ඇමසන් ගංගාධාරයේ පිහිටි කුඩා රන් ගම්මානය ‘සියෙරා පෙලාඩේ’

Share post:

සියෙරා පෙලාඩේ… යනු බ්‍රසීලයේ ඇමසන් ගංගාධාරයේ පිහිටි කුඩා ගම්මානයකි. වනගත ප්‍රදේශයක පිහිටි මෙම ගම්මානය එක්වරම බ්‍රසීලය පුරා ප්‍රසිද්ධියට පත් විය. 1979 වසරේදී මෙම ප්‍රදේශයේ සොයාගත් රන් නිධියක් හේතුකොටගෙන ජනයාගෙන් අතුරු සිදුරු නැතුව පිරී ගියේය. රන් ආකාරයේ කැනීම් සියල්ල සිදු වුයේ කිසිදු ප්‍රමිතියකින් තොරවය. රන් සොයමින් දහස් ගණනක් ජනයා එකිනෙකා ඇණකොටා ගනිමින් මහා යුද්ධයක් දියත් කළේය. දිළිඳු බවේ පතුලටම කිඳා බැස තිබුණි මිනිසුන්, රන් වෙනුවෙන් තම අසල්වැසියා වුවද කිසිදු තෙතමනයකින් තොරව මරා දැමුවේය. යුද්ධයක සිරි ගනිමින් රන් ආකාරය දිනෙන් දින මීටර් සිය ගණනක් පතුලට කිඳා බසින්නට විය. අවසානයේ පතුලේ ඇති රන් ඉල්ලම මතු පිටට රැගෙන එනවිට මීටර් 400 ක උසක් තරණය කිරීමට සිදු වුයේ දැව දඬු යොදාගත් ඉතා අනාරක්ෂිත ඉනිමන් ඔස්සේය. දිළිඳුකමින් පීඩිත භාවයෙන් දොරේ ගලා ගිය ඔවුන්ගේ ජීවිත මේ කිසිදු අනතුරක් මායිම් නොකළේය.

අත මිට සරුවීමත් සමගම මත් පැන්ද, ඉතා ලාබාල තරුණියන්ගේ ගණිකා පහසද එම ප්‍රදේශය පුරා පැතිර ගියේය. ඔවුන් ආයාසයෙන් උපයා ගත් සියල්ලම ඒ වෙනුවෙන් දිය කර හැරියේය. මහා පරිශ්‍රමයකින් සොයාගත් රන් කැබලි ඉතා සොච්චම් මිලකට මිලදී ගත් ධනවතුන්, ඒවා සුවිශාල ලාභයක් ලබාගෙන ඇමෙරිකානු වෙළඳපොලට ඉදිරිපත් කළේය. මාස කිහිපයක් තිස්සේ හාරා තිබු කිලෝ මීටරයකට වඩා පළලින් හා ගැඹුරින් මීටර් 400 ක් වූ මේ පතලේ අවසාන අඩියේ දී ඔවුන් පුදුමයට පත් කරමින් රනින් පිරුණු පස් තට්ටුවක් සොයාගනු ලැබිය. ආරංචිය වැකුණු රජයේ බලාධිකාරිය විසින් වහාම හමුදා බලය යොදා සිය ගණන් මිනිසුන් මරා දමමින් රන් ආකාරයේ බලය සියතට ගත්තේය. අනතුරුව එරට මහා ධනකුවේරයන් ගේ මුදල් ආයෝජනය කරමින් රන් ටොන් 45 ක් සොයාගනු ලැබීය. එම රන් තොගය මහා බ්‍රිතානයේ London Metal Exchange හි ඩොලර් මිලියන ගණනකට විකුණා දමන ලදී.

කම්කරුවන් ගේ දහදියද, රුධිරයද, පණ සුන් ජීවිත ද පමණක් මේ මහා රන් ආකාරය තුල රැඳී තිබුණි. සියලු ආදායම් හා ලාභය පමණක් පස් පිඩක් අත නොතැරවූ වෙළඳ අධිකාරිය සතු විය. හමුදා බලය යොදමින් සිදු කල මහා මිනිස් ඝාතනය ඉදිරියේ බොහෝ උන් නිහඬව වෙඩි උණ්ඩයට බිලි වුවද, එම වෙඩි බලය පරදා හිස් මිටින් හෝ සටන් කල වීර තරුණයන්ද එහිදී දකින්නට හැකි විය. වීරයන් බිහිවන්නේ පීඩනයේ උච්චතම අවස්තාවේදීය. එවිට මරණය යනු උත්තම පුජාවකි.

ප්‍රදීප් පීරිස්

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...