වෛද්‍ය සාෆි මහජන ආරක්ෂක අමාත්‍යංශයට : තව කෙනකුට මෙහෙම දෙයක් නොවෙන්න වැඩ කරනවා – සාෆි

Share post:

වෛද්‍ය මොහොමඩ් සාෆි මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කුමන්ත්‍රණකාරීව, ව්‍යාජ කතාවක් ගොතමින් අත්අඩංගුවට ගෙන පීඩාවට පත්කිරීම සම්බන්ධයෙන් සහ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔහු මේ පැමිණිල්ල මගින් ඉල්ලා ඇත. තමන්ව අත්අඩංගුවට ගැනීමට නිසි පැමිණිල්ලක් හෝ සාක්ෂියක් මෙතෙක් ඉදිරිපත් කිරීමට නිලධාරීන් සමත්වී නොමැති බව ද ඔහු අවධාරණය කරයි.

විශේෂඥ වෛද්‍යවරයාට එල්ල කර තිබූ සියලු‍ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදි. නිදහස් වීමෙන් පසු අදහස් දක්වමින් ඔහු පැවසුවේ පෞද්ගලික වාසි වෙනුවෙන් තමන් බිලිදීම ගැන කනගාටු වන බවයි.

කාන්තාවන් වන්ධ්‍යකරණයට ලක්කළ බවට ඔහුට චෝදනා එල්ල කර තිබිණි.

තමන්ට සිදු වූ අසාධාරණය තවත් අයකුට සිදු නොවීමට නීතිය පැත්තෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

‘පුද්ගලික වාසි වෙනුවෙන් තමන්ගේ තනතුර ඉහළ දමාගන්න මාව බිලි දීපු එක ගැන කනගාටුවෙනවා. තමන්ගේ හැකියාව තුළින් ඉදිරියට යන්නේ නැතුව මං වගේ අහිංසක මනුස්සයෙක්ව, පවුලක් විනාශ කරලා ඉදිරියට ගිය එක ගැන නීතිමය පියවර ගන්වා. ඒ සම්බන්ධව මගේ නීතිඥවරයත් එක්ක සම්බන්ධවෙලා අනිවාර්යයෙන්ම තව කෙනෙකුට මෙවන් දෙයක් සිදු නොවෙන්න නීතිය පැත්තෙන් ගන්න පුළුවන් පියවර ඔක්කොම ගන්නවා.’

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...