SLIIT සිය 25 වන සංවත්සර සැමරුම සඳහා සංවත්සර ලාංඡනයක් එළිදක්වමින්, වසරේ වැඩසටහන් පෙළගැස්ම ඉදිරිපත් කරයි !

Share post:

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අසමසම වූ විශිෂ්ටත්වයක් සමගින් දශක දෙකකට වැඩි ජයග්‍රහණ රැසක සුවිශේෂී වූ සන්ධිස්ථානයක් කරා ලඟා වීමේ ප්‍රීතිය සමරමින්, SLIIT සිය 25 වන සංවත්සර සැමරුම නව සංවත්සර ලාංඡනයක් එළිදක්වමින් පසුගියදා ආරම්භ කළේය. එහිදී වසරේ ඉදිරි වැඩසටහන් පෙළගැස්ම ද ප්‍රකාශයට පත් කෙරිණි.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා SLIIT කුලපති සහ ප්‍රධානී මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, SLIIT උපකුලපති හා ප්‍රධාන විධායක නිළධාරී මහාචාර්ය ලලිත් ගමගේ, SLIIT ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය නිමල් රාජපක්ෂ යන මහත්වරුන් සහ එහි පීඨාධිපතිවරුන්, අධ්‍යක්ෂවරුන්, විද්වතුන්, කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ සිසුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

මෙහිදී පැමිණ සිටි පිරිස අමතමින් SLIIT හි කුලපති සහ ප්‍රධානී මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක මහතා මෙසේ ප්‍රකාශ කළේය. ”පසුගිය වසර විසිපහක කාලය තුළදී SLIIT ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස පත්වී තිබෙනවා. එමෙන්ම අඛණ්ඩව කැපී පෙනෙන උසස් ප්‍රමිතිගත අධ්‍යාපනයක් ලබා දෙමින්, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සේවා යෝජකයින් හට ඉහළ ඉල්ලුමක් ඇති උපාධිධාරීන් බිහිකිරීමට SLIIT ආයතනය සමත්වී තිබෙනවා. අපගේ 25 වැනි සංවත්සර සැමරුම සනිටුහන් කරන මේ මොහොතේ එහි කොටස් කරුවන් වීම ගැන මම ආඩම්බර වෙනවා. SLIIT අනාගතයේදී නව සන්ධිස්ථානයක් කරා ළඟා වෙමින් ඉහළ ප්‍රමිතීන් ගොඩනගනු ඇති බවට මම නිසැකවම විශ්වාස කරනවා.”

මෙම උත්සවයේදී උපකුලපති හා ප්‍රධාන විධායක නිළධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා විසින් ආයතනයේ සුවිශේෂී සන්ධිස්ථාන සහ ජයග්‍රහණ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් කරමින්, SLIIT හි පසුගිය වසර 25 ක ඉතිහාසය සහ ගමන් මග පිළිබඳව අදහස් දක්වන ලදී. ඔහු ආයතනය පසු කරනු ලැබූ ප්‍රධාන සන්ධිස්ථාන සහ සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳව හුවා දක්වමින් SLIIT ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපනයක් ලබා දෙන සැපයුම්කරුවෙකු බවට ආරම්භයේ සිටම වැඩිදියුණු වූ ආකාරය පිළිබඳව සඳහන් කළේය. SLIIT හි උරුමය සහ අනාගතය සංකේතවත් කරන සංවත්සර ලාංඡනය එළිදැක්වීම ද මෙහිදී සිදු විය. මහාචාර්ය ලලිත් ගමගේ මහතා විසින් ප්‍රථමයෙන් නිර්මාණය කරන ලද SLIIT ලාංඡනය, 25 වැනි සංවත්සරය වෙනුවෙන් නවීකරණය කරනු ලැබූවේ SLIIT ගෘහ නිර්මාණ පාසලේ කථිකාචාර්ය රංජක කල්හාර මහතා විසිනි.

