ඇමසන් ගංගාධාරයේ පිහිටි කුඩා රන් ගම්මානය ‘සියෙරා පෙලාඩේ’

Share post:

සියෙරා පෙලාඩේ… යනු බ්‍රසීලයේ ඇමසන් ගංගාධාරයේ පිහිටි කුඩා ගම්මානයකි. වනගත ප්‍රදේශයක පිහිටි මෙම ගම්මානය එක්වරම බ්‍රසීලය පුරා ප්‍රසිද්ධියට පත් විය. 1979 වසරේදී මෙම ප්‍රදේශයේ සොයාගත් රන් නිධියක් හේතුකොටගෙන ජනයාගෙන් අතුරු සිදුරු නැතුව පිරී ගියේය. රන් ආකාරයේ කැනීම් සියල්ල සිදු වුයේ කිසිදු ප්‍රමිතියකින් තොරවය. රන් සොයමින් දහස් ගණනක් ජනයා එකිනෙකා ඇණකොටා ගනිමින් මහා යුද්ධයක් දියත් කළේය. දිළිඳු බවේ පතුලටම කිඳා බැස තිබුණි මිනිසුන්, රන් වෙනුවෙන් තම අසල්වැසියා වුවද කිසිදු තෙතමනයකින් තොරව මරා දැමුවේය. යුද්ධයක සිරි ගනිමින් රන් ආකාරය දිනෙන් දින මීටර් සිය ගණනක් පතුලට කිඳා බසින්නට විය. අවසානයේ පතුලේ ඇති රන් ඉල්ලම මතු පිටට රැගෙන එනවිට මීටර් 400 ක උසක් තරණය කිරීමට සිදු වුයේ දැව දඬු යොදාගත් ඉතා අනාරක්ෂිත ඉනිමන් ඔස්සේය. දිළිඳුකමින් පීඩිත භාවයෙන් දොරේ ගලා ගිය ඔවුන්ගේ ජීවිත මේ කිසිදු අනතුරක් මායිම් නොකළේය.

අත මිට සරුවීමත් සමගම මත් පැන්ද, ඉතා ලාබාල තරුණියන්ගේ ගණිකා පහසද එම ප්‍රදේශය පුරා පැතිර ගියේය. ඔවුන් ආයාසයෙන් උපයා ගත් සියල්ලම ඒ වෙනුවෙන් දිය කර හැරියේය. මහා පරිශ්‍රමයකින් සොයාගත් රන් කැබලි ඉතා සොච්චම් මිලකට මිලදී ගත් ධනවතුන්, ඒවා සුවිශාල ලාභයක් ලබාගෙන ඇමෙරිකානු වෙළඳපොලට ඉදිරිපත් කළේය. මාස කිහිපයක් තිස්සේ හාරා තිබු කිලෝ මීටරයකට වඩා පළලින් හා ගැඹුරින් මීටර් 400 ක් වූ මේ පතලේ අවසාන අඩියේ දී ඔවුන් පුදුමයට පත් කරමින් රනින් පිරුණු පස් තට්ටුවක් සොයාගනු ලැබිය. ආරංචිය වැකුණු රජයේ බලාධිකාරිය විසින් වහාම හමුදා බලය යොදා සිය ගණන් මිනිසුන් මරා දමමින් රන් ආකාරයේ බලය සියතට ගත්තේය. අනතුරුව එරට මහා ධනකුවේරයන් ගේ මුදල් ආයෝජනය කරමින් රන් ටොන් 45 ක් සොයාගනු ලැබීය. එම රන් තොගය මහා බ්‍රිතානයේ London Metal Exchange හි ඩොලර් මිලියන ගණනකට විකුණා දමන ලදී.

කම්කරුවන් ගේ දහදියද, රුධිරයද, පණ සුන් ජීවිත ද පමණක් මේ මහා රන් ආකාරය තුල රැඳී තිබුණි. සියලු ආදායම් හා ලාභය පමණක් පස් පිඩක් අත නොතැරවූ වෙළඳ අධිකාරිය සතු විය. හමුදා බලය යොදමින් සිදු කල මහා මිනිස් ඝාතනය ඉදිරියේ බොහෝ උන් නිහඬව වෙඩි උණ්ඩයට බිලි වුවද, එම වෙඩි බලය පරදා හිස් මිටින් හෝ සටන් කල වීර තරුණයන්ද එහිදී දකින්නට හැකි විය. වීරයන් බිහිවන්නේ පීඩනයේ උච්චතම අවස්තාවේදීය. එවිට මරණය යනු උත්තම පුජාවකි.

ප්‍රදීප් පීරිස්

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...