Capturing Realism Asia 2024 හැරල්ඩ් පීරිස් කලාගාරයේ දී

Share post:

නොමිලේ කලාව උගන්වන මාතර, රත්මලේ ඇමරිකාවේ කලා ඇකඩමිය විසින් ප්‍රථම වතාවට පවත්වනු ලබන ඉහත ප්‍රදර්ශනය මේ දිනවල හැරල්ඩ් පීරිස් කලාගාරයේ දී ඔබට මේ මස 24 දින දක්වා දැකගන්න පුලුවන්. මම හිතන්නෙ මේ වර්ගයේ ප්‍රදර්ශනයක් ප්‍රථම වතාවට ලංකාවෙ පැවැත්වන්නෙ. මෙය අතින් අඳින ලද මුත් එකවර චිත්‍ර ප්‍රදර්ශනයක් යැයි කෙනෙකුට ඒත්තු ගැන්වෙන තරමට බොහෝ දුර ප්‍රද්‍රර්ශනයක්. ඡායාරූපය ආශ්‍රිතව photo realism හරහා ඔවුන් මෙම ක්‍රියාවලිය පරිසමාප්ත කරන්නෙ නරඹන්නියට මෙය ඇඳීමක් නොව ඡායාරූපයක් යැයි සැකහිතෙන තැනකින්. ඒ තමයි මේ වැඩේ කූටාප්‍රාප්තිය .නරඹන්නිය ගඟේ යැවීම යැවීම. අවුරුද්දක පමන කාලයක් තුළ සිසුන් 20 කගේ පමන කෘති විව්ධ ඡායාරූපය ආශ්‍රයෙන් නැවත ප්‍රතිනිර්මාණය වන්නේ ඒ විදියට.

කලාවේ විවිධ ශානර අතර මෙය ලෝක මට්ටමේ ප්‍රවණතාවයක් .ඒ තමයි කලාවේ නිදහස.තම කැමැත්ත මත හෝ තමන්ගෙ අධ්‍යන කලාපය මත හෝ හැකියාව හෝ නොහැකියාව මත අන්ගේ විදියක් විසින් තමයි තමන්ගේ අනන්‍යතාව හදන්නෙ. ඉතින් මේ Capturing realism ප්‍රදර්ශනය හරහාද එහිම වූ අනන්‍යතාව සටහන් වීම ලංකාවට අමුතු වූවාට ලෝකයේ මෙහෙම දේවල් වෙනවා.බැලු බැල්මට එකම සිත්තරෙක් විසින් අඳින ලද සිත්තම් පෙළක් සේ පෙන්නෙන්නෙ මෙහි තාක්ෂණය (ශිල්ප ක්‍රමය) එකක් වීම නිසාවෙනි. පැන්සල් ,චාකෝල් සහ තෙල් සායම් වැනි සීමිත මාධ්‍යන් ප්‍රමාණයක් හරහා ඔවුන් මෙය විශ්මය ජනක විදියට ගේන්න ඇකඩමිය විසින් ඔවුන් විදිමත් විදියට ශික්ෂණය කරපු බව ඔබට පෙනේවි.

ඡායාරූපයක් බලාගෙන ඒ විදියටම අඳින එක කලාව වෙන්නෙ කොහොමද කියල අහන ප්‍රශ්නය ඔබට අහන්න පුලුවන්.මෙහි ඇත්තේ තාක්ෂණික ක්‍රියාවක් බවත් මිනිස් චින්තන පරාසය එහෙමත් නැතිනම් දෘෂ්ටිවාදී පොලාපැනීමක් කෝ කියල අහන්නත් පුලුවන්. මේ ප්‍රදර්ශනය හොඳට බලන්න. වෙලාව අරන් බලන්න. අපේ රටෙත් සමහර සිත්තරුන් AI තාක්ෂණය සහ ඡායාරූපය refer කරලත් මේ පරිසමාප්තියට එන්න බැරි ඇයි? මේ පුන්චි පුන්චි වර්ණ වෙනස්කම් ඇතුළෙ material characters මාර්ක් කරන විදිය පිටපත් කිරීමකට එහා ගිය පරීක්ෂාවක්.මම විශ්වාස කරනුයේ photo realism වල ගුණයන් සියල්ල මේ ප්‍රදර්ශනය අත්පත් කරගෙන ඇති බවයි. ඒ තමයි මේ වැඩේ ඇතුළෙ තියෙන්න ඕන මහාපොදු සාධකය. අපට අප කැමති තැනක නතර වන්න අයිතිය තියෙනවා සහ නිදහස තියෙනවා කියා තවත් කෙනෙක් බැහැර කරන්න හේතු තියෙන්න ඕනෙ විෂයාත්මක තැනකින් විනා පුද්ගලික ලෙඩ හරහා නොවන බවයි මගේ විශ්වාසය. මේ සියලුම කෘති තුළ ගේන ශික්ෂණය හරහා ඔවුන් යම් ගුරු කුළයක විශිෂ්ටත්වය මේ පොලොවේ පැලකරමින් ඉන්නවා කියල පේන්න ගන්නවා. ඡායාරූපයක් තියෙද්දි ඡායාරූපයක් වගේ අඳින්නෙ ඇයි කියන ජනප්‍රිය ප්‍රශ්නයට උත්තරේ තමයි ඔවුන් ඒ වැඩේ පමනක් කරන එක ඒ වැඩේට අයිති වැඩක් වීමයි.

ප්‍රගීත් රත්නායක

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...