බිලිඳු මරණය : වැඩවර්ජන නිසා සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කළ ත්‍රිකුණාමලය GMOA සභාපතිගේ වැඩ තහනම් !

රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම සහ රාජකාරියට වාර්තා කළ...

කපිල චන්ද්‍රසේන : මරණයේ හෙවනැලි සහ දූෂණයේ අවතාර !

කපිල චන්ද්‍රසේනගේ මරණය ආන්දෝලනාත්මක ය. එහිදී සිදු වූයේ කුමක්ද යන්න ඉදිරි විමර්ශනවලින් පසු තීරණය වනු ඇත. එතෙක් මරණ...