වෛද්‍ය සාෆි මහජන ආරක්ෂක අමාත්‍යංශයට : තව කෙනකුට මෙහෙම දෙයක් නොවෙන්න වැඩ කරනවා – සාෆි

Share post:

වෛද්‍ය මොහොමඩ් සාෆි මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කුමන්ත්‍රණකාරීව, ව්‍යාජ කතාවක් ගොතමින් අත්අඩංගුවට ගෙන පීඩාවට පත්කිරීම සම්බන්ධයෙන් සහ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔහු මේ පැමිණිල්ල මගින් ඉල්ලා ඇත. තමන්ව අත්අඩංගුවට ගැනීමට නිසි පැමිණිල්ලක් හෝ සාක්ෂියක් මෙතෙක් ඉදිරිපත් කිරීමට නිලධාරීන් සමත්වී නොමැති බව ද ඔහු අවධාරණය කරයි.

විශේෂඥ වෛද්‍යවරයාට එල්ල කර තිබූ සියලු‍ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදි. නිදහස් වීමෙන් පසු අදහස් දක්වමින් ඔහු පැවසුවේ පෞද්ගලික වාසි වෙනුවෙන් තමන් බිලිදීම ගැන කනගාටු වන බවයි.

කාන්තාවන් වන්ධ්‍යකරණයට ලක්කළ බවට ඔහුට චෝදනා එල්ල කර තිබිණි.

තමන්ට සිදු වූ අසාධාරණය තවත් අයකුට සිදු නොවීමට නීතිය පැත්තෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

‘පුද්ගලික වාසි වෙනුවෙන් තමන්ගේ තනතුර ඉහළ දමාගන්න මාව බිලි දීපු එක ගැන කනගාටුවෙනවා. තමන්ගේ හැකියාව තුළින් ඉදිරියට යන්නේ නැතුව මං වගේ අහිංසක මනුස්සයෙක්ව, පවුලක් විනාශ කරලා ඉදිරියට ගිය එක ගැන නීතිමය පියවර ගන්වා. ඒ සම්බන්ධව මගේ නීතිඥවරයත් එක්ක සම්බන්ධවෙලා අනිවාර්යයෙන්ම තව කෙනෙකුට මෙවන් දෙයක් සිදු නොවෙන්න නීතිය පැත්තෙන් ගන්න පුළුවන් පියවර ඔක්කොම ගන්නවා.’

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...