විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ 873ක් අපිට ගන්න පුළුවන් – පුනරුත්ථාපන කාර්යාංශයේ ලිපියක් මහෙස්ත්‍රාත්වරුන් අතට !

Share post:

පුනරුත්ථාපන කාර්යාංශය යටතේ පාලනය වන පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් තවත් 873 දෙනකු ඇතුළත් කරගත හැකි බව අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් සියලු‍ම මහෙස්ත්‍රාත්වරුන් වෙත ලිඛිත ව දැනුම් දෙයි.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් සංජීව සෝමරත්න විසින් මේ බව ඊයේ (21) දැනුම් දී ඇත. මාස 06ක පුනරුත්ථාපන ක්‍රියාවලියක් සඳහා විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් යොමුකිරීම අධිකරණ මගින් සිදුකරයි. පසුගිය කාලයේදී එවැනි චූදිතයන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකිරීම වෙනුවට බන්ධනාගාරගත කිරීම සිදු විය. මේ සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකදී අධිකරණ සේවා කොමිෂන් සභාව හඳුනාගෙන ඇත්තේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල තත්ත්වය පිළිබඳ අධිකරණ නිලධාරීන් නිවැරදිව දැනුවත් වී නැති බවයි.

ඒ අනුව පුනරුත්ථාපන කාර්යාංශයේ කොමසාරිස් (පුනරුත්ථාපන) මගින් මේ මධ්‍යස්ථානවල ඇති ඉඩපහසුකම් පිළිබඳව විමසීමක් කර ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් එම කාර්යාංශයෙන් දැනුම් දී ඇත්තේ විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 873 දෙනකු සඳහා ඉඩ ඇති බවයි.

පුනරුත්ථාපන කාර්යාංශය යටතේ පාලනය වන ප්‍රධාන මධ්‍යස්ථාන 03ක් තිබේ. කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, සේනපුර තෘතීක හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය, වව්නියාව ඒකාබද්ධතා මධ්‍යස්ථානය එම මධ්‍යස්ථාන 03 වේ.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...