ඇමෙරිකා අධිකරණ දෙපාර්තමේන්තුවෙන් ඊශ්‍රායල් කතාව ගැන තවත් තොරතුරක් – වාර්තාවකුත් එළියට !

Share post:

තේරී පත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ටෙහෙරානය විවේචනය කරන අමෙරිකානු මාධ්‍යවේදියකු ඝාතනය කිරීමේ කුලී කොන්ත්‍රාත්තුවක් පැවරී සිටි බවට චෝදනා කෙරෙන ඉරාන ජාතිකයාට ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල සංචාරකයන් ඉලක්ක කිරීමේ වගකීම ද පැවරී තිබී ඇතැයි එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) අයකු වන 51 හැවිරිදි ඉරාන ජාතික ෆර්හාඩ් ෂකේරි ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල සංචාරකයන් ඉලක්ක කර ගැනීමේ කාර්යය භාරව සිටි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

නිව් යෝර්ක් හි ඉරාන සම්භවයක් ඇති එක්සත් ජනපද පුරවැසියකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධ කුමන්ත්‍රණයකට නිව් යෝර්ක් හි බෘක්ලින් හි කාර්ලිස්ල් රිවේරා (49) සහ ස්ටැටන් අයිලන්ඩ් හි ජොනතන් ලෝඩ්හෝල්ට් (36) යන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

කුලියට මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් අපරාධ පැමිණිලි ඔවුන් දෙදෙනාටම එල්ල වී ඇත.

ටෙහෙරානයේ පදිංචිව සිටින බවට විශ්වාස කෙරෙන ෂකේරි, ඉරාන පාලන තන්ත්‍රය විවේචනය කරන විරුද්ධවාදීන්ට නිරීක්ෂණ කිරීමේ සහ ඝාතන කිරීමේ මෙහෙයුම් සිදු කිරීමට අපරාධකරුවන්ගේ ජාලයක් භාවිත කළ බවට චෝදනා එල්ල විය.

එවැනි එක් ඉලක්කයක් වූයේ ඉරාන රජය දැඩි ලෙස විවේචනය කරන නිව්යෝර්ක් හි වෙසෙන එක්සත් ජනපද පුරවැසියෙකි.

විමර්ශකයන්ට අනුව ඔහු සොයාගැනීම සඳහා වන කොන්ත්රාත්තුවට ෂකේරි විසින් රිවේරා සහ ලෝඩ්හෝල්ට් ට ඩොලර් 100,000ක් පොරොන්දු වී තිබේ.

ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අනෙකුත් එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්ක මරා දැමීමේ සැලසුම්වලට ෂකේරි සම්බන්ධ වූ බවට ද එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා කරයි.

වින්දිතයන් නිරීක්ෂණය කිරීම සහ ඝාතන සිදු කිරීම පිළිබඳ විස්තර ඇතුළුව ඔහුගේ ක්‍රියාකාරීන්ට ෂකේරි විසින් දුන් උපදෙස්, සම්මුඛ සාකච්ඡා සහ ඩිජිටල් සන්නිවේදනයන් හරහා අනාවරණ වී තිබේ.

මංකොල්ලකෑම් සම්බන්ධයෙන් සිරගතව සිටීමෙන් පසු 2008 දී එක්සත් ජනපදයෙන් පිටුවහල් කරන ලද ෂකේරි, කුලියට මිනීමැරීම සහ විදේශීය ත්‍රස්තවාදී සංවිධානයකට ද්‍රව්‍යමය ආධාර සැපයීම ඇතුළු විවිධ චෝදනාවලට මුහුණ දී සිටියි.

ඔහු නිදැල්ලේ සිටින අතර රිවේරා සහ ලෝඩ්හෝල්ට් නඩු විභාගයක් පැවැත්වීම සඳහා රඳවාගෙන සිටින බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

(www.ceylonwire.lk)

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම අනාවරණයට අදාළව නිකුත් කළ වාර්තාවේ දිගුව පහතින් දැක්වේ.

https://www.justice.gov/opa/pr/justice-department-announces-murder-hire-and-related-charges-against-irgc-asset-and-two

Related articles

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...