විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ 873ක් අපිට ගන්න පුළුවන් – පුනරුත්ථාපන කාර්යාංශයේ ලිපියක් මහෙස්ත්‍රාත්වරුන් අතට !

Share post:

පුනරුත්ථාපන කාර්යාංශය යටතේ පාලනය වන පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් තවත් 873 දෙනකු ඇතුළත් කරගත හැකි බව අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් සියලු‍ම මහෙස්ත්‍රාත්වරුන් වෙත ලිඛිත ව දැනුම් දෙයි.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් සංජීව සෝමරත්න විසින් මේ බව ඊයේ (21) දැනුම් දී ඇත. මාස 06ක පුනරුත්ථාපන ක්‍රියාවලියක් සඳහා විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් යොමුකිරීම අධිකරණ මගින් සිදුකරයි. පසුගිය කාලයේදී එවැනි චූදිතයන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකිරීම වෙනුවට බන්ධනාගාරගත කිරීම සිදු විය. මේ සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකදී අධිකරණ සේවා කොමිෂන් සභාව හඳුනාගෙන ඇත්තේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල තත්ත්වය පිළිබඳ අධිකරණ නිලධාරීන් නිවැරදිව දැනුවත් වී නැති බවයි.

ඒ අනුව පුනරුත්ථාපන කාර්යාංශයේ කොමසාරිස් (පුනරුත්ථාපන) මගින් මේ මධ්‍යස්ථානවල ඇති ඉඩපහසුකම් පිළිබඳව විමසීමක් කර ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් එම කාර්යාංශයෙන් දැනුම් දී ඇත්තේ විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 873 දෙනකු සඳහා ඉඩ ඇති බවයි.

පුනරුත්ථාපන කාර්යාංශය යටතේ පාලනය වන ප්‍රධාන මධ්‍යස්ථාන 03ක් තිබේ. කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, සේනපුර තෘතීක හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය, වව්නියාව ඒකාබද්ධතා මධ්‍යස්ථානය එම මධ්‍යස්ථාන 03 වේ.

Related articles

ජෙයරාජ් ඝාතනයට සැක පිට අත්අඩංගුවේ සිටි පොලිස් අධිකාරි වහාම සේවයේ පිහිටුවන්න : පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියෙන් නියෝගයක්

හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට...

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...