SLIIT හි උපකුලපති හා ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේ පැවසීය. “අපි SLIIT හි 25 වන සංවත්සරය සමරන මේ මොහොතේ අපගේ ගුණාත්මක අධ්‍යාපනය, පර්යේෂණ පැතිකඩ සහ ශක්තිමත් සහයෝගීතාවයන් සඳහා ගෝලීය වශයෙන් පිළිගත් ශ්‍රී ලංකාවේ අංක එකේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙසින් අපි පැමිණි ගමන් මග දෙස ආපසු හැරී බැලීමේදී අද අපි අපගේ නව ලාංඡනය එළිදක්වන අවස්ථාවේදී එය අපගේ පීඨ සහ ප්‍රජාව එකමුතු වන ආකාරය සහ එකට එක්ව ඉදිරියට ගමන් කිරීම තුළින් නව්‍යකරණය සඳහා අප දක්වනු ලබන කැපවීම පෙන්නුම් කෙරෙනවා. විවිධ ක්ෂේත්‍රයන්වල නායකයින්, ව්‍යවසායකයින් සහ නවෝත්පාදකයින් ලෙස බිහි වී ඇති අපගේ ආදි ශිෂ්‍යයන්, ඔවුන්ගේ ජීවන තත්ත්වයන් අධ්‍යාපනය තුළින් පරිවර්තනය කිරීමේ අපගේ මෙහෙවරට කදිම සාක්ෂියකි. අනාගතය දෙස බලන විට වෛද්‍ය විද්‍යාව වැනි නව ක්ෂේත්‍රයන් දක්වා වර්ධනය වීමට, අපගේ ආයතනය පුළුල් කිරීමටත්  ශ්‍රී ලංකාවට වැඩි ආදායමක් ගෙන දීමට සහ රට තුළ දක්ෂ කුසලතා රඳවා තබා ගනිමින් සමාජයට එය පෙරලා නැවත ලබා දීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා. මහත් කැපවීමෙන් කටයුතු කරනු ලබන අපගේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සෑම විටම අපගේ සිසුන්ට සහය වෙමින්, අපි ඉදිරි වසර 25 තුළ ශ්‍රී ලංකාවේ සහ ඉන් එහාට ඉගෙනුම්, නවෝත්පාදන සහ ධනාත්මක පරිවර්තනයන්ට නායකත්වය දීමට සූදානම්ව සිටිනවා.”

SLIIT ආයතනයේ සාර්ථකත්වයට හේතු වූ ප්‍රධානතම කරණා ලෙස දැඩි කැපවීම සහ අධිෂ්ඨානය, විශේෂයෙන් අභියෝග ජය ගැනීම සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ රැකියා වෙළඳපොළේ වෙනස්කම් වලට අනුගත වීම පිළිබඳව මහාචාර්ය ගමගේ  මහතා විසින් සිය අදහස් දැක්වීම අතරතුරදී විශේෂයෙන් සඳහන් කළේය. ඔහුගේ මෙම පණිවිඩය කාර්ය මණ්ඩලය සහ සිසුන් අතර වැඩි අවධානයකට ලක්වූ අතර එමගින්, විශිෂ්ටත්වය වෙනුවෙන් අඛණ්ඩව උත්සාහ කළයුතු බවටත් සමස්ත ප්‍රජාවම දිරි ගන්නවන ලදී.

සහකාර උපකුලපති (ජාත්‍යන්තර කටයුතු සහ පර්යේෂණ) මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ මහතා විසින් 25වන සංවත්සර සැමරුම් කමිටුවේ සභාපති වශයෙන්, වසර ගණනාවක් පුරා SLIIT හි ගමන් මග සහ ජයග්‍රහණ පිළිබඳව පිළිබිඹු කරමින් උත්සවයේ ස්තුති කතාව පැවැත්විය. වසරක සැමරුම් උත්සවයක ආරම්භය සනිටුහන් කරමින් SLIIT’s Got Talent හි නිල කමීසය සහ SLIIT Walk ආරාධනා පත්‍ර කුලපති, උපකුලපති සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උපකුලපති සහ SLIIT හි ප්‍රධානීන් වෙත ප්‍රධානය කිරීම ද මෙහිදී සිදුවිය.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය සනිටුහන් කිරීම සඳහා ආයතනය වසරක් පුරා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාව සඳහා SLIIT සමස්ත ප්‍රජාවටම එක්වන ලෙස ආරාධනා කරනු ලැබීය. මේ සම්බන්ධයෙන් වන නවතම තොරතුරු www.sliit.lk යන SLIIT නිල වෙබ් අඩවිය හරහා හෝ නිල සමාජ ජාලා පිටුවලින් ලබාගත හැකිය.

Related articles

ඇමසන් ගංගාධාරයේ පිහිටි කුඩා රන් ගම්මානය ‘සියෙරා පෙලාඩේ’

සියෙරා පෙලාඩේ… යනු බ්‍රසීලයේ ඇමසන් ගංගාධාරයේ පිහිටි කුඩා ගම්මානයකි. වනගත ප්‍රදේශයක පිහිටි මෙම ගම්මානය එක්වරම බ්‍රසීලය පුරා ප්‍රසිද්ධියට...

විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ 873ක් අපිට ගන්න පුළුවන් – පුනරුත්ථාපන කාර්යාංශයේ ලිපියක් මහෙස්ත්‍රාත්වරුන් අතට !

පුනරුත්ථාපන කාර්යාංශය යටතේ පාලනය වන පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් තවත් 873 දෙනකු ඇතුළත් කරගත හැකි බව අධිකරණ...

ගම්මන්පිලලාට පේන්න බැරි ‘අපරාධ චූදිතයා’ – කවුද මේ රවී සෙනෙවිරත්න ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ (21) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කරන බව සතියකට පෙර...

රන්සුනු ගෙන එන්නී – ඇය සුමුදු නම් වන්නී

සති කිහිපයකට පෙර මා සුමුදු චතුරානි ජයවර්ධන සොයුරිය ඇමතුවෙ මගේ අනාගත කටයුත්තක් පිළිබඳ කිසියම් අදහසක් ගන්නට. මගේ ඒ...